IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලික රසායනාගාරයකින් දුන් වැරැදි රුධිර වාර්තාව උස්සලා

බිඟුන් මේනක ගමගේ

වැරැදි රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාදී එය රෝගියාගේ ඇඳඉහපත් ගොනුවෙන් අස්ථානගත කළ සිදුවීමක් ගැන කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික රසායනාගාරයක් මගින් නිකුත් කර ඇති මෙම වැරැදි රුධිර පරීක්ෂණ වාර්තාව රෝගියාගේ ඇඳඉහපත් ගොනුවෙන් අස්ථානගතව ඇති බවට ඔහුගේ දියණිය වන නිමාලි පියතිස්ස මහත්මිය රෝහල් අධ්‍යක්ෂවරයාට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

පවුලේ වෛද්‍යවරයා රෝගියාට කළ නිර්දේශයක් මත ඉලෙක්ට්‍රොලයිට්ස් සේරම් නමැති පරීක්ෂණය අදාළ පෞද්ගලික රසායනාගාරයෙන් කළේ යැයි ද පසුව වකුගඩු සම්බන්ධ වෛද්‍යවරයකු විසින් වාර්තාව පරීක්ෂා කර තම පියාගේ ජීවිතය අවදානම් මට්ටමක ඇති බැවින් වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කරන ලෙස උපදෙස් දුන්නේ යැයි ඇය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම වාර්තාව වැරැදි වාර්තාවක් විය යුතු යැයි ද එසේ නොවේ නම් රෝගියා මිනිත්තු දහයක් වැනි කාලයකදී මිය යා යුතු යැයි ද අදාළ පරීක්ෂාව කළ වෛද්‍යවරයා පැවැසී යැයි ද ඒ අනුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අදාළ වාර්තාවේ දත්ත මත තම පියාට පොටෑසියම් ලබාදීමට රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කළේ යැයි ද නිමාලි පියතිස්ස මහත්මිය එහි සඳහන් කර ඇත.

පසුව රෝහලෙන් ද ඉලෙක්ට්‍රොලයිට්ස් සේරම් පරීක්ෂණය කළේ යැයි ද එහිදී පළමු වාර්තාවේ වැරැදි දත්ත මත ප්‍රතිකාර කිරීමට සිදුවීම නිසා තම පියාගේ සිරුරේ පොටෑසියම් අගය හෘදය අක්‍රීය වන තරමට ඉහළ ගොස් තිබුණු බවට වෛද්‍යවරුන් පැවැසී යැයි ද එම පැමිණිල්ලේ කරුණු සඳහන් කර ඇත.

අනතුරුව අදාළ වැරැදි වාර්තාව සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් පෞද්ගලික රසායනාගාරයෙන් කරුණු විමසීමෙන් පසුව එහි කළමණාකාරිත්වය තමාට දිගින් දිගටම දුරකථන ඇමතුම් දෙමින් එම වාර්තාව ඉල්ලාසිටියේ යැයි ද එහි සඳහන් වේ.

කෙසේ වෙතත් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි තම පියාගේ සුවදුක් බැලීමට තමා පසුව ගියවිට අදාළ වාර්තාව ඇඳඉහපත් ගොනුවෙන් අතුරුදහන්ව තිබුණේ යැයි ද නිමාලි පියතිස්ස මහත්මිය රෝහල් අධ්‍යක්ෂවරයාට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

 



අදහස් (4)

පෞද්ගලික රසායනාගාරයකින් දුන් වැරැදි රුධිර වාර්තාව උස්සලා

Rasika Thursday, 01 April 2021 07:42 AM

තවත් එක් වෙළඳාමක්... මිනිස්සුන් නැති කරන..

:       0       7

Indunil Thursday, 01 April 2021 08:00 AM

මොකක්ද ලැබ් එක..?

:       0       7

karuThursday, 01 April 2021 11:24 AM

කරුණාකරලා ඔය හොර ලැබ් එකේ නම සඳහන් කරන්න. බය වෙන්න එපා. මුළු ලංකාවේම ජනතාව ඔබ සමග ඉන්නවා. මේ වගේ හොරු රටෙන් පැන්නිය යුතුයි.

:       0       4

asela - wattala Thursday, 01 April 2021 11:26 AM

මගේ තාත්තාට එහෙම ඔය වගේ වැරදි වාර්තාවක් ඔය කියන ලැබ් එකෙන් දුන්නානම් අයිති කාරයෝයි, වැඩකරන නිකමුයි ඔක්කෝම ඇතුළට දාලා මම ඔය ලැබ් එක ගිනිතියනවා. මේ ඇත්තයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 81 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 215 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 563 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 841 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 320 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 158 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site