IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


බුදු රුව පච්ච කෙටූ කතට ලක්ෂ 6ක වන්දි

සිය බාහුවේ බුදු රුවක් පච්ච කොටගෙන පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 6ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) නියෝග කළේය.

2014 වසරේදී බ්‍රිතාන්‍ය ජාතික නාඔමි මිචෙල් කොල්මන් නමැති කාන්තාව එසේ අත්අඩංගුවට පත්ව තිබිණි. අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගතියට පත් කාන්තාව වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 5ක් සහ ඉතිරි රුපියල් ලක්ෂය ඇය අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් 50000 බැගින් ගෙවන ලෙසද නියෝග කළේය.

නඩු ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ දෙකක් ද ගෙවන ලෙස ශ්‍රී ලංකා රජයට නියම කෙරිණි.



අදහස් (39)

බුදු රුව පච්ච කෙටූ කතට ලක්ෂ 6ක වන්දි

සිංහවංශ Wednesday, 15 November 2017 11:54 AM

සියල්ලෝ දැනගනිත්වා....! ලංකාව දැන් සිංහල බෞද්ධ රටක් නොවීගෙනයි යන්නේ...

:       1476       538

BamunuarachchiWednesday, 15 November 2017 01:11 PM

ඒ මේ පච්ච කෙටිල්ලනිසාද?

:       82       261

athuraWednesday, 15 November 2017 01:14 PM

මේ සිංහල බෞද්ධ රටේ මිනිස්සුන්ට වැඩිය හොදට යුරෝපා රටවල මිනිස්සු ධර්මය රකිනවා මහත්මයෝ.

:       19       617

mennaSunday, 19 November 2017 11:28 AM

ලංකාව අන්තවාදී රටක් නොවේවා.!!! හැමෝගෙම කටේ තියෙන්නේ බුදු සරණයි කියලා. හරියට නිකන් ඉස්ලාම් මිනිස්සු අල්ලාහු අක්බර් කියන්නා වගේ. පච්චයක් කෙටුවට මිනිහෙක්ව අත්අඩංගුවට ගන්නවා දැක්කහම මට නම් හිතෙන්නේ අයි.එස්. හා සමාන මානසිකත්වයක් තියෙන රටක් හැටියටයි.

:       0       20

darshana Wednesday, 15 November 2017 11:56 AM

ඉතා හොඳ තීන්දුවක්, දූපත් මානසිකත්වයෙන් ඉන්න අයට මෙය පාඩමක් විය යුතුයි. මම දැක්කා කිරිබත්ගොඩ කඩයකට අපු ස්වාමින්වහෙන්සේ කෙනෙක් සපත්තුවල ඇති නැවේ සුක්කානම් ලාංඡනය පෙන්නලා කරපු විකාරයක්....

:       1025       1071

SakwithiWednesday, 15 November 2017 01:00 PM

දර්ශන දුප්පත් මානසිකත්වය ගැන මොනවද දන්නේ?

:       237       117

asadWednesday, 15 November 2017 01:21 PM

මේ මානසිකකත්වය ගැන මොනවද දන්නේ.?

:       29       29

anthonyWednesday, 15 November 2017 04:28 PM

දර්ශන දන්නා දේ තමයි ඔය පැහැදිලිව කියල තියෙන්නේ .. ඔයා මොනවද දන්නේ ???

:       22       210

channa Wednesday, 15 November 2017 06:35 PM

දර්ශන ඔබ හරියටම හරි... ලින් මැඩියන්ට දන්නේ ලිදේ ඇතුලේ තියන පරිසරය විතරයි... ඒ වගේම තමයි දුපත් මානසිකත්වයෙන් පෙලෙන මෝඩයින් හිතන්නේ ලෝකය තියෙන්නේ ලංකාව කියන චුටි දුපත ඇතුලේ කියලා. මම දැකලා තියෙනවා තායි හාමුදුරුවන් එයාලාගේ සිරුරේ බුද්ධ දේශනාවන් කොටාගෙන තියෙනවා.

:       0       6

maheeWednesday, 15 November 2017 09:28 PM

දර්ශන ඔබ හරි. ඒ කාන්තාව කියලත් තිබුන එයා බුදුදහම හදාරලත් තියෙනවා. භාවනා කරන්නත් යනවා කියල. ඒක පැත්තකට දාමු. එහෙමනම්, ධර්ම චක්‍රය යුනිෆෝම් එකට ගන්න එකත් වැරදියි. කුරුසය, ධර්ම චක්‍රය මාලයක් හැටියට කරේ එල්ලගෙන ඉන්න එකත් වැරදියි. අම්ම බුදු වේවා කියල පච්ච කොටාගෙන ඉන්න එකත් අම්මට අගෞරවයක්.

:       0       137

rama Wednesday, 15 November 2017 12:37 PM

මෙහෙම ගියොත් කවුරුත් බුදුරුව පච්ච කොටාගෙන ඒවි !!!

:       202       222

YasithThursday, 16 November 2017 02:18 AM

මිනිස්සු හිතුවට ඔය බෞද්ධ රූපය කියලා ඔය කළා නිර්මාණයක්.....බුදුන් වහන්සේ සාමාන්‍ය හැඩරුවක් තියෙන මනුස්ස රූපයක් සහිත පුද්ගලයෙක්.....කොහේ රූපෙ ගහගත්තම මොකද? අනුන්ගේ කුණු තමන්ගේ කියලා හිතාගෙන වෛර කරන්නේ නැතිව තමන්ගේ හිත පිරිසිදු කරගන්න...නියම බෞද්ධත්වය මෙයයි....

:       0       39

prabash Wednesday, 15 November 2017 01:28 PM

ගොඩක් හොඳයි.. එයට ඕනෑ කමක් තිබුණානම් එයාගේ ආගමක කෙනෙක්ගේ පච්චයක් කොටන් එන්න තිබුණා. ආගම කෙලසන අයට දඬුවම් දෙන්න ඕනෑ..

:       273       131

ෂෙරීන් මෙන්ඩිස්Monday, 20 November 2017 11:11 AM

පළමුව යමක් කියවා තේරුම් ගන්න ඉගෙන ගන්න. පසුව ප්‍රතිචාර දක්වන්න.

:       0       0

Sajith Wednesday, 15 November 2017 01:41 PM

ලංකාවේ හයි කොමිෂන් එකෙන් හරි වීසා අයදුම්පතේ හරි ගහල තියෙනවද මේ ගැන යමක්?

:       22       242

H.S.Kuruwita Wednesday, 15 November 2017 02:40 PM

රාලහාමිලා දෙන්නගේ දඩගෙවන්නත් පිණ්ඩපාතයේ යන්න වෙයිද?

:       27       105

nalin Wednesday, 15 November 2017 02:51 PM

මම හරි කැමැතියි ලංකාදීප පත්තරේ කමෙන්ට්ස් කියවන්න. බුද්ධාගම රකින්න ඉන්නවා මිලියන ගාණක්... නමුත් බුද්ධාගම අනුව ජීවත්වෙන්න කාටවත් ඕනැ නැහැ. බලන්නකෝ රචනාවේ හැටි...

:       3       299

frank Wednesday, 15 November 2017 03:15 PM

දැන් නඩුකාරයොත් හිතන්නේ යහපාලනයේ අයියලාට ඕන විදියටයි. කෝ අධිකරණයේ ස්වාධීනත්වය. මෙහෙම ගියොත් බෞද්ධයින්ට මුහුදේ පැනලා මැරෙන්නයි වෙන්නේ...

:       324       311

HARDLY Wednesday, 15 November 2017 03:17 PM

ඔය කට්ටියම අවීචි මහා නරකාදියේ වැටිලා කල්ප ගණනක් විඳවයි..

:       171       151

නාරදThursday, 16 November 2017 01:51 AM

කවුද නරකාදියේ වැටිලා ඉඳලා ආපු කෙනෙක්ද කිව්වේ?

:       35       25

PA-RA Wednesday, 15 November 2017 03:21 PM

ඒක එයාගේ ශරීරය... ඒක ලංකාවට වලංගු නැහැ. අපි කැමතිත් නැහැ. එහෙම නම් එයාව වෙන රටවල වගේ අනික් පැත්තකට යවන්න ඕනෑ. නමුත් පොලිස් රාළහාමිලා නීතිය අභිබවා ගිහින් ඇදගෙන නාලා.. ඔවුන්ට වඩා මෙය ආගමන විගමන නිලධාරීන්ගේ රාජකාරියකි. දැන් වන්දි ගෙවලා නීතිය කාගෙන් හරි අහලා නීතිය සහ සාමය දැනගන්න.

:       167       287

Senevi Wednesday, 15 November 2017 03:36 PM

බුදුහාමුදුරුවන්ගේ රූප හැම තැනම... නමුත් සැබෑ බුදුහාමුදුරුවෝ නම් කොහෙවත් නෑ.

:       18       94

Nandalal DE SILVA - France Wednesday, 15 November 2017 03:37 PM

මැද පෙරදිග රටවල අදහන ආගමික ශාස්තෘවරයෙකුගේ රුවක් සිය බාහුවේ පච්ච කොටා ගෙන සංචාරකයෙක් එවැනි රටකට ඇතුල්වීමට උත්සාහ කලානම් එයාට ආපහු යන්න වෙන්නේ බාහුව නැතුවයි! ආගමික නායකයන්ගේ පිළිරූ, පච්ච, නාන ඇඳුම් ආදිය වෙළඳ භාණ්ඩ නොවෙයි. මා පදිංචි මේ රටේ බුදුරුව, පිළිම ආදිය වෙළඳ භාණ්ඩ හැටියට විකුණන අවස්ථා එමටයි ....

:       192       167

niliminiWednesday, 15 November 2017 04:30 PM

ඒකනේ. ඔබ පදිංචි රටටද මැද පෙරදිගටද මිනිස්සු යන්න වැඩියෙන් කැමති. බොදු අයම තමයි ලංකාව තව මැදපෙරදිගක් කරන්නේ.

:       16       78

බද්රානි Wednesday, 15 November 2017 04:58 PM

ඒ කියන්නේ, මැදපෙරදිග රටවල මෝඩ අන්තවාදීන්ට අපේ රටේ උදවියත් දෙවැනි නැහැ කියන එක නේද? බුද්ධ දර්ශනය විකුර්ති කලාම දඬුවම් දෙන්න කිසිවෙක් නැති උනාට, නීතිය විකුර්ති කලාම දඬුවම් ලැබෙනවා කියන දේ, මේ ශ්‍රද්ධාව වැඩිකමට ප්‍රඥාව ගිලිහුන නිලධාරීන්ට දැන්වත් අවබෝධ වෙන්න ඇති. ඒත් ඉතින් ප්‍රන්සේ ජීවත් වෙන නන්දලාල් මහත්තයට ඔය ටික අවබෝධ වෙන්න නම් ඉතින්, තව කල්ප ගානක් ගතවෙයි කියලයි මට නම් හිතෙන්නේ.

:       195       181

kamaniWednesday, 15 November 2017 06:39 PM

කොහොමත් මැදපෙරදිග රටවල ඉන්නේ අන්තගාමින්... මොළ සුද්ධ කරලා තියෙන්නේ..

:       8       1

minipe Wednesday, 15 November 2017 04:44 PM

හැම දේකටම ආගම, සංස්කෘතිය හා දේශපාලනය ගාවා ගන්නවා. මේ කාන්තාව බෞද්ධ කෙනෙක් නොවේ,අපි බෞද්ධයෝ මේ වැඩේ නොකළ ඉමු.

:       12       106

kavantissa Wednesday, 15 November 2017 07:07 PM

සමහර උදවිය බුද්ධ රුප දේව රුප පච්ච කොටවා ගන්නවා ආරක්ෂා වශයෙන්. ඒ නිසා සිංහලයා මෝඩයා කියන කියමන බෞදයා හිමිකරගන්ට උත්සාහ කිරීම අවශ්‍යද?

:       0       1

paala Wednesday, 15 November 2017 07:55 PM

මට පොලිස් කාරයෝ දෙන්නට දඩයක් වැදුන එක ගැන තියෙන්නේ අමා සතුටක්. ඒවගේම ශ්‍රද්දව පෙන්වන්න පච්චයක් කොටන්න කාට හරි ඕන නම් එක වරදක්ද?

:       0       7

Shanaka Wednesday, 15 November 2017 10:13 PM

ඉතමත් හොඳ තීන්දුවක්.

:       74       10

ප්‍රීති Wednesday, 15 November 2017 10:18 PM

අර නිල්මිණි කියල තියනවා වගේ මැද පෙරදීයි අපේ රටෙයි ජීවත්වෙන අය අතර වැඩි වෙනසක් නැහැ. එකම වෙනසකට තියෙන්නේ දෙගොල්ලෝ අඳින ඇඳුම් වල වෙනස පමණයි.. මොලගෙඩි ටික නම් දෙගොල්ලන්ගේම එක වගේමයි. ඒ අයට නම් අඩුතරමේ පෙරකළ පිනට දෙයියන්ගෙන් ලැබුන තෙල් ටිකවත් තියනවා විකුණගෙන කන්න. එත් අපේ අයට මහපොළවේ තියන වතුර ටිකත් හිඳිලයි තියෙන්නේ. හිත්වල තියන පව්කාර කම් වලට.

:       0       103

ලක්සිරි Wednesday, 15 November 2017 10:27 PM

ඒ විදේශික කාන්තාව නොදන්නවා ඇති අපේ ඇත්තෝ විනෝදාංශයක් විදිහට නඩු දාන බව. මේක ඉන්දියන් සාගරයේ අමුතු මිනිස්සු ඉන්න අමුතුම රටක් බව මේ විදේශික කාන්තාව දැනගෙන හිටියේ නැද්ද?.

:       0       173

සෙනෙවි Wednesday, 15 November 2017 11:13 PM

මෙය අන්තවාදීන්ට දුන් කදිම පාඩමකි. බුදු දහම ඇත්තේ පිලීම සහ බෝගස් වල යැයි විශ්වාස කරමින් මරාගෙන මැරෙන්න ‍සූදානම් වූවන් දැනගත යුත්තේ මෙම සියළුම පිලීම නෙලීම් බෝගස් වන්දනාව බුදුන් කල නොතිබුන බවයි. බුදු පිලීමයද පසු කලක ආගමික සංකේත යක් වුවද නියම බුදුන්ගේ ස්වරූපයකැයි කිව නොහැක. තමන් කැමති දෙය තමන් කැමති තැනක පච්ච කෙටීම තමන්ගේ අයිතියකි.

:       0       159

raja Thursday, 16 November 2017 12:06 AM

පච්චයක් ගහගන්න යන මුදල ඉතා ඉහල මුදලක්. බුදුරුවක් වගේ සංකීරණ එකකට යන මුදල තවත් වැඩි. අනික පච්චයක් හැටියට තෝරාගන්නේ තමන් හුඟක් ආස , ගරු කරන දෙයක්. ලංකාව මුලදර්මවාදී රටක් නෙවි. බුදුදහම විනාශ වෙන්නේ පච්චයක් හින්දද?

:       0       111

ලුම්බිණි Thursday, 16 November 2017 12:16 AM

මේක අසාධාරණ තීන්දුවක්. බුදු රුව පච්ච කොටාගෙන ඉන්න හාමුදුරුවරු වෙනත් රටවල් වල ඉන්නවා. මේක බුදු හාමුදුරුවන්ට හෝ බුදු දහමට අවමානයක් වෙන්නේ කොහොමද? එහෙම නම් අපේ සමහර හාමුදුරුවරු කරන දේවල් වලට එල්ලුම් ගස් යා යුතු නේද?

:       0       106

Sampath Thursday, 16 November 2017 01:43 AM

මේ මනුස්සයාගේ කැමැත්ත නිසයි මෙහෙම කරන් තියෙන්නේ අපි අන්තගාමී නොවී මැදහත්ව බලමු.

:       0       1

nishantha Thursday, 16 November 2017 02:53 AM

ඔබගේ උත්තරය නම් ඉතාම අගෙයි කාලෝචිතයි ....ආගම් මිනිසා විසින්ම හදාගෙන තම බලය නුවණ ආගමටම පවරා ඊට යටත්ව බයේ ජිවත් වෙයි ...

:       0       0

yaha Thursday, 16 November 2017 03:07 AM

පච්ච කොටන එක පුද්ගලික වැඩක්.ගොන් පාර්ට් දන්නේ නැතුව හිටයනම් ඉවරයි.පිට රටකට ගිහින් බලගත්තනම් හරි මිනිස්සු කොච්චර පච්ච කොටගෙන ඉන්නවද කියල. මේකේ මෝඩ නිකන් වැඩ නැති එවුන් ගොන් කතා දාන එක දැන්වත් නිකම් හිටියොත් හොඳා....

:       0       317

Ranjith Thursday, 16 November 2017 11:17 AM

මේ සියළුම අදහස් කියෙව්වම මට නම් තේරෙන්නේ අපේ රටේ ඉන්නේ තාමත් සුද්දන්ට ඔළුව නවන මිනිස්සු නේද කියලයි. සුද්දිට බුද්ධාගමට එන්න ඕනේ නම් ඒකට කිසිම බාධාවක් නැහැනේ. ඒත් තුන්ලෝකාග්‍ර වූ අමා මෑණී බුදු පියාණන් වහන්සේ තමන්ගේ උරහිසේ පච්ච කොටාගෙන නිදා ගන්නකොට අතට යට කරගෙන ඉන්නේ කොහොමද?. එ් වැඩේ කව්රු කළත් වැරදියි. ආයේ ඒකේ කතා දෙකක් නෑ. ඉතින් මේ වැරදි වැඩේ වැරදි වෙන්න නම් අපේ රටේ නීතිය අපේ රටට ගැලපෙන්න සකස් වෙන් ඕන නේද? නීතිය අනුව ඕනෑම ආගමික ශාස්තෘ කෙනෙකුගේ අනුරුවට සමාන ලෙස අනු රූ උන්වහවන්සේලාට අගෞරවයක් වෙන විධියට භාවිතා කිරීම වැරදි බවටත්, එය දඬුවම් ලැබිය යුතු වරදක් බවටත් නීතියක් එන්න ඕනෑ. ඒ සදහා අවශ්‍ය පසුබිම සැකසීමට මෙම සිද්ධිය යොදා ගැනීමට මේ සිද්ධියේ දී උගත් පාඩම් වෙන්නේ්‍...

:       18       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 43 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 218 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 310 3

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 317 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1550 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 641 1

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 272 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site