(ටෝනි කරුණානායක)
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ බව කියමින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ කැලණි ගඟට මායිම්ව පිහිටි අක්කර 16ක මල්වාන ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (20) නියෝග කළාය.
එම ඉඩම බැසිල් ඇතුළු තිදෙනාට අයත් නොවන බව කීමෙන් පසු අධිකරණය එය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම නියෝග කර තිබූ අතර එම ඉඩම හා දේපොළ රජයට පවරාගෙන මහජනතාවගේ සුබ සිද්ධීය උදෙසා පරිහරණය කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් සිටින බවට නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම්දී ඇති හෙයින් එම නියෝගය නිකුත් කෙරිණි.