(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම මහ නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වී ඇතැයි එම පක්ෂ ආරංචි පවසයි.
නිවැරදි කාන්තා නියෝජනය නොමැතිවීම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් මෙම නාමයෝජනාවලිය ප්‍රතික්ෂේප වී ඇතැයි කියති.
මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දෙහිඅත්තකණ්ඩිය පදියතලාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වී ඇතැයි එම පක්ෂයේ ආරංචි පවසයි.
බලයලත් නියෝජිතයා හැර වෙනත් අයකු නාම යෝජනා බාරදීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවත් වැලිගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවද එම හේතුව නිසා ප්‍රතික්ෂේප වී ඇති බවත් වාර්තා වේ.
මේ අතර පානදුර හා අගලවත්ත ප්‍රදේශවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුද ප්‍රතික්ෂේප වී ඇත.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොහොට්ටුව මහරගමින් හැළෙයි
විමලේ Thursday, 14 December 2017 10:24 AM
මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ....
rohan perera Thursday, 14 December 2017 10:29 AM
මුළු රටෙන්ම හැලෙනවා දෙකක් නැහැ............
JEEWA Thursday, 14 December 2017 10:35 AM
පොහොට්ටුවට පොඩි හරි අඩුපාඩුවක් තියනවනම් කට්ටිය උඩ පැන පැන එක විස්තර මුලින්ම දාන්නේ , නිදහස් පක්ෂේ අඩු පාඩු පස්සේ දාන්නේ ඇයි ඔය තරම් පොහොට්ටුව්ට බය ?
Hemantha Thursday, 14 December 2017 10:40 AM
මුළු රටෙන්ම හැලෙන දවසක් වැඩි ඈතක නැහැ.
Thilak Thursday, 14 December 2017 11:05 AM
නාම යෝජනාවත් හරියට දීගන්න බැරිද? එහෙම නැත්නම් බොරුවක් කරාද? පැරදෙන බයට....
kuma Thursday, 14 December 2017 11:22 AM
අපොස සා පෙළ විභාගය ගැන මේ අයට ගාණක්වත් නෑ.. හැම තැනම සද්ද බද්ද. කාලකණ්ණි මිනිසුන්ට ලොකු මේක තමයි. රටට කරන මගුලකුත් නැහැ.
dev Thursday, 14 December 2017 11:23 AM
ද්‍රෝහීන් සතු වුණාට වෙන දේ බලමුකෝ. රකිමු අපේ ලංකා.. රකිමු අපේ ලංකා !!!
පිටිගල මිලානෝ Thursday, 14 December 2017 12:06 PM
ඇරඹුමම කඳුලක් වෙලා...!!!
Nandalal DE SILVA - France Thursday, 14 December 2017 12:16 PM
පිපෙන්නටත් ඉස්සර වෙලාම පොහොට්ටුව පරවෙලා ! සාමාන්‍ය පළාත් පාලන මැතිවරණ නීතිවත් නොදැන "වැඩ පෙන්නන්න" එන මෙවැනි දේශපාලකයන් මේ අවස්ථාවේදීම චුතවී ගිය එක ඡන්ද දායකයන්ගේම වාසනාවක් !!! වැරදිලාවත් මේ හාදයෝ ඡන්දෙන් දිනුවා නම් මොන විදියේ වැඩ කරාවිද කියලා කවුද දන්නේ?
mahinda Thursday, 14 December 2017 12:26 PM
කැහැට්ටන්ගේ පොහොට්ටුව මහරගමින් පමණක් නොව මුලු රටෙන්ම අතුගෑවී යනදිනය ඉතාම ආසන්නයි. සකලවිධ දූෂකයින්ට කිසිදු දිනක බලය නොලැබීම රටේම වාසනාවක්. මහබැංකු හොරුන්ටද රටේ ජනතාව මේ පාඩම ඉගැන්වූවොත් ජනතාව සබුද්ධිකයි යන්න මනාව ඔප්පු වේවි....
dias Thursday, 14 December 2017 12:30 PM
මුළු රටෙන්ම හැලෙන්නේ... එ්ක නවත්වන එක නවත්වන්න බැහැ.
sisira Thursday, 14 December 2017 12:55 PM
මුළු රටෙන්ම හැලෙනවා... වගේ...
Saman Thursday, 14 December 2017 03:24 PM
" පුදන කොටම කාපි යකා " කිව්වලු
Bamunuarachchi Thursday, 14 December 2017 11:51 PM
එක්කෝ අපි ඡන්දය නොදී ඉන්නවා. නැතිනම් ජවිප ය ට දෙනවා. එජාපය මේ ආත්මේ දෙන්නේ නැත. ශ්‍රී.ල.නි.ප අපට එපා සිරා ඉන්න තුරාවටම...
Bamunuarachchi Friday, 15 December 2017 12:24 AM
පොහොට්ටුව හැලුණොත් අපිත් හැලෙනවා. දැනටමත් රටට වෙලා තිබෙන දේ පේන්නේ නැද්ද? මහින්ද මහතා ගේ පාලන කාලයේ රටේ ආර්ථිකය කඩා වැටුණා කියන කතාවක් තිබුනේ නැත. දෙමළුන් ඊලම ඉල්ලුවේ නැත. ඡන්දය ගැනීමට මහින්ද මහතාට දූෂණ චෝදනා දැම්මා පමණි. ඒවාද එකක්වත් තවම ඔප්පුකර නැත. රනිල්, සිරිසේන පාලන කාලය තුළදීම මහා බැංකු වංචා ඇමතිවරුන්ගේ වංචා, දූෂණ, පාලු ගොඩනැගිලිවලට කෝටි ගණන් කුලී ගෙවීම් දෙමළුන් රටෙන් කෑල්ලක් ඉල්ලීම, අප විසින් ගොඩනගපු දේ පිටරැටියන්ට විකිණීම දැක දැක මේ අයට ඡන්දය දෙන ගොබ්බයෙක් වීමට මට නම් බැරිය.
BamunuarachchI Friday, 15 December 2017 01:00 AM
මහින්ද මහතාගේ රජයට දූෂණ සහ ණය චෝදනා පැමිණියේ 30 අවුරුදු යුද්දයක් ජයගෙන අවසාන කිරීම, අදිවේගී මාර්ගයක් ඉඳිකිරීම, මත්තල ගුවන් තොටුපලක් ඉඳිකිරීම, හම්බතොට වරායක් ඉඳිකිරීම, රටේම පාරවල්කාපට් කරදීම්, නොරෝච්චිකොලේ විදුලි උත්පාදනය කිරීම වැනි මහා ව්‍යාපෘති අවසාන වීමන් පසුවය. මොන ලොකේද හලෝ මෙවන් ව්‍යාපෘති දූෂණ නැතිව අවසන් වන්නේ? තමන්ගේම නිවස හැදුවත් බාස් සිමෙන්න්ති කොට්ට කීපයකින් හෝ වැලිවලින් කොමිස් ගහනවාමය. නමුත් මේ ආණ්ඩුව පත්වී මේ අවුරුදු 3 ට කරපු කිසිම සං වර්ධනයක් නැත නමුත් ඇමතිවරුන් විසිවී යන්නට තරම් දූෂණ සිදුවිය උහුලා ගන්න බැරිතරමට බදු බර වැඩිවිය මැති ඇමතියන්ගේ දීමනා වැඩිකර ගත්තේය. රටේ ආර්ථිකය අමාරුයි කියකියා වාහන ගෙවීමට ඇස්තමේන්තු දැම්මේය. දෙමල්ලු කිසිම බයක් නැතිව ඊලම ඉල්ලන තැනට රට ඇද දැම්මේය. එත් මේ ආණ්ඩුව හොඳයි කියන අය ද සිටිති.
මොහමඩ් නජිබ් අබ්දුල් කාදර් Friday, 15 December 2017 04:17 AM
ඉල්ලුම් පත්තරයක් පුරුවන්න බරි අයට ගම බාර දෙන්න එපා...........
janahinta Friday, 15 December 2017 05:36 AM
මේ වැඩෙන් වෙන්නේ අපේ වටිනා ඡන්දදායකයින්ගේ ඡන්ද ටික අපතේ ගිහින් බලාපොරොත්තු කඩවන එක නේද? මේවට වගකියන්න ඕන කවුද?
Sathyayaa Sunday, 17 December 2017 11:21 PM
දැන් හැලෙන්න තියෙන්නේ ලොම් තමා.
Sathyayaa Sunday, 17 December 2017 11:30 PM
මේ තත්වය විහිළුවට ගත යුතු දෙයක් නොවේ. මහරගම ගත විට කාන්ති කොඩිකාර නගරාධිපති ලෙස වසර ගණනාවක් සේවය කර තිබියදීත් කාන්තා නියෝජනය ගැන ඇයට හිතන්න අමතක උනා නම් ඇගේ ස්වාමි පුරුෂයා වන හිටපු ජනාධිපතිගේ අග්‍ර පුරෝහිතයෙක් වන උපාලි කොඩිකාරටවත් ඒ ගැන මතක්කර දෙන්න තිබුනා. දැන් ජනතාව ප්‍රශ්න කරන්නේ ඉටිමල් පොහොට්ටුව නිර්මාණය කළ මහා ආචාරියාගේ මොළය මේ වෙලාවේ අක්‍රීය තත්වයේ තිබුනාද කියා.