(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
විවාහක යුවළක් කොච්චිකඬේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක මධුසමය ගත කරමින් සිටියදී එම හෝටලයට කඩාවැදුණු මනාලියගේ පාර්ශ්වයේ ඥාතීන් පිරිසක් මනාලයාට පහරදී ඔහු සතුව තිබූ දේපොළ ද පැහැරගෙන මනාලිය ද රැගෙන පලාගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොච්චිකඬේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මනාලයා විසින් මේ සම්බන්ධයෙන් ඉකුත් 19 වැනිදා සවස කොච්චිකඬේ පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මංගල පෝරුවේදී මුදු හුවමාරු කරගත් අවස්ථාවේ මනාලිය විසින් පළඳවන ලද රුපියල් 40,000ක් පමණ වටිනා රන් මුද්දත්, හෝටලයේ බිල ගෙවීමට ළඟ තබාගෙන සිටි රුපියල් 50,000ක පමණ මුදල සහ ජංගම දුරකථනය ද පැහැරගෙන ගිය බවට මනාලයා කළ පැමිණිල්ලේ සඳහන් වන බව කොච්චිකඬේ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පොලිසිය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.
රැකියාවක නිරතව සිටින 25 හැවිරිදි තරුණයෙක් යෝජනාවක් අනුව දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතිව නාරම්මල පොලිස් වසමේ ගමක පදිංචිව සිටින 21 හැවිරිදි තරුණිය සමග විවාහ වී ඇත.
දෙපාර්ශ්යේම ඥාති මිත්‍රාදින්ගේ සහභාගිත්වයෙන් ඒ ප්‍රදේශයේම හෝටලයකදී ජයටම විවාහ මංගල්‍යය පවත්වා ඇති අතර, පසුව මනාල යුවළ මධුසමය ගත කිරීමට කොච්චිකඬේ ප්‍රදේශයේ හෝටලයකට පැමිණ තිබේ.
මනමාලයා තමන් සමග මධුසමය ගත කිරීමට ගිය අවස්ථාවේ ආරාවුලක් ඇති වූ බව කියමින් මනාලිය ඒ බව ජංගම දුරකථනයෙන් කතාකර ඇයගේ පාර්ශ්වයේ අයකුට දැනුම් දී ඇත.
මේ දැනුම්දීම මත මනාලියගේ පාර්ශ්වයේ 10-15ක් අතර පිරිසක් වෑන් රථයකින් මහ රෑ හෝටලයට පැමිණ මනාලයාට පහරදී ඔහු සතු ඉහත කී දේපොළ ද පැහැරගෙන මනාලිය ද රැගෙන පලා ගොස් තිබේ.
පහර කෑ මනාලයා වෛද්‍යවරයකු හමුවට ගොස් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව මේ පිළිබඳව කොච්චිකඬේ පොලිසියට පැමිණිලි කර ඇත.
පැමිණි පිරිස අතරේ සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු හඳුනා ගත් බවට මනාලයා පැමිණිලි කර තිබෙන නිසා ඒ තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
මෙම සැකකාරිය හා සැකකරුවන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ බස්නාහිර උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් මත මිගමුව සහකාර පොලිස් අධිකාරි රෝහණ ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජී.එම්.කේ. ගුණසේකර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මධුසමය දා මනාලිය පැහැරගනී
නුමා Monday, 22 May 2017 09:06 AM
අපොයි.. මෙහෙම දේවල්ද අපේ රටේ වෙන්නේ ... පුදුමෙනුත්..පුදුමයි.
කොබා Monday, 22 May 2017 09:14 AM
යෝජිත විවාහ බොහෝමයක් නරකයි කියන්නේ ඔය නිසා තමයි. වාසනාවන්ත සමහරු මොකක් හරි කරලා බේරිලා යනවා. එහෙම බැලුවම මට නම් පෙනෙන්නේ ටිකක් වියදම් වුනත් මේ මනමාලය වාසනාවන්ත හාදයෙක් බවයි.
Hafeel Monday, 22 May 2017 10:43 AM
එම සිද්ධිය වුණ තැන වගකිවයුතු මහත්වරු හිටියේ නැහැනේ....
රිතික් Monday, 22 May 2017 11:53 AM
එහෙනම් මුකුත් ප්‍රශ්නයකුත් නැතුව ඇති ... නේද?
Lapaya Monday, 22 May 2017 01:07 PM
මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ, උපදෙස් මත, මෙහෙයවීම යටතේ, ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි. අන්තිමට බැලුවහම රාළහාමි කෙනෙක් තමයි සැකකරුවන් අල්ලාගෙන එන්නේ....
sds Tuesday, 23 May 2017 05:47 AM
මනාලියගේ අඩුපාඩුවක් වෙන්න ඇති...
Su Wednesday, 24 May 2017 02:35 PM
ඇයි මනාලයාගේ අඩු පාඩුවක් වෙන්න බැරිද?
ama Thursday, 25 May 2017 04:18 AM
//බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ බස්නාහිර උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් මත මිගමුව සහකාර පොලිස් අධිකාරි රෝහණ ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජී.එම්.කේ. ගුණසේකර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.// මේ කෑල්ල තමයි නිවුස් එකේ හොඳම හරිය. හරියට සමරු ඵලකයක් වගේ.
vihanga madushanka Thursday, 25 May 2017 06:44 AM
යෝජිත යෝජිත විවාහ අසාර්ථකයි කියන එකට හොද උදාහරණයක්.