(ඩයනා උදයංගනී)

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඔහු ඇමැති ධූරයෙන් ඉල්ලා අස් නොවුවහොත් එයට පක්ෂව ඡන්දය දීමට තමන් තීරණය කළ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් පිළිබඳව  රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යුද හමුදාපතිවරයාට බලපෑම් කර ඇති බැවින් අමාත්‍යවරයා පරීක්ෂණවලට බාධා කරන බවට සමාජ මතයක් ගොඩනැගී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එම කරුණු සළකා තමන් මෙම තීරණය ගත් බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.