IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බැංකු සේවිකාවගේ නුවණ නිසා ලක්ෂ 2ක් බේරෙයි

(කේ බුද්ධික කුමාරසිරි )

හෝමාගම විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් පාදුක්ක කුරුගල ග‍්‍රාමීය බැංකුව අද (13) සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරන ලද ආරක්ෂිත හිස් වැසුම් පැළඳි  යතුරුපැදිකරුවන් දෙදෙනකු විසින් කොල්ල කා ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.

සැකකරුවන් එහි සේවිකාවන්ට ගිනි අවි පෙන්වා බිය කර බැංකු ලාච්චුවේ තිබූ රුපියල් 50000කට ආසන්න මුදලක් රැගෙන පලා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි

කොල්ලකරුවන් මුදල් හා රන් භාන්ඩ ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදී මුදල් කවුන්ටරයේ සිටි සේවිකාව ලාච්චුවේ තිබූ මුදල් පමණක් ලබා දී එහි තිබූ ලක්ෂ දෙකකට ආසන්න මුදල් ඉවතට දැමීමට කටයුතු කිරීම නිසාවෙන් එම ලක්ෂ දෙකක මුදල බේරා ගැනීමට හැකි වී ඇතැයි ද පොලිසිය කියයි

එම අවස්ථාවේදී එක් බැංකු සේවිකාවක තම සොහොයුරා සමග දුරකථන ඇමතුමක සිටි බැවින් දුරකථනයෙන් අදාළ සිදුවීම ඇසුණු සොහොයුරා එම අවස්ථාවේදීම පාදුක්ක පොලිසිය දැනුම්වත් කර තිබේ.නමුත් පොලිසිය පැමිණෙන විට සැකකරුවන් ලියන්වල ප‍්‍රදේශයට පලා ගොස් තිබූ බවද පොලිසිය පවසයි.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් පලා ගිය මාර්ගයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කර අදාල සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායක් පරීක්ෂණ පවත්වයි.



අදහස් (5)

බැංකු සේවිකාවගේ නුවණ නිසා ලක්ෂ 2ක් බේරෙයි

sanath Friday, 13 October 2017 06:22 PM

ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න දෙන්නේ නැත්තේ මේ හොරු තමයි.

:       21       217

kasun Saturday, 14 October 2017 12:14 AM

ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරිම නෙමෙයි, ෆුල් ෆේස් හෙල්මට් දාගෙන කඩ බැංකු ඇතුළට ගන්න එකයි වැරැදි...

:       1       69

samanSaturday, 14 October 2017 07:59 AM

මේ හැම ආයතනයක්ම දොර දෙකක් හා දොර දෙක අතර කොරිඩෝවක් ඇති ක්‍රමයට සකස් කර ගතහොත් මෙවැනි දෑ වලක්වා ගත හැකියි. ෆුල් ෆේස් හෙල්මට් පැලඳ පැමිණෙන අයට දෙවෙනි දොරෙන් ඇතුල් වීමට දොර නොඇර සිටිය හැක. මුදල් ඇති ආයතන වලට මෙය ස්වයංක්‍රීයව අගුලු වැටෙන ලෙසද තනා ගත හැක. ඉලෙට්‍රොනික තාක්ෂණය මගින් මෙවැනි ස්ව‍යංක්‍රීය දොරගුලු ලංකාවේදීම තනා ගත හැක.

:       2       83

Chanak Los angeles Saturday, 14 October 2017 02:47 AM

මංකොල්ලයක් සිදුවෙන විටදී සේවකයන්ට වීරයෝ වෙන්න යන්න එපා කියලයි කියන්නේ. එය මරණයට අත වැනීමක් ..

:       36       99

Pushpa Sunday, 15 October 2017 03:03 AM

ෆුල් ෆේස් හෙල්මට් හෝ ඕනෑම වර්ගයක හෙල්මට් ඔඵවෙ දමාගෙන ඇවිදීම තහනම් කල යුතුයි.. බයිසිකලයෙන් බහිද්දී අතට ගත යුතුයි..

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 582 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1280 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1488 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 897 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 240 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2027 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site