Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරු 3.00 ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
එහිදී පළමුවෙන් වත්මන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වයට පත්කර ගැනීමට නියමිතය. පසුව ඔහු විසින් එම පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ නම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අනතුරුව පක්ෂය සඳහා නව නිළධාරී මණ්ඩලයක් පත්කර ගැනීමද මෙහිදී සිදුවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද එම සම්මේලනයට සහභාගී වීමට නියමිත බවද වාර්තා වේ.
මෙම සම්මේලනය සඳහා සහභාගී වන කාන්තාවන්ට කුරහන් පැහැති ඔසරියෙන් සැරසී පැමිණෙන ලෙස දන්වා ඇති අතර පිරිමි පාර්ශවයට ජාතික ඇඳුමින් සැරීසී පැමිණෙන ලෙස ද දන්වා ඇත.
සම්මේලනය අවසන් වීමෙන් පසුව නව ජනාධිපතිවරණ අපේක්ෂකයා එදින සවසම කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට හා කැලණිය රජමහා විහාරයට පැමිණ මහා සංඝරත්නය බැහැ දැක ආගමික වතාවත් සඳහා සහභාගී වීමට නියමිතය.
මෙම සම්මේලනය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන සියලූම දේශපාලන පක්ෂවලට, වෘත්තීය සමිති නියෝජිතයන්, කලාකරුවන්, තනාපතිවරුන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර තිබේ.
sanjayasde@yahoo.com Sunday, 11 August 2019 06:57 AM
ඔය පක්ෂ නායකත්වය ගැනීම නිවැරදිද? එමෙන්ම එම මන්ත්‍රීවරු ඔය පක්ෂ සාමාජිකත්වයට බඳවා ගැනීමත් එහෙමද?
Reply : 22 5
Thilina Sunday, 11 August 2019 07:11 AM
මං පක්ෂයක් බදා ගත්තු දේශපාලන ගැත්තෙකු නෙමේ... නමුත් මගේ සරල පැහැදිලි කිරීම නම්... 1. එළඹෙන ජනාධිපති මැතිවරණයේදී අපි කවුරු හෝ පුද්ගලයෙක් ජනපති ලෙස නම් කරගත යුතුයි. 2. දැඩි විනයක් යටතේ රට පාලනය කල හැක්කෙකු විය යුතුය. 3. වැඩියෙන්ම වැරදි කරපු අය ප්‍රතික්ෂේප වියයුතු අතර අඩුවෙන් වැරදි කළවුන් අකමැත්තෙන් වුවද තෝරාගත යුතුය. 4. පුද්ගලිකව කවර තරමේ දක්ෂ පුද්ගලයෙකු වුවද පළපුරුදු පසුපෙළ කණ්ඩායමක් නැත්තෙකුට රට පාලනය කළ නොහැක. (ඒ අනුව නාගානන්ද, පල්ලෙවත්ත වැනි අයවලුන් හුදෙක් තාත්වික චරිත පමණි...) 5. ජනතාවගේ මුදලින් කම්මැලියන් පෝෂණය නොකර, සියලු ජනතාවට හොඳ ආර්ථික ශක්තියක් ගෙනදෙන වැඩ පිළිවෙලක් තිබිය යුතුයි.
Reply : 352 314
anvar alahudeen Sunday, 11 August 2019 11:15 AM
නාගානන්ද පුහුණු වන්නෙකු ලෙස ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට බඳවා ගත යුතුය. කවුරු කොහොම හිතුවත් මීළඟ ජනාධිපති තීරණය කරන්නේ අපි සමඟ උතුරේ ජනතාව. ඒක තමා ඇත්ත තත්වේ.
Reply : 42 18
kolam boss Sunday, 11 August 2019 07:19 AM
ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා කියන්න එතෙන්ට අඬගහන මිනිස්සුන්ට ඇඳගෙන එන ඇඳුමත් යෝජනා කරන පක්ෂයක් බලයට පත් වුනොත් ජනතාවට මොනවා අඳින්න කියයිද? කතාවක් තියෙනවනේ මඩ හොදාගත් කළ ගොවියාත් රජකමට සුදුසුයි කියලා. ඒ හින්දා අමුඩේ ගහන් එන්න කිව්වා නම් තමයි ගොඩක් හොඳ... මෙච්චර කල් ඇමෙරිකාවට වෙලා හිටපු, කලිසම් කෝට් ඇඳපු අපේක්ෂකතුමත් ජාතික ඇඳුම ඇඳගෙන එන හැටි බලන්න ආසයි.
Reply : 114 143
Prabha Sunday, 11 August 2019 07:41 AM
කුරහන් පැහැති සාරිය... මේක පක්ෂෙ පාටද... එහෙමත් නැතිනම් පවුලේ පාටද?
Reply : 114 137
ලුම්බිණි Sunday, 11 August 2019 08:12 AM
කුරහන් පැහැති ඔසරියෙන් එන්නේ කොහොමද? දකුණේ අය අඳින්නේ සාරි නේද?
Reply : 211 237
gunarathna Sunday, 11 August 2019 08:25 AM
මහින්ද මහත්තයෝ, පුලුවන් නම් මෛත්‍රී ජනාධිපතිව පොහොට්ටුවේ වේදිකාවට ගෙනාවොත් ගෝඨා උඩින්ම එනවා. ඔය දයාසිරිලගේ, දුමින්දලාගේ කයිවාරු සේරම නවතිනවා.
Reply : 184 66
සෑම් Sunday, 11 August 2019 08:33 AM
පොහොට්ටුව මොකා දැම්මත් මෙදාපාර අනිවාර්යෙන්ම පරද්දනව.. පරද්දනව.. පරද්දනවාමයි. රටේ ජනතාවගේ මුදල් පවුල් පිටින් කල්ලි පිටින් හොරකාපු හොර නඩේ අවසානය මෙවර ඡන්දයයි.
Reply : 711 1064
Ramani Sunday, 11 August 2019 09:42 AM
සම, ඔබගේ තනි ඡන්දයෙන්ද? නැත්නම් කොහොමද පරද්දන්නේ...
Reply : 6 55
jisthi matara Sunday, 11 August 2019 11:30 AM
බම්බුව තමයි.. කරන දෙයක් නැහැ. එය කරන්නේ අපිලම තමයි.
Reply : 1 0
ඉඳුනිල් ප්‍රියන්ත Sunday, 11 August 2019 08:41 AM
පරණ සාටක හොරු අලුත් ලේබලයකින් පැමිණි වගයි.
Reply : 665 622
janahitha Sunday, 11 August 2019 11:21 AM
හෙට ටයි, කෝට් හොරු ඩ්රයික්ලීන්වෙලා එ්වි. නයිස් ටු සී කියාගෙන... එ්ක නම්බු නොවැ.
Reply : 0 1
athula Sunday, 11 August 2019 08:50 AM
ඔය පව්කාරයෝ ආවොතින් කැලේ ඉන්න අලි පැටවෙකුටවත් ජීවත් වෙන්න දෙන්නේ නැහැ. නරුමම කණ්ඩායම හොරකම්, දූෂණ, මත්කුඩු, අපරාධ කාරයින්ගේ තිප්පොළක් පොහොට්ටුව කියන්නේ... නාමල් ආපහු ගෝල් ෆේස් වහලා රේසින් කාර් පදින්න එනවා.
Reply : 232 417
janahitha Sunday, 11 August 2019 11:28 AM
හොරකම්, දූෂණ, මත්කුඩු, අපරාධකාරයින්ගේ තිප්පොළක් පවතින පාලනය කියන්නේ...
Reply : 2 5
Sampath Sunday, 11 August 2019 09:24 AM
පරණ හොරු නැවත පැමිණෙන්නේ පෙර වැරදි ගෙන නිසා මින්පසු ඔවුන් සොරකම් කරන්නේ කිසිවෙකුටත් අසුවෙන්නට නොවේ. හොරුන්ගෙනුත් හොඳම සොරා තෝරාගැනීම හැර ජනතාවට කිසිම විකල්පයක් නැත. තිබ්බත් ජනතාව එය කරා යොමුවෙන්නේ නැත. අප තාමත් ඒ සඳහා සූදානම් නැත. උගත්, බුද්ධිමත් පිරිසක් කිසිදිනක අපගේ ජනතාව පත්නොකරනු ඇත.
Reply : 3 29
ඉඳුනිල් ප්‍රියන්ත Sunday, 11 August 2019 10:29 AM
සම්පත් මහතාණෙනි, අගෝස්තු 18 සවස 3 ට ගාලුමුවදොර පිටියේදි අපි ජනතාවාදි අපේක්ෂකයෙක් තෝරා ගනිමු .
Reply : 11 5
mohammed Rizan Sunday, 11 August 2019 10:52 AM
ගොන් කතා කියන්න එපා...අවුරුදු 4 ක් මොනවද කලේ? හොරු නම් ඇයි දඩුවම් දුන්නේ නැත්තේ? ඔප්පු කරල පෙන්නුවද ?.කෝ සාක්ෂි? . බොරු බේගල් කියන්න එපා...නොවැම්බර් වල නියම හොරු කවුද කියල ප්‍රතිඵල වලින් බලාගමු.......
Reply : 0 70
Mohammed Rizan Sunday, 11 August 2019 10:47 AM
ජය පතන්න ඕනි. ත්‍රස්තවාදය නැතිකර මුල්ම අහිංසක මුස්ලිම් ජනතාවට ගොඩක් හොඳයි කියලා කියනවා. අායෙත් කොළඹ සුර පුරයක් කරයි කියලා හිතනවා..
Reply : 1 20
සරත් Monday, 12 August 2019 02:12 AM
දැඩි විනයෙන් රට පාලනය කළ හැකි අඩුවෙන් චෝදනා ඇති දැක්මක් සහිත දෙස් වගේම විදෙස් ප්‍රශ්න වලට මුහුණ දිය හැකි, හොඳ පාලකයෙක්, නායකයෙක් රටට අවශ්‍යයි. ඉන්න අයගෙ හැටියට නම් ඒ මෙයා තමයි.
Reply : 8 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.