(ටෝනි කරුණානායක)

පිවිතුරු හෙළ උරුමය පක්ෂ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට අද(19) මිනුවන්ගොඩ පොලිසියේ පෙනී සිටින ලෙසට පණිවිඩයක් යවා ඇතත් ඔහු අද පොලිසිය හමුවේ පෙනී නොසිටි බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

ඉකුත් 13 වැනිදා රාත්‍රියේ මිනුවන්ගොඩදී සිදු වූ කළහකාරී සිද්ධිය වන අවස්ථාවේ එහි  රැඳී සිටියැයි කියන චෝදනා සිද්ධිය සම්බන්ධයෙන් අද (19) මිනුවන්ගොඩ පොලිසියට ඔහුව කැඳවා තිබිණි.

එම පොලිස් පණිවිඩය රැගෙන ඒ මහතා පදිංචි පොලිස් වසම වන රාගම මහබාගේ පොලිස් නිලධාරීන් නිවසට ගිය බවත් එම අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි හෙයින් එම පණිවිඩය මධුමාධව යන අයගේ මවට දැනුම්දුන් බවත් මහබාගේ පොලිසිය මිනුවන්ගොඩ පොලිසිය වෙත දැනුම්දී තිබේ.

පොලිස් පණිවිඩයට අදාළව පොලිසිය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යාමට පොලිසිය නීතිමය උපදෙස් පතා ඇතැයි පවසයි.