(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතාට කැත්තකින් පහරදිමට තැත් කළ බව කියන පුද්ගලයෙකු අග්බෝපුර පොලිස් වසමට අයත් අග්බෝගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මන්ත්‍රිවරයා රැගත් වාහනය එළුවන් සමූහයක් මැදින් ධාවනය වීමෙන් එළුවන් කුලප්පුවීම නිසා කෝපයට පත් එළුවන් දක්කාගෙන ගිය පුද්ගලයා බීමත්ව පහරදීමට තැත්කර ඇති බව මන්ත්‍රීවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පැවසුවේ මන්ත්‍රීවරයා සමඟ පැමිණි පිරිසක් තමන්ට පහරදුන් බවත් ඒ හේතුවෙන් තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගනිද්දී පොලිසියෙන් පැමිණ අත්අඩංගුවටගත් බවත් ය.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා එම පහරදීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ කැත්තක් රැගෙන තමන්ට පහරදීමට පැමිණි පුද්ගලයා තම ආරක්ෂක නිලධාරීන් විසින් මෙල්ල කළ බවය.
ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කන්තලේ මහේස්ත්‍රාත්අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අග්බෝගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.
දැනට වසරක පමණ කාලයක සිට සිංහරාජය වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලීන් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු පමණක් බව සිංහරාජ වන ජීවී කාර්යාලයේ වනජීව
2024 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් තීරණ තුනක් ගෙන තිබේ.
රජයේ පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පාසල් පෙළපොත් සහ නිල ඇදුම් සදහා රෙදි නොලද පාසලක් වේ නම් ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස විදුහල්පති
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළොන් බැංගලෝර් බලා අද (19) අළුයම ගුවන්ගත කළ ගුවන්යානයක් විනාඩි 40 ක පමණ කාලයකින් පසුව නැවත ගොඩබැස්සූ බව එම ගුවන්
මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක පුටුවට පැමිණි පසු දේශපාලන සබඳතාවලින් මිදුනේ නැතිව කටයුතු කිරීම ඔහු කරගත් විශාලතම වරද බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේට කැත්තකින් කොටන්න යයි
Raveendra Monday, 21 January 2019 07:28 AM
අපගේ මතකය නිවැරදි නම් අඟල් 5 ඇණ සිහියට අාවා...
KANDEPOLAMonday, 21 January 2019 07:52 AM
ඇයි නාලන්ද එල්ලාවල ඝාතනය?
ධනුෂ්කMonday, 21 January 2019 11:33 AM
එ් කාලේ තක්කඩි වැඩ කරපු ගොඩක් අයට. මේ අාත්මය තුළදීම ස්වභාවධර්මය විසින් දැඩි දඬුවම් ලබා දුන්නා. සමහරු බෝම්බ වලින් කුඩුපට්ටම් වෙලා ගියා. මෙතනත් හෙඩ්ලයින් එක දකිද්දිම එකපාරම හිතුනේ මෙතුමටත් කලකම් පල දීලා කියලා. පස්සෙයි දැක්කේ තාම නෑ කියලා
Amila Monday, 21 January 2019 07:50 AM
අනිවා ඒ අහිංසක මනුස්සයා මේ මදාවි මන්ත්‍රී ගහන්න ඇති. මාධ්‍ය පොඩ්ඩක් හොයලා බලන්න. මොකද මෙයාගේ ඉතිහාසයේ එච්චර හොඳ නෑනේ...
ජයන්ත මිලානෝ Monday, 21 January 2019 07:55 AM
අඟල් පහේ පරාල මොනවද? ඊට වඩා දේවල් මෙතුමා කරලා තියෙනවා... ඇයි මගේ මතකයේ හැටියට කතානායක තුමාගේ බෑණා වෙන්න හිටිය කෙනාවත් මෙතුමා... අනේ මන්දා නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. අනේ අහිංසක එලුරාල...
Hafeel Monday, 21 January 2019 07:57 AM
නාලන්ද එල්ලාවල ඝාතනයත් මතකයට එනවා.
wedage Monday, 21 January 2019 08:04 AM
පහත් තැනින් යයි ගලා ජලේ වේගයෙනි පහාත් තැනින් යයි ගලා ජලේ
hemantha Monday, 21 January 2019 08:12 AM
දේශපාලකයන්ට ඕනෑම බොරුවක් ගොතලා පොලිසියට කියලා සාමාන්‍ය මිනිස්සු අත්අඩංගුවට ගන්න පුළුවන්.
Buddika Monday, 21 January 2019 08:19 AM
අහිංසක මිනිහෙකුට බොරු චෝදනා කරන්නේ කවුරු කියලා හිතාගෙනද? ත්‍රිමාවිතාන, නාලන්ද එල්ලාවල කොහොමද මැරුණේ? ඇණ ගහලා, සිගරට් කොටවලින් පුච්චලා, රත්නපුර බස් ස්ටෑන්ඩ් එකේ ඇදගෙන ගියේ කව්ද? මුන්ට හෙණ ගහන්න ඕනේ...
ජයන්ත මිලානෝ Monday, 21 January 2019 08:23 AM
ගම් පාරවලින් යනවිට ඕනෑම සංවර රියදුරකුම දන්නවා එලු හරක් පට්ටි පාරෙ යනවිට කොහොමද වාහනය හසුරවන්නෙ කියලා.
Hafeel Monday, 21 January 2019 11:23 AM
අනික ආරක්ෂක නිලධාරීන් ඉඳිද්දී කව්රුහරි මෙහෙම කරාවිද?
nihal Monday, 21 January 2019 08:44 AM
ඇග තිබුනට මොලේ නැත්නම් මොකද කරන්නේ
mahinda Monday, 21 January 2019 08:51 AM
මීලග මැතිවරනයේදී ත්රීකුණාමලයෙන්ම ඉහල මනාපය දී පාර්ලිමේන්තුවට එවන්න
Saranapala-Kuruwita Monday, 21 January 2019 09:22 AM
ලෝක කපටියෙක් සහ රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මොහුගේ මස්සිනාට ත්‍රිකුණාමලයෙන් මුහුද අයිනේ රජයේ ඉඩම් නොමිලේ ලබාදීලා තියෙනවා. වගකිව යුත්තන් සොයා බලන්න...
dias Monday, 21 January 2019 11:23 AM
මේවගේ මැරයෝ තමා අද පාර්ලිමේන්තුවට රිංගලා ඉන්නේ. ඉතින් රටට සෙතක් වෙයිද?
Sumal Monday, 21 January 2019 11:38 AM
නාලන්ද වගේ වැදගතෙක් නැති වුණා. රටට ලොකු හානියක් වුණේ...
Saman Monday, 21 January 2019 03:28 PM
මෙයානම් හරිම අහින්සකයි.
nihal Tuesday, 22 January 2019 04:57 AM
හලෝ සුසන්ත තමුන් මන්ත්‍රී උනේ ජනතාවට සේවය කරන්නද ....ජනතාවගෙන් සේවය ලබන්නද ..........ඒ රටේ මැතිවරු තනිකර කෙලින්නේ පිස්සු ......