IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බස් රියැදුරාට පහර දීමේ නාටකය ගැන පළාත් මන්ත්‍රීගෙන් අලුත් පිටපතක්

 

( සිරිනිහාල් ගමගේ, සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල )

බස් රථ රියදුරකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්   රක්ෂිත බන්ධානාගාර ගතකරනු ලැබ සිටින දකුණු පළාත් සභා මන්ත්‍රී  එම්.කේ කසුන් මහතා  අද (20)   බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව මැද දකුණු පළාත් සභා රැස්වීමට සහභාගී විය.

පළාත් සභාව ආරම්භවූ විට ප්‍රකාශයක් කරමින්  කසුන් මහතා  පැවසුයේ කොස්වත්ත හන්දියේ සිද්ධියේෙ දර්ශන කීපයක් පමණක් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිම නිසා තමාට බලවත් අසාධාරණයක්වූ බවයි. එම සිද්ධියේ සම්පුර්ණ දර්ශන අනුව බස් රථයේ රියදුරු තමාට ප්‍රථමයෙන් පහරදුන් බව දැක ගත හැකි බවත් කිය. 

කසුන් මන්ත්‍රී වරයා පවසා සිටියේ බස් රියැදුරා ඇතුලු  විස්සකට අධික පිරිසක්  තමාට පහරදුන් අතර සිය බිරිය තමා බේරාගැනීමට  පැමිණි බවයි. තමන්ට ඇති ආදරය නිසා සිය බිරියටද  බන්ධනාගාර ගතවීමට සිදුවූ බවයි.මෙම බස්රථය  පාතාල නායකයෙකුට අයත්  එකක් බවද  මෙම සිද්දියේ වීඩියෝගතවී ඇත්තේ කොටසක් බවද සඳහන් කර සිටියේය.

මන්ත්‍රීවරයාගේ මෙම  ප්‍රකාශයෙන්  පසු සභාවේ උණුසුම්කාරී තත්ත්වයක්ඇති විය.  

මෙහිදී  අදහස් දැක්වූ දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති  සම්පත් අතුකොරල මහතා  පළාත් සභා  මන්ත්‍රී වරුන්ට නිකුත් කර ඇති ගිනි අවි   භාවිතා කිරීමේ ක්‍රමවේදය පිලිබඳව ප්‍රශ්න කර සිටි අතර  මන්ත්‍රීවරයාට අනතුරක් සිදුවන  අවස්ථාවක  ආරක්ෂාව වෙනුවෙන්  ගිනි අවිය වෙනත් අයෙකුට භාවිතා කළනොහැකි නම් එම  ගිනි අවියෙන් ප්‍රයෝජනයක්  නැතැයි ද සඳහන් කළේය.

දකුණු  පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ  මන්ත්‍රී  නලීන් හේවගේ මහතා පෙන්වා දුන්නේ මහජනතාවගෙන්  පත්වන මන්ත්‍රී වරුන්ට ආයුධ  අවශ්‍ය නොවන බවයි. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ  මන්ත්‍රීවරුන් කිසිවෙකු  ගිනිඅවි  ලබාගෙන නැති අතර දකුණු  පළාත් සභවේ සෙසු මන්ත්‍රීවරන්  අතරින් කවුරුන්  ගිනි අවි ලබාගෙන ඇත්දැයි නලීන් හේවගේ මහතා අසා සිටියේය.

මහජනතාවගෙන් පත්වන තමන් මහජනතාව සමග  එදිනෙදා ජීවිතය ගෙවන අතර තමන්ට කිසිදාක ගිනි අවි අවශ්‍ය  නොවන බවද පැවසු  නලීන් හේවගේ මන්ත්‍රීවරයා මන්ත්‍රීවරුන්ට  ලබාදුන්  ගිනිඅවි  නැවතත් ලබා ගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලීමක්ද කළේය.



අදහස් (14)

බස් රියැදුරාට පහර දීමේ නාටකය ගැන පළාත් මන්ත්‍රීගෙන් අලුත් පිටපතක්

theshan Tuesday, 20 March 2018 09:42 AM

මන්ත්‍රීතුමා, අපේ නම් ඇස් හොඳට පේනවා?

:       1       105

tommy Tuesday, 20 March 2018 09:59 AM

මේක අවසානයේදී බස් රියැදුරු තමන්ටම පහර දී ගත්තායයි කියා කෙලවර වුනොත්, එයද පුදුමයක් නොවේ.

:       12       179

tommy Tuesday, 20 March 2018 10:00 AM

මේක අවසානයේදී බස් රියැදුරු තමන්ටම පහර දී ගත්තායයි කියා කෙලවර වුනොත්, එයද පුදුමයක් නොවේ.

:       95       59

Bamunuarachchi Tuesday, 20 March 2018 10:17 AM

ඔබ ඔය කතාකොරන්නේ ඔබගේ පළාතේ ඡන්දදායකයින්ට නොව මුළු රටටමය. ඔබට ප්‍රශ්නකීපයකට පිළිතුරුදීමට සිදුවේ. අපේ රටේ දෙශපාළුවන් කියාගන්න වුන් උදේට කොන්ෆ්ලෙක් කිරි සමග අපේ වියදමින් කන්නෙත්, පිස්තෝල දකින්නේ අල්ලන්නෙත් දෙශපාලනයට ආවාට පසුය. කෙනෙකුට ගහලා ගුරුතුමා ගාවට ගියාම සර් එයාමට ඉස්සෙල්ලා ගැහැව්වා කියන කතාව පාසල් අවදියේ සිටම කරන නිදහසට කාරනාවකි. ඔබේ පිස්තෝලය ඔබේ බිරිඳට ගියේ කොහොමද?

:       0       541

Rohitha Tuesday, 20 March 2018 10:31 AM

මේවගේ අයට තමයි බෝගම්බර තියෙන්නේ...

:       1       1067

janahitha Tuesday, 20 March 2018 11:36 AM

එක කාණ්ඩයකට පමණක් විශේෂ වරප්‍රසාදයක් මොකද , රටේ ත්‍රස්තවාදයක් නැතිනම් මොකටද කාණ්ඩයකට ගිනි අවි , එහෙනම් මේවගේ අය ඔසවා තබන මහජනතාවට ආරක්ෂාවක් ඕනෑම නැතිද , මහජනතාවටත් ඔය පොඩි මරාගෙන මැරෙන ඇඳුම ගානේ රජයෙන් අඩුමුදලට දෙන්න .

:       0       238

සතයපාල Tuesday, 20 March 2018 12:05 PM

මෙයා දැන් බබාවෙලා අපි දැක්කනේ දෙන්න එකතුවෙලා බස් රියැදුරාට බිම පෙරලාගෙන ගහන හැටි . මේ පලාත් සභා මන්ත්‍රීලට මොකටද ගිණි අවි දේශපාලනයේ කරන්නනේ ආවේ පාතාලය මර්ධන කරන්න නොවෙයිනේ.

:       28       409

Upul Tuesday, 20 March 2018 12:12 PM

එදා චන්ඩියා අද නොන්ඩියා වෙලා.

:       38       215

dilan Tuesday, 20 March 2018 12:34 PM

බස් ඩ්‍රයිවර්ලත් කතා කරන්න දන්නේ නැහැ. ඒ ගොල්ලෝ හැසිරෙන්නේ පාරෙදි පාතාලකාරයෝ හැටියට... මම නම් ගැහුවට කැමතියි. මටත් දවසක් බස් කාරයෙක් ජරා විදියට කතා කළා.

:       2       43

rocky Wednesday, 21 March 2018 03:21 AM

මේ උන්නැහේ කතා කොරන්නේ කටින්ද කියල සැක හිතෙනවා. මොහුට පහර දෙන්න ඩ්‍රයිවර් කෙනෙක් ඉදිරිපත් වේවිද? අනිත් කාරනාව අපි දන්නවනේ මෙයා කාගේ පුත්‍රයෙක්ද කියලත්.

:       0       4

Uditha Wednesday, 21 March 2018 11:10 AM

ඇත්තටම මේ මිනිස්සුන්ගේ ලැජ්ජා නහරේ කපලද? රෙදි ඇඳගෙනද මේ ගොල්ලෝ මෙහෙම වැඩ කරලා තව මේවට ඇවිල්ලා කතා කරන්නේ?

:       0       23

chandana Wednesday, 21 March 2018 02:32 PM

මිනිසත් බවයේ අගය දන්නේ නැති අයට හොඳ හොඳ පාඩම්.

:       0       0

chandana Friday, 23 March 2018 03:20 AM

මේ වගේ අය නිසා තමා. මෙ සෙරේ ජන්දයත් කෙලෝ ගත්තේ. මම වගේ රටේ නායකයෙක් නම් එවලේම ගෙදර යවනවා . මෙහෙම යන තරමට අනිත් අයට හොද.

:       0       0

Shan Saturday, 24 March 2018 08:12 AM

කොහොමද බිරිඳගේ ආදරය? ඔන්න ආදර්ශයට ගන්න ඕන ගන්නවා නම්.... මේ මනුස්සයා මානසික රෝහලකට යවන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 89 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 206 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 922 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 110 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 274 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site