(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන්ගේ නිවාස වල තිබී සොයා ගත් අවි ආයුධ තොගය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.

සභානායකවරයා මේ බව පැවැසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමිනි.