ප්‍රින්ස්  රත්නායක 
 
බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය කළ ලංගම බසයක් හා කොළඹ සිට බදුල්ල බලා ධාවනය කළ පෞද්ගලික බසයක් අද (12) මුහුණට මුහුණලා ගැටීමෙන් 9දෙනක් තුවාල ලබා රෝහල් ගතකර ඇත. 
 
මෙම අනතුරු සිදුවඇත්තේ බෙලිහුල්ඔය දැඩි වංගු සහිත ප්‍රදේශයකදීය. ලංගම බසයේ පැමිණි කාන්තාවන් දෙදෙනෙක් සහ පෞද්ගලික බස‍යේ   පැමිණි පිරිමි 7 දෙනෙක් තුවාල ලබා පඹහින්න ප්‍රාදේශීය රෝහළට ඇතුලත් කිරීමෙන් අනතුරුව බළන්ගොඩ මූලික රෝහළට ඇතුළත්කර ඇති බව රෝහල් ආරංචිමාර්ග වාර්තා කරයි. 
 
පෞද්ගලික බසයේ රියදුරුද සිද්ධියෙන් තුවල ලබා ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි ලංගම බසයේ රියදුරු විරුද්ධපස මාර්ගය හරහා  බසය අපරික්ෂාකාරී ලෙස ගෙනයාම හේතුවෙන් අනතුරු සිදුව තිබේ. 
 
සිද්ධියට අදාල බදුල්ල ඩිපෝවට අයත් ලංගම බසයේ රියදුරු  සමනලවැව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවත් 13 වැනිදා බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.