IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බුර්කා - නිකාබ් පැළඳ ඡන්ද පොළට පැමිණීම තහනම්

(රංජන් කස්තුරි)

බුර්කා සහ නිකාබ් පැළඳ ඡන්ද පොළට පැමිණීම තහනම් බව මැතිවරණ කොමිසම කියයි.

ඡන්ද පොළේදී ඡන්ද දායකයින් සිය මුහුණු පැහැදිලිව ප්‍රදර්ශනය වනසේ ඇඳුම් පැළඳ සිටිය යුතු බවද එම කොමිසම පවසයි.



අදහස් (18)

බුර්කා - නිකාබ් පැළඳ ඡන්ද පොළට පැමිණීම තහනම්

gamarala Sunday, 10 November 2019 04:11 PM

ඡන්දය දාන්න විතරක් නොවෙයි සියලුම ප්‍රසිද්ධ ස්ථානවල එම ඇඳුමින් සැරසී ඒම තහනම් කළයුතුයි...

:       390       1271

thauficMonday, 11 November 2019 05:07 AM

හොඳ දෙයක්... මැද පෙරදිග සිට දැමූ ඡන්ද 50000ක් ඉවරයි.

:       0       184

Pradeep Sunday, 10 November 2019 04:39 PM

ඡන්ද පොළට පමණක් නොවෙයි.. කිසිම ප්‍රසිද්ධ ස්ථානයකට පැමිණීම වළක්වන්න ඕනෑ. මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක්.. ඉස්ලාමය බිහිවූ රටවල් දැන් දැන් මේවා ඉවත්කරමින් යන යුගයක අපේ රටේ අයට විතරක් මොකද මේ විශේෂ උණක්..?

:       89       1025

Kuma Sunday, 10 November 2019 04:50 PM

කොහොම හරි ඇවිත් මුස්ලිම් අය ඡන්දෙ දෙන්න...

:       153       769

කන්කානම්ලාගේ තම්බි මරික්කාර්Monday, 11 November 2019 04:42 AM

කුමා, 16 වැනිදා උදාවනතුරු මුස්ලිම් වරුන් පුල පුලා බලා සිටින්නේ සජිත්ව ජනපති කිරීමටයි.

:       482       435

රජනිකාන්ත්Monday, 11 November 2019 04:46 AM

බුර්කා සහ නිකාබ් ඇන්දත් නොඅැන්දත් මීළඟ ජනපති සජිත් තමයි..

:       40       24

sunil Sunday, 10 November 2019 06:13 PM

මේ ආණ්ඩුව ලෝකෙට එක් වූ අරුම පුදුම ආණ්ඩුවක්. අදටත් රටේ නිල පොලිස්පති ඉන්නේ හිරේ... ඒත් ඔහුගේ වැඩ තහනම් නැහැ... අනිවාර්ය නිවාඩු යවලා විතරයි.

:       0       0

කපුරුහාමි Sunday, 10 November 2019 07:07 PM

කිසිම තැනකට මේ වගේ ඇඳුම් නුසුදුසු බවයි කියන්න තියෙන්නේ.. කලු ඇඳුමින් මුලු ඇඟම පෙරවාගෙන පාරේ යනකොට පොඩි ළමයි පවා බයවෙනවා...

:       0       0

gamarala Monday, 11 November 2019 01:40 AM

අපි කුඩා අවධියේ දැක්කේ ලස්සනට සාරිය ඇඳගත්ත ඔලුව සාරිපොටෙන් වසාගත් මුස්ලිම් කාන්තාවන්. එය ඇත්තටම ප්‍රියමනාප වුණා. ඇයි දැන් බැරි...? ඔබගේ ලස්සන දැකගැනීමට අනෙක් අයට සැලසීමට මේ කාන්තාවන් දැන් සූදානම් වන්න.

:       0       103

RanasinghaMonday, 11 November 2019 11:18 AM

කාන්තාවන්ගේ ලස්සන අන්‍ය පිරිමින්ට පෙන්විය යුතු නැහැ. ඒ නිසා තමයි අපරාධ වෙන්නේ... කුරානය මගින් ඔවුන්ගේ ආරක්ෂාවට තමයි මෙහෙම ඇඳුමක් දීලා තියෙන්නේ... අඟපසග පෙනෙන විදියට අන්දලා යන කාන්තාවන්ට වෙන දේවල් දකින්නේ නැද්ද? එහෙම මේවා ඉවත් කරන්න මැතිවරණ කොමසාරිස්ට බැහැ.

:       0       0

BamunuarachchiTuesday, 12 November 2019 08:27 AM

එහෙනම් ඡන්දෙ දාන්න එන්න එපා කියන්න. කුරාණයේ නීතිය ඕගොල්ලෝ පල්ලියේ තියා ගන්න. මේක රටේ උවමනාවට එන නීති. ඒකට ගරුකරන්න බැරිනම් ආව රටකටම යන්න.

:       0       0

ශිරෝ Monday, 11 November 2019 03:19 AM

මැතිවරණ කොමිසමේ සභාපතිට තියෙන කොන්ද මේ ආණ්ඩුවටත් තිබුණා නම්...

:       2       169

Dharme Monday, 11 November 2019 04:29 AM

කොමසාරිස්ට බැහැ මුස්ලිම් අයගේ ඇඳුම් ගැන තීරණ දෙන්න. මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්...

:       706       317

PradeepMonday, 11 November 2019 04:59 AM

ඇත්ත ඇත්ත... මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.. සංහිඳියාවට බාධාවක්... මේකට විරුද්ධව අපි නැගී හිටින්න ඕනෑ.. ලෝකයේම අවධානය මේ ගැන යොමු කරවන්න ඕනෑ..

:       41       13

nisar Monday, 11 November 2019 05:40 AM

ඡන්දය ප්‍රකාශ කරන අයගේ ඇඟිල්ලට තීන්ත ගහනවා වෙනුවට මුහුණට තාර ටිකක් ගෑවා නම් හොර ඡන්ද ප්‍රකාශ කරන අය හඳුනාගන්න පුළුවන්...

:       92       9

wasuMonday, 11 November 2019 07:09 AM

මුලින්ම හොර ඡන්දෙනේ දාන්නේ... දෙවනුව ඇත්ත ඡන්දෙ දාන්න එනවා.

:       1       2

Indhika Monday, 11 November 2019 06:45 AM

මම හිතන් හිටියේ 21වෙනිදා සිද්ධියෙන් පස්සේ පොදු ස්ථාන වල බුර්කාව තහනම් කියලයි. බලන් ගියාම අපේ ලොක්ක කටින් විතරයි වැඩ පෙන්නලා තියෙන්නේ...

:       0       57

SuranMonday, 11 November 2019 11:15 AM

එම තහනම හදිසි නීතිය ඉවත්කිරීමත් සමගින්ම ඉවත් වුණා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 132 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1835 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 449 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 979 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 138 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 91 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site