IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් මියයාමට පෙර කොකේන් බීලා

ඉන්දිකා රාමනායක

කොළඹදී පැවැත්වූ  සුහද රග්බි තරඟාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී මියගිය බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් දෙදෙනා මරණයට පෙර අධික  ලෙස මත්පැන් සහ  කොකේන් මත්කුඩු පානය කර ඇති බවට හෙළි වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

සිද්ධිය වූ දිනයේ  මොවුන් ගමන්ගත්   ත්‍රීරෝද රථයක  රියදුරෙකු  ඔවුන්ට මෙම කොකෙන් මත්කුඩු  ලබාදී ඇති බවටද  තොරතුරු ලැබුණ බව පොලිසිය පවසයි.

ඊයේ (15) මියගිය බෙට් තෝමස්  රීඩ්  27 හැවිරිදි ක්‍රීඩකයා  මියයාමට පෙර  අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී මේ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවත් එසේම රෝගාතුර වී සිටියදී ඔහුගේ මිතුරන්ටද ඒ බව දැනුම් දී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඉකුත් 13 වැනි දින මොවුන් කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශලාවක සිට ත්‍රීරෝද රථයකට ගොඩවී ඇති අතර එම ත්‍රීරෝද රථ රියදුරු මොවුන්ට කොකේන් ලබා දී ඇති බවද එම උසස් පොලිසිය නිලධාරියා කීය.

මොවුන්ට කොකේන් ලබාදුන් බව කියන ත්‍රීරෝද රථ රියදුරු අත්ඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.

මෙදින මෙම ක්‍රීඩකයන් දෙදෙනා  අවස්ථා කිහිපයකම අධික ලෙස විවිධ වර්ගයේ මත්පැන් පානය කර ඇති බවත්  මත් පැන් වලට අමතර කොකේන් මත්කුඩු ද පානය කිරීමෙන් මොවුන්ට ඒවා ඔරොත්තු නොදී ඇති බවට සැකකරන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (20)

බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් මියයාමට පෙර කොකේන් බීලා

tommy Wednesday, 16 May 2018 03:34 PM

අද ත්‍රීරෝද රථ ජංගම මත් ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථාන බවට පත්වෙලා. පොලිසිය විසින් මාර්ගයේ ගමන් ගන්න ත්‍රිරෝද රථ හදිසි සෝදිසියට ලක් කිරීමෙන් මෙය යම් ප්‍රමාණයකට මැඩලිය හැකියි. මෙවැනි කටයුත්තක් සඳහා පොලිසියට ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබාගත හැකියි.

:       0       547

JagathThursday, 17 May 2018 04:10 AM

Tommy, සිවිල් පාලනයක් තියෙන රටක, ත්‍රිවිද හමුදාවට හදිසි නීතිය නැත්නම් සිවිල් පරිපාලන කටයුතු කරන්න බැහැ. පොලිසිය සහ දේශපාලකයන් හරියට වැඩේ කරනවානම් හමුදාව ඕනේ නැහැ.

:       1       11

Chamara Wednesday, 16 May 2018 03:56 PM

නාට්ටාමිලා ලඟ කෝටි ගාණක කුඩු තියෙනවා නම් ත්‍රී වීල් අයියලා ළඟ මේවා ෂුවර්!

:       0       55

ජගත් ලියනගේ Wednesday, 16 May 2018 04:43 PM

අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ ලංකාවේ තියෙන්නෙ හෙරොයින් විතරයි කියලා. බලාගෙන ගියාම කොකේනුත් තියනවා නේ.

:       0       60

විකුම් රංගන Wednesday, 16 May 2018 08:22 PM

මත් ද්‍රව්‍යය පාවිච්චි කළා කියලා එක දවසින් මිනිස්සු මැරෙණ මත් ද්‍රව්‍යයක් ගැන කවුරු හෝ මින් පෙර අසා තිබෙනවාද? මේක තනිකරම මිනීමැරුමක්. එංගලන්තයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂයෙකු ලෙස මම ඉතාම වගකීමෙන් කියනවා බ්‍රිතාන්‍ය ක්‍රීඩකයා ඝාතනය කල ඇති බව. රටේ උගත් දරුවන් උසස් අධ්‍යාපනය ලබනවාට විරුද්ධ මේ තිරිසන්නු විදේශ රටකින් ලංකාවට පැමිණෙන ක්‍රීඩකයින් ඝාතනය කිරීමට කිසිසේත් පසුබට වන්නේ නැහැ.

:       3504       1021

පිටිගල මිලානෝ Thursday, 17 May 2018 12:39 AM

ලංකාවේ තිබෙන (මිල අධික වර්ගයේ) මත්ද්‍රව්‍ය ප්‍රමිතියෙන් ඉතාමත්ම බාලයි. සරලවම මේ මරණ වලට හේතුව එයයි.

:       36       25

Anton Austria Thursday, 17 May 2018 06:11 AM

බලනකොට පිටිගල මිලානෝ මත්ද්‍රව්‍ය දන්න කෙනෙක් .ප්‍රතිචාර දක්වන ගොඩක් දෙනෙක් මත්ද්‍රව්‍ය ගැන විශේෂ ආකාරයෙන් දැනීමක් තියෙන බව පෙනේ. එංගලන්තයේ සිටින දොස්තර මහතා වෙත . ඔබ දන්නවා ඇති සමහර ස්ථාන දුම්රිය පොලවල් අසල ස්ථානය කට්ටිය එකතුවෙලා එංගලන්තයේ අයද මත්ද්‍රව්‍ය ගැන්ද ඔබ කතා කරන්නේ.............

:       0       118

lanka Thursday, 17 May 2018 03:28 AM

විකුම් රංගන, ඔබ වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂයෙකු බව මනාවට ඔප්පු කර ඇත.

:       0       72

jayath Thursday, 17 May 2018 03:49 AM

විකුම් රංගන ඔබේ ඉගෙනීමට මම ගරු කරනවා නමුත් ඔබම කියන පරිදි "අධිකරණ වෛද්‍ය විද්‍යාව " හදාරන කෙනෙක් විදියට මල සිරුර දකින්නේ වත් නොමැතිව ඔබ " වගකීමෙන් " කියන්නේ කොහොමට මේක මිනීමැරුමක් කියලා ? මතයක් පලකරන්න පුළුවන් නමුත් .... අනික මට වැඩා හොඳට ඔබ දන්නවා ඇති කියල මධ්‍යසාරවල රුදිරයේ පැවතිය හැකි අගයක් තියනවා ඊට වැඩි උනොතින් මරණය නියතයි.

:       60       1276

Jagath Thursday, 17 May 2018 04:05 AM

විකුම් රංගන, ඔයාලා වගේ ගෝත්‍රික විදියට හිතන අය රස්සාවකට ගියොත් දුරකතනෙන් සහ පත්තර බලලා මරණ පරීක්ෂණ පවත්වයි.

:       104       1567

sachithThursday, 17 May 2018 07:35 AM

පත්තරෙන් බලල රටක් පාලනය කරන එකේ මරණ පරීක්ෂණයක් කරන එක ලොකු දෙයක් වෙන්න බෑ.

:       48       69

lashan Thursday, 17 May 2018 04:06 AM

අම්මේ විකුම් , ඔයා එංගලන්තේ ද ඉගෙන ගන්නේ? වෛද්‍ය විද්‍යාව? අම්මේ හරිම ෂෝක්.

:       56       577

jagath Thursday, 17 May 2018 04:13 AM

විකුම් රංගන, ඔයා ඉන්න එංගලන්තේ තියෙන්නේ පුත්තලම පැත්තේද?

:       84       1228

කරුණාපාල Thursday, 17 May 2018 06:28 AM

විකුම් රංගන, එංගලන්තේ දොස්තරලත් එහෙ ෆුල්ටයිම් දේශපාලනේද කරන්නේ? එහෙත් පිනට ඉගෙනගෙන ජනතාවට කොකා පෙන්වනවද? එංගලන්තේ නිසා කාර් පර්මිට් දෙක තුනක් වත් ලැබෙනවා ඇති එහෙ?

:       176       721

ලහිරු Thursday, 17 May 2018 07:14 AM

ඔබ එංගලන්තයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂයෙකු බව ඔබම පවසනවා. එත් ඔබ වඩාත් සුදුසු වන්නේ 'කැටයම් කලාවට' ට බව ඔබ විසින්ම ප්‍රත්‍යක්ෂ කර තිබෙනවා....එත්, ඔබ විසින් නිමවූ 'කැටයමේ' ඇති රළු පෘෂ්ඨ ඔපවත් කිරීමට ද ඔබට නොහැකි වී තිබෙනවා.... මතක තබා ගන්න, අධිකරණ වෛද්‍ය විද්‍යාව යනු ප්‍රයෝගික විෂයයක් බව.එම සිරුරු ඇත්තේ ලංකාවේ. ඔබ ඉන්නේ වෙන කොහේ වත්. ගොඩ සුද්දෙකු වීමට ගත් අසාර්ථක උත්සහයක් බවයි බැලු බැල්මට පෙන්නේ.

:       74       218

thusitha Thursday, 17 May 2018 07:38 AM

.... පලයන් බන් යන්න මේකේ බයිලා නොකියා .... උබත් අර ගුජිත සේනාරත්න වගේ ,....

:       86       89

jaya Thursday, 17 May 2018 08:07 AM

ඇදගෙන නාගත්තා නේද?

:       0       0

Senaka Thursday, 17 May 2018 09:16 AM

විකුම් රංගන, ඔබ වෛද්‍ය වෘතීයට නොගැලපෙන්නෙකු බව ඔබ පලකර ඇති අදහස අනුව පෙනීයයි. එමෙන්ම ඔබ තම මව් රටේ ජනතාවට "තිරිසන්නු" යැයි අමන්ත්‍රණය කිරීමේ න් පෙනී යන්නේ ඔබ මේ රටේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය සුදුසුකම් නොලැබූවෙක් බවත් ඒ නිසා රටටත් රටේ ජනතාවටත් වෛර කරන්නෙක් බවයි. ඔබ වැරදිලා හෝ වෛද්‍යවරයෙක් උනොත් ඔබේ සේවාව ලබන රටට (එය ලංකාව නොවේවායි පතමී) සහ ජනතාවට දෙවියන්ගේම පිහිටයි.

:       0       126

Nihal Thursday, 17 May 2018 07:48 PM

යූ කේ වල මත් ද්‍රවය නොබන කෙනෙක් සොයා ගැනීම ලේසි නෑ.අවුරුද්දකට ලමඊ 20 පමණ පිහියෙන් ඇනලා මරනවා .අපරාද වලට කප් ගහපු රටක්

:       0       5

upali Friday, 18 May 2018 10:30 AM

මොනවා වුනත් විකුම් රංගනට තවම සිංහල මතක තිබීම ගැන මම සතුටු වෙනවා. හැබැයි ලංකාවට නොඑනවා නම් එයිටත් වැඩිය සතුටුයි..

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 75 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 423 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 762 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 262 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 231 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 262 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site