IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බැඳුම්කර වාර්තාවේ පිටපත් 26 ක් පාර්ලිමේන්තුවට

බැඳුම්කර ගනුදෙනුවට අදාල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් 26 (ඉංග්‍රීසි) ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් ද, බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද  අද පෙ.ව.11.18ට  ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ  මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙන ලදී.

බැඳුම්කර වාර්තාව - http://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2018/01/CBSL.pdf



අදහස් (17)

බැඳුම්කර වාර්තාවේ පිටපත් 26 ක් පාර්ලිමේන්තුවට

සපුමල් බණ්ඩාර Wednesday, 17 January 2018 08:10 AM

ආයෙත් අපිට ගොන් පොරයක් බලාගන්න අවස්ථාව ලැබෙන්නයි යන්නේ. ප්‍රීතියි....

:       0       106

KamalWednesday, 17 January 2018 11:51 AM

එදා රවී කරුණානායක මහත්මයා මුදල් ඇමතිකමට පත් කරද්දී මම විරුද්ධ වුණා. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව අධිපතිකමට පත් කරද්දී මං විරුද්ධ වුණා. එදා මම කිව්ව දේ ඇහුවා නම් අද මේ ප්‍රශ්න නෑ. හොරකමට දූෂණයට විරුද්ධව මම දිගටම සටන් කරනවා. මට බැනලා ඒවා නතර කරන්න බැහැ. කවුරුවත් මාව විවේචනය කළත් මට කොපමණ පහර ගැසුවත් මගේ ගමන නතර කරන්නේ නැහැ. මාව බය කරන්නත් බෑ. මේ විදියට ආණ්ඩුව කරනවද? නැද්ද? කියලා ඔයාලත් තීන්දු කරන්න...

:       0       0

bamda Wednesday, 17 January 2018 08:47 AM

ඇත්තටම කවුද හොරා...?

:       0       6

manoj Wednesday, 17 January 2018 09:20 AM

අවුරුදු 3 ක් තිස්සේ කස සද්දේ විතරයි. ඉතුරු අවුරුදු 2 දී වත් පෙරහැර යයිද. නැත්නම් කට්ටිය කස විතරක් ගහල ගෙදරම යයිද?

:       57       129

karunasena Wednesday, 17 January 2018 09:21 AM

ඉංග්‍රීසියෙන් විතරද! අපොයි අර සා.පෙ. සමත්වත් නැති 94 මොකද කරන්නේ.!

:       0       24

shelton Wednesday, 17 January 2018 09:30 AM

අපි නොදන්නා ඉංගිරිසි

:       0       1

Muhan Wednesday, 17 January 2018 10:08 AM

පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානි වෙන විදිහට කොමෙන්ට්ස් නොදා ඉඳිමු මචන්ලා...

:       55       0

සපුමල් බණ්ඩාර​Wednesday, 17 January 2018 11:30 AM

ජාතික ධනය කොල්ලකාපු හොරුන්ට නම්බුනාම දීලා කතා කරන්න කියලද මචං කියන්නේ? ආචාර්ය නන්දා මාලනීගේ ගීතයක තියෙනවා, "කසයෙන් තලා හිස පළඳා කටු ඔටුණු.... ජනයා අභිමුවේ උන් නිරුවත් කරනු" කියලා.

:       0       234

RaveendraWednesday, 17 January 2018 12:04 PM

මුහුන් මයා වෙත, ඕනෑම පුද්ගලයකු හිතට එකඟව, අවංකව සේවය කරන්නේ නම් හා පොදුවේ සමාජයේ අන් අයට කරදරයක් වන ලෙස නොසිටින්නේ නම් ඔහු හෝ ඇයගේ පෞද්ගලිකත්වයට සක්කරයාටවත් හානිකල නොහැක. මෙහි සඳහන් "හරකුන්" තමන් විහින්ම තමාව විනාශ කරගෙන ඇති බැවින් අලුතින් මෙම "අම්බරුවන්ගේ" පුද්ගලිකත්වයට හානි කිරීමට අවශ්‍ය නැත.

:       0       42

Bamunuarachchi Wednesday, 17 January 2018 10:19 AM

කස ඉවරවුණු ගමන්ම ආවේ ගිනිබෝල කරුවන් නේද? අපිවත් පුච්චලා ඒ අයත් පිච්චිලා ගියා. මේ අය පෙරහැරවල් කරපු අය නොවෙයි. පෙරහැර ගියපාරේ අලිබෙටි එකතු කරපු අයයි...

:       0       19

බණ්ඩාර -කැකිරාව Wednesday, 17 January 2018 10:31 AM

එතුමාට ආසියාවේ හොඳම මුදල් ඇමති සම්මානය ලබාදුන්නේ මේ මහ හොරකම නිසාද?

:       0       16

RaveendraWednesday, 17 January 2018 11:34 AM

බණ්ඩාර -කැකිරාව මයා වෙත, අපගෙ මවුබසේ "පල් හොරුන්ට, තක්කඩින්ට හෝ මං පහරන්නන්ට " එතුමා යන වැදගත් වචනය භාවිතා නොකරන බව කණගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු. එබැවින් එම වැදගත් වචනයට අපහාස කිරීමෙන් වළකින ලෙස අප ඔබගේ කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

:       0       148

siri Wednesday, 17 January 2018 11:07 AM

සුදනන් කවුද කියා හෙළි කරන ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් කොමිසම පත් කරනවා කිව්ව " ලබන සතිය" එන්නේ කවදාද ජනාධිපතිතුමනි? කතාව වගේම ක්‍රියාවත් වැදගත් වන බව වටහා ගන්න වෙයි. නැත්නම් දැන් ටික ටික පෙනෙනවා වගේ සුද්ධෝදනලා නැතිව දේවදත්තලා වැඩට බහින හැටි..

:       100       26

Raveendra Wednesday, 17 January 2018 11:19 AM

අම්බරුවෝ 37.5 ට එකක අනුපාතයක් වගේ පෙනෙන්නේ.

:       0       42

de silva Wednesday, 17 January 2018 11:26 AM

ඕකේ ඉන්නවා සාමාන්‍ය පෙළවත් සමත් නැති 94... එ් ගොල්ලන්ට ඕක සිංහලෙන් දුන්නත් ඕක කියවා තේරුම් ගැනීමට ධාරණ ශක්තියක් නැත. ඒ ගොල්ලන්ට තේරෙන එකම දෙය" හොරා " යන වචනය පමණි. කරුණාකර බොරුවට කාලය කාදමන්නේ නැතුව පොලිසියට කියන්න ඕක කියවල බලලා සැකකරයෝ අල්ලලා රිමාන්ඩ් කරලා නඩු පවරන්න කියලා..

:       0       61

de silva Wednesday, 17 January 2018 11:59 AM

මනෝජ්, කට්ටිය කස ගහලා පොඩි රෙස්ට් එකක් අරන් හවස් වුණාම ගිනිබෝල ටිකක් කරකවලා ගෙදර යාවි...

:       0       28

Mulguruthumaa Wednesday, 17 January 2018 07:06 PM

විභාග සමත් වූ පමණින් බුද්ධිමත් බව පිහිටන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 6 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 475 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 897 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 653 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1505 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 3008 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site