IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් සහිත විරෝධතා ලිපිය ජනපතිට යවයි

 ( රොමේෂ් ධනුෂ්ක සිල්වා ) 


අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට, මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් ලේඛනයක් සහිත ලිපියක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජනාධිපතිතුමා වෙත යොමු කරන බව කතානායක මාධ්‍ය ඒකකය පවසයි.


 විශ්වාස භංග යෝජනාවේ පිටපතක්ද  මේ සමඟ දක්වා ඇති අතර   සභාවේ තීරණය ව්‍යවස්ථා  විරෝධී බවට ද එහි දක්වා ඇත. 


 එම අත්සන් ලේඛනය  සහිත ලිපිය පහත දැක්වේ.

 

 

 



අදහස් (44)

මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් සහිත විරෝධතා ලිපිය ජනපතිට යවයි

රොහාන් දයාදර පැරිස් Wednesday, 14 November 2018 10:09 AM

ගරු කතානායකතුමනි, එහෙනම් බහුතරයක් ඇති කණ්ඩායමේ නායකයාට අගමැති ලෙස කටයුතු කිරීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සාධාරණය කොට රටට, ලෝකයාට ආදර්ශමත් ලෙස නීතියේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ යන වග ඔප්පුකර අපේ රට අපකීර්තියෙන් කඩිනමින් බේරාගන්න..!!!

:       9010       4399

nisar Wednesday, 14 November 2018 10:12 AM

සිංහල යෝජනාවට දෙමලෙන් අත්සන් කරලා...

:       1062       4327

DahamWednesday, 14 November 2018 10:53 AM

ඉතින් වැරද්දක්ද? උඩරට ගිවිසුමට 1815 දී අපේ සිංහල නිලමේවරු දෙමලෙන් අත්සන් කලේ, පොඩ්ඩක් බලන්න අන්තර් ජාලයෙන්වත්...

:       0       0

gawusWednesday, 14 November 2018 11:47 AM

නිසාර් ඉංග්‍රීසියෙන් අත්සන් කරලා තියනවා.. එ්ක දැක්කේ නැද්ද? අත්සනට භාෂාවක් ඕනේ නෑ. ඇඟිලි සලකුණත් තියන්න පුළුවන්

:       2507       1286

padminiWednesday, 14 November 2018 12:04 PM

nizar, ඔබේ දැනුම ගැන පුදුමයි

:       518       389

nisarWednesday, 14 November 2018 12:50 PM

මේක එකම ලිපියට අදාලයි කියන්නේ කොහොමද? පිටු අංක නැහැ. එකපිටුවකට එක භාෂාවක්. නාම ලැයිස්තුවේ අංක කිසි පිළිවෙලක් නැහැ. සමහර පිටුවල දිනය නැහැ. සමහර පිටු මුද්‍රණය කරලා වගේම පෑනෙනුත් ලියලා. යෝජනාවේ සමහර වචන මකලා. උසාවියට ගියා නම් මේකත් පරාදයි..

:       0       0

sandy123Wednesday, 14 November 2018 02:33 PM

අත්සන කියන්නේ අනන්‍යතාවයක්. එ්කට සිංහලද, දෙමළද, ඉංග්‍රීසිද, ජපන්ද කියලා වැඩක් නැහැ. මෝඩ කම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා.

:       89       437

AnandaRWednesday, 14 November 2018 04:03 PM

නිසර් ඔබ ගැන කණගාටුයි.

:       0       0

NalakaWednesday, 14 November 2018 07:29 PM

අත්සනට කොහෙද භාෂාවක්?

:       0       0

නාමල් කුමාර Wednesday, 14 November 2018 10:18 AM

සිරිසේන ජනාධිපතිතුමනි, ඔබගේ මීලග තුරුම්පුව කුමක්ද? නම්බුපිටින් ඉල්ලා අස්වීමද?

:       3785       4423

Ajith kumaraWednesday, 14 November 2018 10:52 AM

රට බේරාගත් අයද? රට පාවාදුන් බැංකු හොරුන්ට කියලා ජනමත විචාරණයක්.. ඒ ක්‍රමය හොඳ නැද්ද? සල්ලි බෙදා ගත්තු අයගේ ඡන්දෙට වැඩිය.

:       0       0

nimal Wednesday, 14 November 2018 10:31 AM

නිසාර් එක එක භාෂාවේ ලිපිවලට ඒ භාෂාවෙන් වෙනම අත්සන් නැහ අත්සන් තියෙන්නේ එකයි. පාස්පෝට් දෙක තුන තිබුණ සමහර අයට අත්සන් දෙක තුන ඇති හැබයි ඒක වැරදියි.

:       2307       642

gunarathna Wednesday, 14 November 2018 10:48 AM

ජනාධිපතිතුමනි, ඔබගේ ගැසට්ටුව අධිකරණයෙන් තහනම් කර නොමැත. තාවකාලික අත්හිටුවීමක් කරලා තියෙන්නේ... වැඩි දුර විභාගය සඳහා. ඒ අනුව මේ ගැසට්ටුව තවමත් පවතින්නේ ක්‍රියාකාරී තත්වයේ. මෙය වලංගුද අවලංගුද යන්න ප්‍රකාශයට පත්කරන්නේ දෙසැම්බර් මාසයේ... එතෙක් මෙම ගැසට්ටුව වලංගු බව මම හිතන්නේ... එබැවින් පාර්ලිමන්ට් විසුරුවීම තවමත් වලංගුවේ. මේ නිසා කැබිනට් එක අනිකුත් සියලුම දේශපාලකයන් සාමාන්‍ය මිනිසුන් බවට පත්වී ඇත. {තීන්දුව ප්‍රකාශයට පත් කරනතුරු} මේ නිසා මෙම පුද්ගලයින්ට පාර්ලිමන්ට් එක තුළින් දෝෂාභියෝගය ඉදිරිපත් කිරීම නීති මගින් අවසරයක් නැත. මෙය සියලුම පක්ෂවල නියෝජිතයින්ට වලංගුය. හේතුව මොවුන් මනත්‍රීවරු නොවන බැවිණි.

:       0       0

Nimal Wednesday, 14 November 2018 10:53 AM

අනේ අපොයි අපි ඡන්දේ දීලා යවලා තියෙන්නේ මේ වගේ අයට ද ? හරියට පිළිවෙලකට නාමලේඛනයක්වත් හදාගන්න දන්නේ නෑ නේ.

:       0       0

Amila Rome Wednesday, 14 November 2018 10:56 AM

නිසර, හැමදේම වැරදියට ජාතිවාදෙ ලෙස බලන්න එපා. ඕකෙ නමුත් , ආසනුත් වැඩි හරියක් තියෙන්නේ ඉංග්‍රීසියෙන්..

:       0       0

Perera Wednesday, 14 November 2018 10:56 AM

ඡන්දයක් අාවහම අපි ඔයගොල්ලෝ ගැන බලාගන්නම්...

:       0       0

Amila Wednesday, 14 November 2018 10:58 AM

නිසර, ඔයාට වැඩි හරියක් ඉංග්‍රීසි වලින් තියන්න.. නමුයි, ආසනුයි පැන්නද?

:       0       0

KAMIL Wednesday, 14 November 2018 11:01 AM

ලෝක ඉතිහාසයේ බිහිවූ මේ විධායකයා විග්‍රහ කරන්න සිංහල හෝඩියේ අකුරු 62 සහ ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 යන දෙකම එකතු කළත් මදි නිසා මම නිහඬ වෙමි...

:       0       0

දිලුම් Wednesday, 14 November 2018 11:02 AM

අපේ රටේ අයටත් උතුරු දෙමලුන්ටයි, නැගෙනහිර තම්බින්ටයි දෙනකම් නිවනක් නෑ. දැන් ආයෙත් රනිල් ඇවිත් මේ අත්සන් කරපු අයගේ පොරොන්දු ඉටු කරනකොට මේ රටේ ජනතාවට ඇටිකෙහෙල් කාපු රිලව් ටික වගේ ඉන්න වෙන්නේ... අනේ මේ හැත්ත මේ රටත් අපිත් ඔක්කොම කනවා. මේ අය මේ අත්සන් කරලා තියෙන්නෙත් රටට ආදරේට නෙමෙයි, මේ අයගේ බඩවියත වඩාගන්න... අපේ රටේ නීතිය කිය කියත් නටන්නේ නාඩගම්... රනිල්ටවත් අන් කාටවත් අපේ මහජන බහුතරය උරගා බැලුවා නම් පෙනෙයි ජනතා බහුතරය. ඒකයි වටින්නේ නැතුව මේ සල්ලිවලට විකිනෙන කාලකන්නින්ගේ බහුතරයෙන් වැඩක් නෑ.

:       0       0

T.Bandara Wednesday, 14 November 2018 11:03 AM

නියමයි...

:       0       0

iron Wednesday, 14 November 2018 11:04 AM

අංගොඩ ඉන්න ඕනෑඅයට විධායක බලය දුන්නම ඕක නෝමල්...

:       2773       3015

බද්රානි Wednesday, 14 November 2018 11:09 AM

ඒක නෙමේ අනේ.. කෝ අර මෙතන පිනුම් ගහපු නීති විශාරද ගොඩ පෙරකදෝරු අයියලා රැල කිසිම සද්දයක් නැහැනේ... නොනවතින ශාරීරික අවශ්‍යතාවයකට කැළයට වත් රිංගලද?

:       2621       2624

Sapumal.Thursday, 15 November 2018 02:13 AM

ඔබතුමිය කී දේ හරියටම හරි.

:       0       0

jagath Wednesday, 14 November 2018 11:18 AM

මේ වැඩෙන් මට හැඟෙන්නේ හිටපු විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මුළු රාජපක්ෂ පරම්පරාවගෙන්ම පළිගත්ත කියාය.. හිතාමතා රාජපක්ෂවරුන් දේශපාලනයෙන් කුජීත කළා කියලා මට මේ ක්‍රියාවෙන් හිතෙනවා ...!!!

:       2352       1414

kapilaWednesday, 14 November 2018 12:10 PM

ඇත්තටම ඔබ හරි ජගත්... රජෙක් වගේ ඉන්න තිබ්බ මහින්ද මැතිතුමාව නැති කරලා පාරට ඇදලා දැම්මේ එතුමා වටේ හිටපු මේ රැල සහ පවුලයි. අදටත් අපි ගරු කරන, ආදරේ කරන මේ මනුස්සයව නැති කර‍ල‍ා දැම්මා. මේකට මේ රැල එක්ක, පාක්ෂිකයෝත් වග කියන්න ඕනේ. හැමදේටම හුරේ දාන, රතිඤ්ඤා පත්තු කරන, කිරිබත් උයන අය වග කියන්න ඕනේ.

:       2436       1228

රවින් Wednesday, 14 November 2018 11:34 AM

පාලකයිනි...! මුළු ලෝකයේම ඇස් අපි දිහා ඔරවාගෙන ඉන්න වෙලාවේ කරුණාකර කල්පනාකාරීව ක්‍රියා කළොත් තමයි හොඳ... අපි අද, හෙට මැරිලා ගියත් අපගේ මුනුබුරු, මිනිබිරියන්ට ප්‍රෞඩත්වයෙන් යුතුව ජීවත් විය හැකි රටක් ඉතිරි කර ගියොත් තමයි වඩාත් සුදුසු වන්නේ...

:       0       0

samank Wednesday, 14 November 2018 11:45 AM

ජනතාවගේ විමුක්තිය, දේශප්‍රේමය, විකුණා ලබා ගත් ඩොලර් වලින් මිලට අත්සන් 122 යි.

:       3219       3680

Kumara Wednesday, 14 November 2018 11:48 AM

ජනාධිපති පුතාලට අගෞරව නොකර ගෙදර යනඑක තමයි හොඳ... පුටුව ගෙනාපු ජයවර්ධන මහත්තයටත් හොඳයිනේ ඔය වැඩේ..

:       523       55

sanju Wednesday, 14 November 2018 12:20 PM

මහින්ද කියන්නේ රජෙක්, මන්ත්‍රී, ඇමති, අගමැති දෙවරක් ජනපති, එළඟට මැදමුලන ජනේලේ, ආයෙම මන්ත්‍රී, අගමැති? දැන් නැවතත් මන්ත්‍රී.. බලුවෙන්නේ නැතිව අනෙක් ජනාධිපතිලා වගේ ගෙදර ගියානම් මේ කිසිවක් නැහැ. එල්ලිලා හිටියේ නැත්නම් කොහොමද බේබිලට හෙටක් හදන්නේ...

:       0       0

Maraya Wednesday, 14 November 2018 12:20 PM

මෙය ලේඛනයක් පමණී පාර්ලිමේන්තු ඡන්දයක් නොවේ. ඡන්දයක් අත තිබ්බේ නෑ.

:       0       0

kamali Wednesday, 14 November 2018 12:25 PM

මේ වැඩෙන් මට හැගෙන්නේ හිටපු විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මුළු රාජපක්ෂ පරම්පරාවගෙන්ම පළිගත්තා කියාය.. හිතාමතා රාජපක්ෂවරුන් දේශපාලනයෙන් කුජිත කළා කියලා මට මේ ක්‍රියාවෙන් හිතෙනවා...!!!

:       0       0

ගල්කටස් Wednesday, 14 November 2018 01:01 PM

122 බැරි නම් 150ක් හරි කමක් නැහැ... හදාගන්න අාණ්ඩුවක් හදාගන්න දෙන්න. 07 වෙනිදාට පස්සේ එදාට තීන්දුව ජනාධිපති හරි වුනොත් එහෙම තව ලොකු ප්‍රශ්න වැලක්. දැනට ඔහොම යං 7 වෙනිදාට පස්සෙ බලය ලබාගැනීම තමයි වටින්නේ. ⁣කොහොමටත් අැමරිකාවේ ඉන්නවනේ... බයවෙන්න දෙයක් නැහැ. සිංහලයින්ට හෙන ගහනකම් තමා උන් බලාගෙන ඉන්නේ. ජනතාවගේ බලය ගන්න එන්නෙ නැතැයි... කවදා හරි එදාට බලමු .

:       668       674

කමල්Wednesday, 14 November 2018 02:34 PM

සිංහලයව බේරා ගැනීමට ඇවිත් තියෙන්නේත් ඇමරිකාවේ පුරවැසියෝ නේද? මට තාම තේරෙන්නේ නැත්තේ සිංහල මිනිස්සු වැඩිහරියක් කැමති ඇමරිකන් සුද්දන් වගේ ඉන්නද නැත්තං ආරිය සිංහල විදිහට ඉන්න කියලද?

:       2272       599

banda Wednesday, 14 November 2018 01:01 PM

ජනාධිපතිතුමනි, ඔබතුමා ගෙදර යන්නේ කවදාද? විලිලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි නම්බුපිටින් පල්ලම් බහින්න.

:       3274       3328

sandy123 Wednesday, 14 November 2018 02:36 PM

අහෝ දුකකි. බස් හෝල්ට් එකකි....

:       42       24

Asanka Wednesday, 14 November 2018 03:12 PM

අද (14) වෙච්ච දේවල් වලින් කරුණු කිහිපයක් පැහැදිලි වෙනවා. 1.ජනාධිපති සිරිසේන නීතිවිරෝධී, ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු නොකරන කෙනෙක් බව. එබැවින් වහාම ඔහු එම ධුරයෙන් පහ කළ යුතු බව. එය සිදු නොවන බැවින් ලැජ්ජාවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතු බව. 2. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා බලයට කෑදර බව නිසා සවුත්තු වීම. මෙසේ සඳහන් කරන්නේ සිරිසේන දුන්නු අගමැති ධුරයේ නීත්‍යානුකූල බව සොයා බලන්නේ නැතුව බාර ගත්ත එක... ඔහුට හදිස්සි නොවී හරි වෙලාව එනකන් ඉන්න තිබ්බා. එ් වුණාට බලයට තියෙන කෑදරකමට ඒක ගත්තා. 3. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ජනතා සහයෝගය මුළුමනින්ම තිබෙන බව. 4.රනිල්ට පාර්ලිමේන්තුව ඇතුලත බලය තිබුණද ජනතා බලය නොමැති බව. 5.JVP තමන්ට තිබුණු ඡන්ද ටිකත් නැති කර ගත් බව. 6.රටට විදේශ මැදිහත්වීම් දරුණු ලෙස තිබෙන බව. අද පාර්ලිමේන්තුවට පැමිණි විදේශ තානාපති නියෝජිතයින්ගේ පැමිණීමෙන් මේ බව මොනවට පැහැදිලි වේ.

:       0       0

Asanka Wednesday, 14 November 2018 03:13 PM

රටේ මන්ත්‍රීන්ගේ නරක හැසිරීමෙන් රටට විශාල අපකීර්තියක් ලැබුණු බව. විශේෂයෙන්ම රාජපක්ෂවාදී මන්ත්‍රීන්ගේ හැසිරීම අන්තිම පහත් තත්වයක පැවතීම හා එම හැසිරීම තානාපති නියෝජිතයින්ද දැකීම. මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා වටේ සිටින්නේ රසිතියාදු කාරයින් පිරිසක් බව මොනවට පැහැදිලි වීම. 8.UNP එක රනිල් ඇතුළුව සංවර ලෙස හැසිරීමට වග බලා ගැනීම. මෙයට හේතුව ඔවුන් තානාපති නියෝජිතයන්ගේ පැමිණීම කල් තිය දැන සිටි බැවිනි. 9.සියලුම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිටත ලොබි එකේදී මිත්‍රශීලිව හැසිරීම. එනමුත් ඔවුන්ගේ අධාරකරුවන් නිල්, කොළ, රතු ලෙස බෙදී හරකුන් ලෙස පාර්ලිමේන්තුව පිටතදී හැසිරීම. 10.රතිඥ්ඥා හා කිරිබත් වලට ගිය වියදම අපතේ යාම. 11.රටේ මිනිස්සු හරකුන් සේ නැවතත් මේ අපරාධකාරයින්ටම නැවත නැවතත් බලය ලබා දෙන එක නිසැක බව. 12.2020 වෙද්දී රටක් නැති බව. 13.ලංකාවේ මිනිස්සු සහ ඔවුන්ගේ අනාගත පරම්පරාවලට අබසරණයි බව. මම මේ කියන කරුණු වලට ඩිස්ලයික් වැටෙයි. හැබැයි මගහරින්න බැරි සත්‍යය එයයි.

:       0       0

wasantha Wednesday, 14 November 2018 05:09 PM

මේක මුලින් මම දැක්කේ නොවැම්බර් 02 දා අත්සන් කරපු නියම මුල් පිටපත. එත් මෙතන තියෙන්නේ දිනය වෙනස් කල පිටපතක්.කවුරු අගමැති උනත් අපේ රටට යහපතක් වෙනවනම් ඒ ඇති. පුලුවන්නම් අයෙමත් සාධාරණ ඡන්දයකින් පත්වෙන්න කියන්න,

:       0       0

PA - RA Thursday, 15 November 2018 02:58 AM

බල තණ්හා, බඩ වඩා ගන්නෝ, රට ජාතිය වනසන්නෝ, ආත්මාර්ථ කම්යෝ. කපටියෝ, බොරු කාරයෝ, අනුන්ගේ ඡන්දයෙන් ඉදිමෙන්නෝ, මහජනතාවට කරදර කාරයෝ .

:       0       0

Saman Thursday, 15 November 2018 03:26 AM

සිදුහත් කුමරා උපතේදි කිව්ව " අයමන්තිමා ජාතී නත්ථිදානී පුනබ්භවෝ" කියල.. ඒ වගේ මෙයා 2015 දී කිව්ව " මේ මාගෙ පලවෙනි සහ අන්තිම ජනාධිපති කමයි, මම නැවත මේ පදවියට ඉල්ලනෙ නෑ " කියල. අවුරුදු තුනයි ඉඳගෙන හිටියෙ කොහොමද රසේ ?.. තවත් 'මුගාබේ' කෙනෙක් වුනා එහෙනම්..

:       27       118

Susil Thursday, 15 November 2018 03:26 AM

ගිය සැරේ ඔබ කියපු `රනිල් සහ ඔබ අතර සංස්කෘතික වෙනසක් `තියෙනවා කියන එකනම් ඇත්ත. ඒක තමයි ඔබට නැති `උගත්කම` සහ `රාජ්‍යතාන්ත්‍රිකභාවය`.

:       15       200

Saman Thursday, 15 November 2018 03:31 AM

අලුත් ව්‍යවස්තාවක් හදනකොට ගොඩක් සත්තුන්ගෙ නම් දාන්න වෙනව, මොකද, සමහරු සමණලයින්ට කැමති නෑ, අලින්ට කැමති නෑ, මාපිලුන්ට කැමති නෑ.. එහෙම වුනාම ව්‍යවස්ථා ප්‍රශ්න එනවා.

:       0       14

Pubudhu Thursday, 15 November 2018 03:34 AM

කෝ , දැන් අර ඝාතන ප්‍රයත්නය නැතිවෙලාම ගියානෙ.

:       20       36

දිල්මු Thursday, 15 November 2018 03:37 AM

අනේ මන්ද මේ රටේ මිනිස්සුන්ගෙ අදහස්. රටට හෙන ගැහුවත් කමක් නෑ ‍වගේ කථා කරන්නේ. මං මහින්ද හො රනිල් වාදියෙක් නෙමෙයි. ඒත් අපි හැමෝම දැක්ක මේ ආණ්ඩුව ගිය විදිය අනුව රටේ අනාගතයක් නෑ කියල. ඉතිං ඒක වෙනස් කරන්න හදද්දී ඇයි මේ විකාර (මං අදහස් කලේ ජන්දය ගැන මිසක් අගමැති පත් කිරීම නෙමෙයි). ඔක්කොම වෙනකම් බලා ඉදල හූල්ලන්න වෙන එකද ඒක වෙන එක වලක්වන එකද හොද කියල තේරුම් ගන්න බැරි ඇයි.

:       4       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 176 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 107 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 577 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 610 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 257 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 424 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site