IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාගේ සැත්කම් තාවකාලිකව නවත්වයි

අමල් වික්‍රමරත්න , සිරංගිකා ලොකුකරවිට
 
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකළ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයා සිදු කිරීමට නියමිත සැත්කම්  ඇතුළු සියලුම කටයුතු පරීක්ෂණ නිමවනතෙක් නතර කිරීමට නියෝග කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා අද (18) අදාළ අංශ වෙත ලිපියක් නිකුත් කර ඇත.

 
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකරන සුදුසුකම් සම්පූර්ණ කර නොමැති විදෙස් වෛද්‍යවරයකු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සිදුකළ ඉල්ලීම ලංකාදීප වෙබ් අඩවියේ පළවීමත් සමඟම කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා මෙම තීරණය ගෙන තිබේ.
 
රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය ගාල්ල කරාපිටිය රෝහල් ශාඛාවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම සිද්ධිය (17) වැනිදා අනාවරණය කෙරිණි.
 
එහිදී ඔවුන් අනාවරණය කළේ  සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව විරෝධතාවයක් දැක්වූවද මෙතෙක් ඒ සම්බන්ධ කිසිම පියවරක් ගෙන නොමැති බවත් එම වෛද්‍යවරයා නැවතත් පැමිණෙන බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත්  මේ හේතුවෙන් එම වෛද්‍යවරයාගෙන් හෘද සැත්කම් සිදුකර ගන්නා රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පෙන්වා දෙති.



අදහස් (30)

බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාගේ සැත්කම් තාවකාලිකව නවත්වයි

rocky Wednesday, 18 April 2018 02:01 PM

උන්නැහේ දැනටමත් කරලා තිබෙන සැත්කම් සම්බන්ධයෙන් මොකද කරන්නේ?

:       6       109

ගාමිණීThursday, 19 April 2018 04:26 AM

ලංකා වෛද්‍ය සභාව පිළිගත් මුලික එම්.බී.බී.එස්. උපාධියක් සහ අදාල පුහුණුවක් ඇත්නම් ඕනෑම වෛද්‍ය වරයෙකුට ඕනෑම ප්‍රතිකාරයක් හෝ ශල්‍ය කර්මයක් කරන්න නීතියෙන් තහනමක් නෑ කියලා ලංකාවේ වෛද්‍ය සභාව කියති. ( විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් සුදුසුකමක් නීතියෙන් අවශ්‍ය නෑ)

:       0       0

බද්රානි Wednesday, 18 April 2018 02:33 PM

ආයේ කතා දෙකක් නැහැ. මේ කරුණාවන්ත බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා, ලංකාවේ දොස්තරලා පෞද්ගලික රෝහල්වල මුදලට කිරීමට යොදාගෙන තිබෙන සැත්කම් රජයේ රෝහලේ නොමිලේ කරන්න ඇති. මොලේ කලඳක් හෝ තියන කෙනෙකුට තේරෙනවා මේ වෛද්‍යවරයා අසරණ රෝගීන්ගෙන් මුදල් ගසා කෑමේ අරමුණින් මේ සැත්කම් නොකරන බව... දැන් ඉතින්, මුග්ධ අමනයින් බහුතරයක් වෙසෙන රටේ, මේ පරීක්ෂණ කරලා ඉවර වෙනකොට, තමන්ට තියන මොලේ අමාරුවට අනුන්ට සැත්කම් නොකරන මේ වෛද්‍යවරයා මේ රටින් පලායයි. නැවත මේ රට පැත්ත පළාතේ නොඑන්නම... අපේ රටේ සමහරක්ට නොතේරුණාට ඒ වෛද්‍යවරයාට නම් තේරෙන්න ඇති අපේ රටේ ඉන්න කළුකඩ දොස්තර මුදලාලි මාෆියාවේ තරම?

:       1916       3499

චන්දනWednesday, 18 April 2018 03:35 PM

අනේ මෝඩ කතා කියන්න එපා. මමත් වෛද්‍යවරුන්ගේ සමහර වැඩ ගැන එකඟ නෑ. නමුත් රෝගී සත්කාරය කල යුත්තේ එ සඳහා සුදුසුකම් සැපිරූ පුද්ගලයින්. මෙවැනි පුද්ගලයෙකුට ලංකාවේ රෝගීන්ට අත තැබීමට අවසරය දුන් බලධාරීන් සොයා ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. අපේ අහිංසක රෝගීන් කාගේවත් ගිනි පිග්ස්ලා නොවෙයි.

:       1516       901

ලක්සිරිWednesday, 18 April 2018 04:52 PM

මාෆියා කළුකඩ කාරයින්ට කඩේ යන්න ඔහෙට ලැජ්ජා නැද්ද හලෝ? තමුන්ගේ උපන්ගෙයි මෝඩකම රටට පෙන්වන්නේ නැතිව, කෙනෙකුට පිළිගන්න පුළුවන් විදිහේ කතාවක් කියනවා. කවුරු හෝ සත්‍ය කතාකරන කොට භූමිතෙල් ගෑවුන ගැරඬි වගේ දඟලන්නේ නැතිව, මාෆියා කල්ලි හදාගෙන, තක්කඩි දේශපාලනයක් කරමින්, අසරණ රෝගීන්ගෙන් මුදල් ගසාකන ලංකාවේ දොස්තරලට වඩා, වැදගත් ලෙස වෛද්‍ය සේවය කරන, දොස්තරලා මේ මිහිපිට සිටින බව පමණක් දැන ගන්න.

:       0       1

MaheshikaWednesday, 18 April 2018 04:05 PM

පිට රටවලින් දොස්තරලා ඇවිත් විශේෂයෙන්ම, රජයේ රෝහලක වැඩ පටන්ගන්න කලින් ඔවුන්ගේ සුදුසුකම් පරික්ෂා කිරීමේ වගකීම තියෙන්නේ කාටද? ජීවිතත් සමග කරන ගනුදෙනුවලදී ඔවුන් කරන වැරදි සුළුකොට තැකිය හැකිද? එංගලන්තෙන් ආපු පලියට අපි ඔවුන්ව පිළිගත යුතුද? මොවුන්ට මේ විදියට අත්දැකීම් ලබාගන්න එංගලන්තේ ඉඩක් නැහැ. එම නිසා තමයි ලංකාව වගේ රටවල්වලට ඇවිත් අත්දැකීම් ලබන්නේ. අප එයට ඉඩ දිය යුතුද? මීට අවුරුදු 25 කට පමණ පෙර වෛද්‍ය කණ්ඩායමක් කොළඹ මහා රෝහලේ කුඩා ළමුන්ගේ හෘද සැත්කම් කෙරුවා. සැත්කමෙන් පසුව බොහොමයක් ළමයි මැරුණා. එවකට ජාතික රෝහලේ හිටපු ලාංකික වෛද්‍යවරු ඉතා පහසුවෙන් කරපු සැත්කම් පවා මෙම විජාතිකයන්ට හරියට කරගන්න බැරි වුණා. ලැයිස්තුවේ පහල හිටපු අම්මල දරුවන්ව බලෙන්ම ටිකෙට් කපාගෙන ගෙදර ගියා. අවම පහසුකම් යටතේ වැඩ කරන්න අපේ රටේ දොස්තරලට පුළුවන්.

:       1261       539

බද්රානිWednesday, 18 April 2018 05:39 PM

චන්දනගෙයි මහේශිකාගෙයි වයසේ තරමට මොලේ වර්ධනය නොවීමේ, රෝගයට නම් අර වෛද්‍යවරයාට බෙහෙත් කරන්න ටිකක් අපහසු වෙයි. ඒත්, ඉතින් අවුරුදු 65 ක් වයස වෛද්‍යවරයෙකුට, අත්දැකීම් ලබා ගන්න සැත්කම් කරනවා කියන එක ඇහෙද්දී, අපිට නම් හිනා යනවා. අසරණ රෝගීන්ගෙන් මුදල් ගසාකන එක සාධාරණීකරණය කරන්න හදන ඔබ දේපළට ස්වභාව ධර්මයා සාධාරණය ඉටු කරන බව පමණක් මතක තබා ගන්න. අසරණ ජනතාවගේ මුදලින් පිනට ඉගෙන ගෙන මේ රටේම, අසරණ රෝගීන්ට මේ දොස්තර මුදලාලිලා කරන අසාධාරණය මදිවාට, බ්‍රිතාන්‍ය වැනි රටකින් මෙරටට පැමිණ, අසරණ රෝගීන් වෙනුවෙන් කරන මේ උතුම් සේවයටත්, කෙනෙහිලිකම් කරන අමන අධර්මිෂ්ඨයින්ගේ නිරුවත, ලොවට හෙළිවී හමාරයි. ජාතියේ කරුමෙට, වෛද්‍ය වෘත්තිය වැනි උතුම් වෘත්තියකට ඊට, නොගැලපෙන්නන්, පැමිණීම ගැන ජාතියක් ලෙස අපි කම්පා විය යුතුයි.

:       150       3303

MaheshikaThursday, 19 April 2018 03:11 AM

පොඩි ළමයින්ගේ සැත්කම් වලින් එදා මෙදා තුර මරණ 2යි වාර්තා වෙලා තියෙන්නේ. ඒක නොකරත් ඒ ලමයි මැරෙන්න හිටපු අය. එම සැත්කම් කරේ අවදානම ගැන දැනුවත් කරල. මම දන්න එහෙම සැත්කම් කරපු දැන් හොදට ඉන්න ළමයි ඉන්නවා.

:       0       0

චන්දනThursday, 19 April 2018 01:04 AM

බද්රානිට නැවත පිලිතුරු. සානුකම්පාව අනුකම්පාව සහකම්පනය වෛද්‍යවරයකු සතුවිය යුතු ගුණාංගයක්. නමුත් වෛද්‍ය කර්මයෙදී පලමු කොට නිසිපුහුණුව තිබිය යුතුය. දෙවනුව රජයේ සහතික ලියාපදිංචිය තිබිය යුතුය. මෙය ඕනෑම රටකට පොදු දෙයක්. මෙම වෛද්‍යවරයාට නොමිලේ වුවත් වෛද්‍ය කර්මය කිරීමට ලංකාවේ ලියාපදිංචිය සහිත නිසි ක්‍රම වේදයක් තියෙනවා. ඒකට පලමුව ඔහු පිළිබඳව බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවෙන් සොයා බැලීමක් කල යුතුව තිබෙනවා. නිසි අවසරය නැතිව බ්‍රිතාන්‍ය වගේ රටක ශෛල්‍යකර්ම කිරීමට පෙර රොගියකුගේ පපුවේ රෝම කූප බාන්නවත් බෑ.

:       0       0

ගං කඹරයාThursday, 19 April 2018 05:07 AM

ලංකාවේ වෛදය වෘතිය කියන්නේ තනිකරම බිස්නස් එකක්. පිටරට වල දොස්තරලා රෝගීන්ට සලකන විදිහ ගෙනෙල්ලා පෙන්නන්න ඔනි.

:       0       0

Sapumal.Thursday, 19 April 2018 08:53 AM

හරි,අපේ දොස්තරලා කියන විධිහට මේ දොස්තර මහතා හොඳ නැහැයි කියමුකෝ. එහෙනම්, අපේ අය හොඳද ? ස්ට්‍රයික් කරලා ලෙඩ්ඩුන්ව අපහසුතාවට පත්කරන්න හිපොක්‍රටිස් කීවාද ? උහුලන්න බැරි තරම් මුදල් අයකර ප්‍රයිවෙට් කිරීම හරිද ?

:       0       0

balasooriya Wednesday, 18 April 2018 02:49 PM

ලංකාවේත් මේ වාගෙ හොර⁣ දොස්තරලා හොර ෆාමසි... ඔය විදියට පෙන්නලා දුන්නා නම් නේද අගේ...?

:       0       244

de silva Wednesday, 18 April 2018 03:03 PM

මෙම දොස්තර මහතාට මම දන්නා තරමින් වයස අවරුදු 65 විතර වෙනවා. ඔහු පළපුරුදු දොස්තර කෙනෙක්... ඔහු හෘද සැත්කම් විශේෂඥයෙක්.. ඔහු ලංකාවට ඇවිත් මුදල් නොගෙන මේ සැත්කම් කරන්නේ... මේක ඔහු කරන සමාජ සේවයක්... අපේ රටේ ඉන්න චැනල් කාක්කෝ වගේ නොවේ. මුදල් නොගෙන සේවය කරන පුද්ගලයින් අපේ කට්ටියට පෙන්නන්න බැහැ. අපේ කට්ටිය තම ඉල්ලීම් දිනාගන්න රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට තබමින් වර්ජන කරන්නේ... දැන් මොකද මේ ගොල්ලට රෝගීන් පිළිබඳව අමුතුම කරුණාවක් පහළ වෙලා තිබෙන්නේ? අපේ රටේ අවුරුදු 65 වෙන දොස්තරලාට ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න තහනම්ද?

:       585       2510

de silva Wednesday, 18 April 2018 03:27 PM

බද්රානි මහත්මියගේ අදහස මමත් අනුමත කරන අතර, ලංකාවේ දොස්තර මාෆියාව ගැන මගේ නම් කිසිම පැහැදීමක් නොමැත.

:       326       1290

Kariyawasam Wednesday, 18 April 2018 04:27 PM

ලංකාවේ දොස්තර මාෆියාව ගැන කාගෙවත් කිසිම පැහැදීමක් නම් නෑ.

:       102       702

ජගත් ලියනගේ Wednesday, 18 April 2018 05:08 PM

පුද්ගලික චැනලින් කරන දොස්තරලාට ජයවේවා!!! තව තවත් පොහොසත් වීමට ඉඩ ප්‍රස්ථා සැලසේවා!!!

:       0       0

මංජුල Wednesday, 18 April 2018 06:26 PM

ලංකාවේ පමණක් නොවේ, ලෝකයෙන්ම භයානකම දොස්තරවරු ගැන විවේචනාත්මකව අදහස් පල කරන්න බද්රානි මහත්මියට බියක් නැද්ද? අමුතුවෙන් යමක් ලියන්න අවශ්‍ය නැහැ. ඔබගේ අදහස තුල ලංකාවේ දොස්තර මාෆියාවේ ක්‍රියාකාරකම ගැන පැහැදිලිව සදහන්වී තිබෙනවා.

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 18 April 2018 07:15 PM

ලංකාවේ දොස්තර මාෆියාව පිටරට දොස්තරලාට නොවේ, ලංකාවේ දොස්තරලාටද එකිනෙකාගේ බෙල්ල කපාගනිමින්, එකිනෙකාට කොඩිවින හූනියම් කරමින්, ඊර්ෂ්‍යයාව මාන්නය හා අධික තෘෂ්ණාවෙන් පෙලෙන පිරිසක්.

:       0       0

රවිඳු Wednesday, 18 April 2018 08:03 PM

සතියේ දින හතේම මාධ්‍ය සාකච්චා පවත්වමින් අශීලාචාර දේශපාලනයක නිරත වෙන, වෛද්‍ය වෘත්තිකයන්ට නිගා දෙන අමන දොස්තරලා සිටින එකම රට ශ්‍රී ලංකාවයි.ඒ අශීලාචාර ක්‍රියාවෙන් නොනවතින මොවුන් මෙරටට පැමිණ සත් භාවයෙන් සේවය කරන මේ වෛද්‍යවරයාව පවා, පන්නා දැමීමට කටයුතු කිරීම නින්දා සහගතයි. කොයි මොහෙතේ කවරෙකු විසින් හෝ මොවුන්ගේ පොකට් එකට තට්ටු වෙන ආකාරයේ වෛද්‍ය ආක්‍රමණයක් ඇතිවේ යයි. අනියත බියකින් හා හීනමානයකින් පසුවෙන මොවුන් මේ දොස්තර බමුණු කුලය ආරක්ෂා කර ගැනීමට ඕනෑම තුප්පහි ක්‍රියාවක් කිරීමට කිරීමට පෙළඹී ඇත. මේ සිද්ධියත් එයට එක උදාහරණයක් වේ. බ්‍රිතාන්‍ය වෛද්‍ය තුමාට අපගේ ආචාරය පුද කරමු!!

:       0       0

surath Thursday, 19 April 2018 12:07 AM

හරියට කරුණු නොදැන මේ ගැන යමක් කීම නොහොබිනා දෙයක් නිසා නිහඬව සිටිමි

:       0       0

sam Thursday, 19 April 2018 12:41 AM

කොහොමද ලංකාවේ දොස්තර මාෆියාව. පුලුවන්නම් කියන්න බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයා දැනට නොමිලේ හෘද සැත්කම් කියක් කරලද කියල. ඒවායින් කීයක් සාර්ථක ද කියල. සුදුසුකම් ගැන කථා කරොත් අපේ දොස්තරල කෝපි කාලෙ සුද්දගේ පාඨමාලාව තවම කරන්නේ. දැන් ඔක්කොම මට වටකරලා නෙළයි.

:       0       0

රවින් Thursday, 19 April 2018 01:13 AM

ඉස්සෙල්ලම මෙම වෛද්‍යවරයා පිළිබඳව එංගලන්ත වෛද්‍ය සභාවෙන් විමසන්න. මෙය අන්තර්ජාලය හරහා පහසුවෙන් කලහැකිය. පෙර සුදුසුකම් තිබිල එය අහෝසි කලේනම් හේතුව ? සමහර විට වෘත්තිය ආයතනික ගාස්තු නොගෙවීම නිසා වියහැකිය. මොකද අනිකුත් රටවල වෘත්තිය ආයතන මෙහෙ වගේ දේශපාලනීකරණය වෙලා නැහැ. පසුව හැම දෙනාගේම අදහස් උදහස් සළකා බැලිය හැකිය.

:       0       0

Roshan Thursday, 19 April 2018 02:56 AM

ඔය දොස්තර මහත්තයා බොහොම පලපුරුදු ප්‍රවීණ කෙනෙක්. දැනට අවුරුදු 20ක විතර කාලයක් ඔහු ලංකාවට එනවා. තෝරාගත් දුප්පත්ම හදවත් රෝගීන්ට සැත්කම් කරනවා. ඒක දිරවගන්න බැරි ලංකාවෙ ඉන්න දොස්තරවරු ඒක කඩාකප්පල් කරන්න හදන්නේ. අවුරැද්දකට සැත්කම් 100ක් පමණ කිසිදු අයකිරීමක් නැතුව කරනවා. ඔහු ඔය නොමිලේ කරන සැත්කම් සඳහා ඉතියෝපියාව තෝරගෙන තිබුනේ නමුත් එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුගේ ඉල්ලීමක් නිසා ලංකාවට එනවා. බලන්න අපේ රටේ මිනිස්සු කොච්චර පහත් තත්වයට පත් වෙලාද?

:       0       0

ජගත් ලියනගේ Thursday, 19 April 2018 03:34 AM

ලංකාවේ ඉන්න වෛද්‍යවරුන් හරි සතුටු ඇති. මොකද ඒගොල්ලන්ගෙ පුද්ගලික චැනල් සේවය හොඳටම කරගෙන යන්න පුලුවන්. දොස්තර මුදලාලිලා වෙන්න පුලුවන් , අපේම බඳු සල්ලි වලින් ඉගෙන ගෙන .

:       0       0

latha Thursday, 19 April 2018 04:00 AM

අසරණ රෝගීන්ගේ මුදල් ගසා කෑම සඳහා මිස වෙන මොකටද අමුතු ආදරයක් අපේ දොස්තර උන්නැහෙලට. අපි නොදන්නා ඒගොල්ලන්ගේ කෙරුවාව.

:       0       0

priyantha Thursday, 19 April 2018 04:26 AM

මමත් එංගලන්තයේ වැඩ කරන වෛද්‍යවරයෙක්... වෛද්‍යවරයා විශ්‍රාම ගියාට පස්සේ එංගලන්ත වෛද්‍ය සභාව සාමාන්‍යයෙන් අලුත් කරන්නේ නෑ. මේ වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ සැත්කම් කරලා අපේ ලෙඩ්ඩු කියක් ගොඩදාලා තියෙනවද? මේ වෛද්‍යවරයාට හොඳට අත්දැකීම් තියෙන කෙනෙක්. ඔය කෑගහන කට්ටියට තියෙන්නේ එම්.බී.බී.එස්. නෙමේද? එම්.බී.බී.එස්. එංගලන්තෙන් අාවේ කියලා දන්නවද? ලකාවේ එම්.බී.බී.එස්. අනුගමනය කරන්නේ එංගලන්ත වෛද්‍ය සභාව... ඔය කෑගහන කට්ටිය ලංකාවේ දූප්පත් මිනිසුන්ගේ බදු මුදල් වලින් එංගලන්තයට ගිහින් නේද වැඩිදුර ඉගෙන ගන්නේ?

:       0       0

ප්‍රීති Thursday, 19 April 2018 07:47 AM

මරණින් මතුවත් දොස්තරකම රැක ගන්න පෙරුම්පුරන ලංකාවේ දොස්තරලට, මේ බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා හොඳ ආදර්ශයක් දීල තියනවා. ඒ උතුම් ක්‍රියාව ආදර්ශයට ගන්න තරම් නිහතමානී හදවත් නැති මේ දොස්තර මාෆියා කාරයෝ, අසත්‍ය චෝදනා නගමින් එතුමාව ගහලා පන්නනවා.

:       0       0

naradha Thursday, 19 April 2018 11:19 AM

පොදු මහජනයාගේ සුබ සිද්ධිය සඳහා ලංකාවේ දොස්තර මාෆියාව බිඳ දැමිය යුතුයි. එය කල හැකි එකම ක්‍රමය නම්, දොස්තරවරුන්ගේ සැපයුම වැඩි කිරීමයි.

:       0       0

mahinda Thursday, 19 April 2018 02:20 PM

අපි දැක්කනේ GMOA සමහර කට්ටියගේ A ලෙවෙල් ලකුණු. හිනා යනවා කියන කතා වලට. අවු. 65 කියල ලංකාවේ දොස්තරලා ගෙදෙරට වෙලා ඉන්නවද? රටට කියන්න ලංකාවේ දොස්තරලා SLMC රෙජිස්ටර් වෙලා ඒක අලුත් කරන්න සාමාජික මුදල් ඇරෙන්න වෙන මොනවද චෙක් කරන්නේ කියල?

:       0       0

padmini Friday, 20 April 2018 04:38 AM

මෙහෙන් කළුකඩ දොස්තර මාෆියාව ,අරහෙන් කළුකඩ කළු කෝට් කාරයින්ගේ මාෆියාව, බද්‍රනිගේ අදහස් හරි කියා මමත් හිතනවා. අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ? කියල තමයි කියන්ට වෙන්නේ.

:       0       52

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 466 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1013 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1164 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 764 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 202 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1906 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1639 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site