තෙරේසා මේ මහත්මිය ඉවත්ව යෑමෙන් හිස්වූ බ්‍රිතාන්‍ය අගමැති ධූරයට බොරිස් ජොන්සන් මහතා පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් මහතා පරාජය කරමින්  වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවක් ලබාගනිමින් බොරිස් ජොන්සන් මහතා කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත්විය.

බොරිස් ජොන්සන් මහතා ඩෝසන් වීථියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද(24) සවස සිය ධූරයේ වැඩ බාරගැනීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට එළිසබත් රැජින ද සහභාගී වන බව බකිංහැම් මාළිගයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

එල්ටන් විශ්වවිද්‍යාලයේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති බොරිස්  ජොන්සන් මහතා 55හැවිරිදි වියේ පසුවෙයි.

බොරිස් ජොන්සන් මහතා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා සමාන දේශපාලන ප්‍රතිපත්ති ඇති පුද්ගලයෙකු ලෙස සඳහන් වේ.
 
(බීබීසී ඇසුරිණි - 085)