(කවිතා සුබසිංහ)
 

 
විසිදෙහැවිරිදි තම භාර්යාව අස්වාභාවිකව අපයෝජනය කර 37 හැවිරිදි වියේ පසුවන ඇයගේ මවට ද අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 37 හැවිරිදි බෑනා අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය කියයි.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනවල පදිංචිකරුවෙකි. 
 
සැකකරුගේ සම වියේ පසුවන නැන්දම්මා විසින් ඉකුත් 18 වැනි දා පොලිසිය වෙත පැමිණ තම  බෑනාට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් මත ගෝනවල පිහිටි සැකකරුගේ නිවසේ දී  සැකකාර බෑනා අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.