IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය සයිටම් පිළිනොගන්නා හේතුව හෙළිවේ

ශ්‍රී ලංකාවේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ වෛද්‍ය උපාධිය බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව පිළිනොගන්නා බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ප්‍රකාශිකාවක වන නතාලියා කනන්ස් පැවසීයැයි බීබීසීය වාර්තා කරයි.
 
බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ එම ස්ථාවරයට හේතුව සයිටම් වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින් පිළිනොගැනීම බව ද ඇය සඳහන් කර තිබේ.
 
සයිටම් වෛද්‍ය ආයතනය සම්බන්ධයෙන් සලකා බැලීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එය පිළිගත යුතුව ඇතැයි ද බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (32)

බ්‍රිතාන්‍ය සයිටම් පිළිනොගන්නා හේතුව හෙළිවේ

Daya Sunday, 17 September 2017 04:47 PM

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්ය භාරය බ්‍රිතාන්‍යයන් විසින් හොඳින් වටහාගෙන ඇති බවයි පෙනෙන්නේ. වෛද්‍යවරුන්ගේ සුදුසුකම් නියාමනය කළ යුත්තේ වෛද්‍ය සභාව හරහා පමණි. සුදුසුකම් ලබා ඇති නම් සයිටම් සිසුන්ටත් එය වලංගු විය යුතුයි. එම සුදුසුකම් ලබාගත යුත්තේ මුදල් බලයෙන් හෝ දේශපාලන බලයෙන් නොවන බවත් ඔවුන් තේරුම් ගත යුතුයි.

:       261       813

kumar (galf) Sunday, 17 September 2017 05:44 PM

අපේ රටේ අයගේ අවක්‍රියා නිසා මිසක සයිටම් එකේ අඩුපාඩුවක් නිසානොවේ. සයිටම් එක අහලකින්වත් තියන්න බැරි ඉන්දියාවේ වෙද විදුහල් කීයක් බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව පිලිඅරගන තිබෙනවාද.

:       424       417

Ranjith Silva Sunday, 17 September 2017 06:07 PM

කුහකකම දොරේ ගලා යති. දී කිරට බළල්ලුත් සාක්කි කියන්නේ මේවට තමා.

:       273       203

බද්රානි Sunday, 17 September 2017 06:31 PM

ඕක ඉතින් අපි කවුරුත් දන්නා සරල තියරියනේ? එංගලන්ත වෛද්‍ය සභාව පිලි නොගන්න සරල කාරණය තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් ආයතනය පිලි නොගැනීම..නමුත්, එංගලන්ත වෛද්‍ය සභාව දන්නවද දන්නේ නැහැ,

:       2241       1180

සමරජීවMonday, 18 September 2017 05:37 AM

ඔයාට බැරිද ගිහින් එයාලට කියලා දෙන්න.

:       143       157

mahee Sunday, 17 September 2017 07:19 PM

ලෙඩේ තියෙන්නේ ගෙදර. ඒක සනීප වෙන්න දොස්තර මාෆියාව ඉඩ දෙන්නේ නැහැ. ප්‍රමිතිය ගැන තියෙන බව කියන ප්‍රශ්න විසඳන්න දෙන්නෙත් නැහැ. මඩියට වදින නිසා මේක සයිටම් වහන්නම තමයි කැස කවන්නේ.

:       2129       2690

කසුන් Sunday, 17 September 2017 09:12 PM

කඩේ යනවා කියලා මෙහෙමත් කඩේ යනවද

:       2037       2671

upaliMonday, 18 September 2017 04:34 AM

බහුතරය? බහුතරය කියන්නේ දොස්තර සංගමේ පිරිසයි. ශිෂ්‍ය සංගම් පිරිසයි. වැලේ වැල් නැති දේශපාලකයෝ ටිකද? ඔක්කොම එකතු කළාම ජනගහනයෙන් කීයද ප්‍රති ශතය?

:       116       266

one srilankan Monday, 18 September 2017 12:07 AM

හොර ගුහාව පිළිගන්නේ කොහොමාද ,,ජනාදිපති ඇතුළු නාඩය නිහඩව සිටියට ,,,බහුතර ජනතාව මේක ප්‍රතික්ෂේප කරන්නේ මේක අවනීතියට දේසපාලකයන්ට වරප්‍රසාද දීල බිහිකළ කඩයක් ,,සෛටෙම් එපා සෛටෙම් වහන්න ජනාදිපති තුමනි,,ඔබතුමා බහුතර මතයට හිසනමන්න රාජිතට කඩේ යන්න එපා සෛටෙම් වහන්න සෛටෙම් වැසිය යුතුය ,,,,,,නෙවිල් තක්කඩි වංචාකර පුද්ගලයෙක්

:       4292       4506

aseMonday, 18 September 2017 04:28 AM

බහුතර ? එය පෙරටුගාමී, ජවිපෙ අය පටන්ගත්තා. ඒකාබද්දේ අයගෙනුත් පිරිසක් නේද මේ ජරා වැඩේ කරන්නේ?

:       403       364

aseMonday, 18 September 2017 04:30 AM

නෙවිල්ට එදා වෙඩි තිබ්බේ ඔයාලා වගේ ජවිපෙ අය හින්දා නේද?

:       5       50

Bamunu Monday, 18 September 2017 01:34 AM

සයිටම් ආයතනය විවුර්ත ආර්ථිකයේ තව අවශ්‍ය තාවයක්. ලෝකයේ අනික් රටවල පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙනවානම් ඇයි ලංකාවේ බැරි. අපි දකින හේතුව නම් සයිටම් ආයතනය අවුරුද්දකට එලියට එන දොස්ත්රලා 200 පමණ ප්‍රැක්ටිස් එක පටන් ගත්තාම රජයේ දොස්තරලාට යන එන මං නැති වීමය. ලංකාවට තව සයිටම් ආයතනය 10 වත් ඇතිකරන්න.

:       4761       5403

කමල් විමලවීරMonday, 18 September 2017 03:32 AM

විවෘත්ත ආර්ථිකය යනු හැම පෞද්ගලික කුණුගොඩකටම අනුමැතිය දීම නොවේ. ලොව තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල පුණ්‍ය ආයතන මිසක් ලබා ලැබීමේ පටු අරමුණින් පිහිටවූ කොම්පැනි නොවේ.

:       343       71

wikumMonday, 18 September 2017 03:57 AM

අනිවාර්යයෙන්ම විය යුත්තේ එයයි.

:       2       139

ChamilaMonday, 18 September 2017 04:14 AM

මෙහෙම විහිළු සපයන්න එපා අනේ...

:       146       166

ONE SRILANKANMonday, 18 September 2017 04:43 AM

ලංකාවේ නෙවිල් වගේ හොරු විනිවිදව වැඩ කරන්නේ නැත. ලංකාව ලෝකේ මුදල් විසුද්ධීකරණයේ 126 ට පමණ ඉන්නේ නමුත් එංගලන්ත ඇමෙරිකා වැනි රටවලත් ඉන්නේ 25 - 26 මට්ටමේ... හිතාගත්ත හැකිද වසර 5000 බුදුදහම සුරකින රටේ හැටි.. එතැනින් එහා මොකටද තව විග්‍රහ කිරීම්...

:       180       117

GihanMonday, 18 September 2017 05:33 AM

හැබෑට? වෙන මුකුත් අවශ්‍යතාවයන් නැද්ද දන්නෑ.

:       43       3

ravin Monday, 18 September 2017 02:34 AM

ෂා අපේ දේශපාලුවන්ට අන්දන්න ටිකක් අමාරුවුනා වගේ?. කරන්න හැදුවේ එංගලන්තේ වෛද්‍ය සභාව අනුමත කළානම් ඇයි ලංකාවේ අනුමත කරන්න බැරි කියල අහන්නනේද? පොදුජනයා ගොනාට අන්දනවා මෙහෙ කරන සෙල්ලම් එහෙත් කරන්නද හැදුවේ.?

:       25       14

ලුම්බිණි Monday, 18 September 2017 03:40 AM

සයිටම් එක බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව පිළිනොගන්නා තැනට ගෙනාවේ ලංකාවේ අනුන්ට තැනක් ලැබෙනවට අකමැති දොස්තරලා සහ ඔවුන්ගේ අනුගාමික කට්ටිය ඉන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාව බව නොදන්නා කෙනෙක් නැත.

:       42       730

ජගත් කළුආරච්චි Monday, 18 September 2017 03:45 AM

මම සයිටම් විරෝධියෙක් නෙවෙයි. ඒ වගේම අන්ධභක්තියෙන් සයිටම්ම ඕනෑ... ඔවුන් හරි කියන කෙනෙකුත් නෙවෙයි. නමුත් මෙහි කිසියම් ප්‍රශ්නකාරී තැන් තිබෙනවා. වී ඇති වරද මේ ප්‍රශ්නය දේශපාලනීකරණය වීම. මෙය ආණ්ඩු විරෝධී සහ ආණ්ඩුව අතර කඹ ඇදිල්ලක්... අවසානයේ ජයගත් පාර්ශවය වීරයන් වීමේ කාරණයක් නොවේ. මේ රටේ උසස් අධ්‍යාපනය ලබාගෙන වෘත්තිකයන් වීමට අවශ්‍ය සිසුන්ගේ අවශ්‍යතාව ඉටුකිරීමක්. එ් නිසා දේශපාලනික හේතු දැක්වීමෙන් තොරව හා එමගින් තම ආයතනයේ අඩුලුහුඬුකම් වසා නොගෙන එම ආයතනය ලොව පිළිගත් නිර්ණායක අනුව ප්‍රශ්නකාරී තැන් නිවැරදි කර වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට කටයුතු කලයුතුයි. අදාළ ලොව පිළිගත් සියලුම නිර්ණායක අනුව සකස් කරන ගැසට් පත්‍රය සහ ඒ අනුව සියලුම අවශ්‍යතා සපුරන ආයතනයට විරුද්ධව වෛද්‍ය සභාවට කටයුතු කල නොහැකියි. නමුත් සයිටම් ආයතනයද මෙය දේශපාලන ප්‍රශනයක් ලෙස දකිමින් තම පාර්ශවයෙන් අදාල කටයුතු නොකර කල් මරන්නේ නම් එය ඔවුන්ගේම සිසුන්ට කරන මහා වරදකි.

:       0       26

ජයන්ත Monday, 18 September 2017 03:59 AM

මේක තනිකර බොරුවක්. එහෙමනම් බැක්ලිස්ට් කරන්නේ නෑ. එහෙම ගැටලුවක් නම් ඔහුන් එය පෙන්ඩින් විදිහට ලිස්ට් එකේ තියා ගන්නවා. පව්, රාජිත මහතා නිවුස් මවනවා.

:       439       239

gama Monday, 18 September 2017 04:34 AM

අනික් රටවලට ගිහිල්ලා කරලා ඇවිල්ලා මෙහෙ එම්බීබීඑස් එකක් කරලා සමත් වුණාම ඒක පිළිගන්නවා. ඒත් අපේ රටේ එකම විභාගය ලියලා පාස් වුණොත් ඇයි පිළිගන්න බැරි? දොස්තරලාගේ මඩියට වඳින නිසාද?

:       52       289

ravi Monday, 18 September 2017 05:17 AM

ජය වේවා!!! ලංකාවේ වෛද්‍ය සභාව නිවැරදි බම තව තවත් ඔප්පු කර දී ඇත.

:       492       435

asoka Monday, 18 September 2017 07:12 AM

අපි හිතාගෙන හිටියේ වෛද්‍යවරු උගත් ,මහත්මගති ඇති වැදගත් පිරිසක් කියල. බලාගෙන ගියහම මේ අය තරම් බොරු කියන්නේ නැහැ මේ රටේ කිසිම කැටගරියක්.

:       240       482

විකුම් රංගන Monday, 18 September 2017 07:30 AM

ගව මඩු වැඩිපුර හදන්න ඕනා රටකට වෛද්‍ය විද්‍යාල අවශ්‍ය නොවෙනවා කියලා අපිට හැඟෙනවා නම්... එංගලන්ත වෛද්‍ය සභාවට ඒක වැටහීම අරුමයක්ද?

:       208       376

ලක්සිරි Monday, 18 September 2017 08:51 AM

මට හිතෙන හැටියට අංගොඩ රෝහලට ගියාට පලක් නැහැ. එතන ලෙඩේට වෛද්‍යවරු නැහැ.

:       45       10

upaliMonday, 18 September 2017 09:35 AM

එ්ක ඇත්ත ලක්සිරි, ඒකෙ දොස්තරවරුන්ට එතන ඉන්න ලෙඩ්ඩුන්ගෙන්ම රෝග බෝ වෙලා බොහොමයක් දෙනා දැන් ඉන්නේ ලිප්ටන් වටරවුමේ....

:       1       62

roshan Monday, 18 September 2017 08:58 AM

දැන් මාස ගානක් තිස්සේ ගව මඩු මහපාර අයිනේම ගහල තියනවා දැක්කේ නැද්ද? අපි නම් නිතරම දකිනවා ඒ ගවමඩුවේ ඇතුලේ ඉඳගෙන තප්පුලන හරක් රෑනක්

:       62       199

මධූ Monday, 18 September 2017 09:06 AM

විකුම් රංගනට දැනට ඉන්න තැන ඉඩ මදි වෙලා වගේ...

:       23       86

menna Monday, 18 September 2017 02:10 PM

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවට ආයුර්වේද වෛද්‍යවරුත් ඇතුලත්ද? නැත්නම් බටහිර වෛද්‍යවරු විතරද? දන්නේ නැති හින්දා අහන්නේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවට ඉන්නේ බටහිර වෛද්‍යවරු විතරක් නම් එක ලංකාවේ වෛද්‍ය සභාවක් වෙන්න විදියක් නැහැ. එ්කත් බටහිර වෛද්‍ය සභාවල ශාඛාවක් විතරයි. එ්කෙන් ලංකාවේ මිනිසුන්ට හොඳක් වෙයි කියලා හිතන්න බැහැ. ලංකාව තුල බටහිර වෛද්‍යවරු හා ආයුර්වේද වෛද්‍යවරු අතර දැනුම හුවමාරු වෙනවාද? ලංකාවට ගුණාත්මක වෛද්‍ය සේවයක් ලබාගැනීමට මේ දෙකම අවශ්‍යයි.

:       0       11

gmoooaMonday, 18 September 2017 03:17 PM

ඔබ හරි. ආයුර්වේද වෛද්‍යවරුන්ට බටහිර ඖෂධ දැනුම දෙන එකටත් විරුද්ධ වුණේ මේ කට්ටියම තමයි. එ්ත් එක්ක ම සහකාර වෛද්‍යවරුන්ට වුණ දේ දන්නවනේ. ඒ පදවිය නැති කරලා දැම්මා. එ්ත් එක්ක බටහිර වුණත් හොමියෝපති වගේ විකල්ප ක්‍රම වලට මේ කට්ටිය කැමති නැහැ. දුෂ්ටකම තමයි ඉතින්....

:       0       26

ජගා Monday, 18 September 2017 06:30 PM

දේශපාලන අව් කණ්ණාඩි ගලවලා ප්‍රශ්නය ප්‍රශ්නය විදිහට දකින්න බෑ.මොන කණ්ණාඩිය දාගෙන හිටියත් කමක් නෑ,කොච්චර දේශපාලන චිත්‍ර අලවලා ප්‍රශ්න යටගහන්න හැදුවත් වැඩක් නෑ පුතෝ වැටෙන දාට වැටෙනව කොයි ජගතත්.

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 486 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1869 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1431 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 804 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1974 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 96 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site