IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොහොට්ටුවත් - ශ්‍රීලනිපයත් මැතිවරණ කොමිසමට ලිපි යවයි

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරණය ඉතාම ලඟම දිනයක පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ජනාධිපතිවරණය දුරම දිනයක පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මැතිවරණ කොමිසමට ලිපි යවා තිබේ.

මැතිවරණ කොමිසම එම ලිපි කිසිවකටත් ප්‍රතිචාර දක්වා නැත.

ජනාධිපතිවරණය පැවැත්විය හැකි ලඟම දිනය නොවැම්බර් 9 වැනිදා වන අතර දුරම දිනය දෙසැම්බර් 7 බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.



අදහස් (17)

පොහොට්ටුවත් - ශ්‍රීලනිපයත් මැතිවරණ කොමිසමට ලිපි යවයි

රජින්ද Thursday, 12 September 2019 06:53 PM

බලයට ඇති මලපෙරේතකම කියන්නේ මාසයක් කලින් ඉවත් වෙන්න හිත හදාගන්නවත් බැහැ.

:       37       61

Chanak los angeles Thursday, 12 September 2019 08:08 PM

හෝ හෝ.. ඔන්න බය වුණා. හොඳටම පැහැදිලියි ගෝඨාගේ කෞතුකාගාර පෙත්සම පැරදුණාට පසුව ඔහු දන්නවා ඔහුට අත්වෙන ඉරණම. හොරාගෙන තිබෙන මුදලෙන් සුළු මුදලක් ගෙවා දමා තිබෙන නිසා මේක නිකම්ම ඔප්පු වෙනවා. දැන් බලන්නේ හැකි ඉක්මණින් ජනපතිවරණය දිනාගෙන නඩුවලට වැඩේ දෙන්නයි. අපි ඉල්ලනවා පුලුවන්නම් ඡන්දය තව කල් දමන්න කියා.

:       634       307

Chanak los angeles Thursday, 12 September 2019 08:23 PM

මැතිවරණය තබන්න දින නියම කර තිබෙන දිනයටයි ඒක පවත්වන්න ඕනේ... එහෙම නැතිව ඕන ඕනෑ වෙලාවට කාගේවත් වුවමනාවට ඡන්ද තබන්න නීති කොහෙද තිබෙන්නේ? ඡන්ද කොමසාරිස් වැඩ කරන්නේ නීතියට යටත්වයි. ඝෝඨාම කියකියා යනවා නේද රටේ තිබෙන්න ඕනේ එකම නීතියක් කියා? එතකොට රටේ එකම නීතියක් තිබෙන්න ඕනේ කියන පොහොට්ටු අපේක්ෂකයා මේ දැන් කරන්නේ බලපෑමක් කරමින් නීතිය අවනීතිය කිරීම නොවේද? අනේ කාලේ වනේ වාසේ...

:       69       105

de silva berlin Friday, 13 September 2019 01:04 AM

ඕක කල් දමන්නේ නැතුව නොවැම්බර් මාසෙම තියන්න.. දෙසැම්බර් මාසේ නව සංචාරක වාරය ආරම්භ වෙනවා. එ්කේ ඡන්ද පැවැත්වූවොත් වෙන්නේ විශාල ආර්ථික පාඩුවක්.. අනිත් එක දැනට සිටින ජනාධිපතිවරයාට කිසිම දෙයක් කර කියාගන්න බැරුව ඉන්නේ... එතුමා කරන්නේ නිකරුනේ රට වටේ ඇවිද ඇවිද කිසිම හරයක් නැති කතා පවත්වන එකයි. දැන් කළයුතු එකම දෙය ඉතා ඉක්මණින් ජනාධිපතිවරණයක් පවත්වලා, අලුත් ජනපතිවරයෙක් පත්වුණාට පස්සේ, පාර්ලිමේන්තුවට අවුරුදු 4 1/2 සම්පූර්ණ වන දින ඔහුට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් මැතිවරණයකට යන්න. එතකොට ජනතාවට පුළුවන් අලුතෙන් පාර්ලිමේන්තුවක් පත්කරගෙන රට ඉදිරියට ගෙනයන්න. දැනට පවතින තත්වය එකම අවුල් ජාලාවකි. රටේ ආර්ථිකය සහ ආරක්ෂාව දිනෙන් දිනම වලපල්ලට වැටේ...

:       35       112

SimonFriday, 13 September 2019 01:50 PM

අවදිවන්න අවදිවන්න හිරු පායලා හීන දැක්කා ඇති...

:       0       2

Chathuri Friday, 13 September 2019 01:11 AM

ලිපි යවනවට වැඩිය හොඳ නැද්ද පොල් ගැහුවා නම් ඉස්සර පොඩිදේටත් පොල් ගහනවා. ආණ්ඩුව පෙරලන්න කොච්චර පොල් ගැහුවද? අන්තිමට තමන්ටමයි වැදුනේ...

:       0       118

ගොන්ගාලේ ගොඩබණ්ඩා Friday, 13 September 2019 01:54 AM

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියන්නෙත් වැල යන අතට මැස්ස ගහන කෙනෙක්... හරියට සද්ද දැම්මට වැඩ නෑ. 'ජනාධිපතිවරණය පැවැත්විය හැකි ලඟම දිනය නොවැම්බර් 9 වැනිදා වන අතර දුරම දිනය දෙසැම්බර් 7 බව මම කිව්වා තමයි. ඒත් අවුරුද්ද කිව්වේ නෑ. ඒක 2020 හෝ 2021 වුණත් වෙන්න පුළුවන්, තාක්ෂණික ගැටළු කිහිපයක් තියනවා. ඒකට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනෑ" කියන්න බැරි හාදයා. ඕකට තමයි කියන්නේ "නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක්" කියලා.

:       100       28

rohana Friday, 13 September 2019 02:01 AM

ඔව්, එ්ක හොඳයි... ඇමරිකන් කාරයට ඉක්මණට ආපහු ඇමරිකාවට යන්න පුළුවන්නේ...

:       206       280

මුණසිංහ Friday, 13 September 2019 02:01 AM

ජනාධිපතිවරණය නොවැම්බර් 15 ‍හෝ 16දා පවත්වන්න.

:       59       0

Jaya Friday, 13 September 2019 02:11 AM

පුටුවට යන්න තියන හදිස්සියක්.. පුටුව දාලා යන්නෙ නැතේ....

:       1       2

ගාමිනී පියදාස Friday, 13 September 2019 05:10 AM

මේ පක්ෂවල මුල් තනතුරුවල ආචාර්ය, මහාචාර්යවරු ඉන්නවා නේද? ඔවුන් මැතිවරණ පැවැත්විය යුත්තේ අණපනත් හා නීතිරීතිවලට කියා දන්නේ නැද්ද? එවැනි සාමාන්‍ය දැනුමක්වත් නැති අයට ඡන්දය දීමට සුදුසුද හිතා බලන්න. නුවණැත්තෝ සිතත්වා !!!

:       1       94

rohan Friday, 13 September 2019 06:07 AM

එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ කොමිසමේ නිර්දේශ මත දිනයක් පවත්වන ලෙස බලා සිටියි.

:       2       22

kalana Friday, 13 September 2019 06:15 AM

ලිපි දෙකක් පොහොට්ටුව යටතේ එකට ජනාධිපතිවරණයට ලැජ්ජා නහර දෙගොල්ලන්ගේම කපාගෙන ඉන්නේ... මේවා බොරු මවාපෑම්...

:       0       5

Sanath Kandy Friday, 13 September 2019 06:44 AM

අනේ ඔන්න ඕක ඉක්මනට තියලා දාන්න දේශප්‍රිය මහත්තයෝ... අපිට මේ නාඩගම් බලලා ඇතිවෙලා තියෙන්නේ...

:       0       11

sam Friday, 13 September 2019 10:35 AM

අපේක්ෂකතුමාට විරුද්ධව තියන නඩු, විභාග කරලා තීන්දු දෙන්න ඉස්සෙල්ලා මැතිවරණය පවත්වන්න කියලා කිව්වා නම් තමයි වඩාත් නිවැරදි...!

:       6       31

de silva Friday, 13 September 2019 05:47 PM

පසුගිය කාලෙම කියකියා හිටියේ මැතිවරණයක් අවශ්‍යයි කියලා, දැන් අපේක්ෂකයෝත් තෝරාගෙන ඉවරයි. දැන් මොකද පස්ස ගහන්නේ වීරයෝ වගේ රඟ පෑවට ඡන්දෙට බයද?

:       0       17

මැකෝ Tuesday, 17 September 2019 11:48 AM

උඹලට තියෙන හදිස්සියක් මට නැහැ. ඉන්නවා අපි තුන්දෙනාම කතාකරගෙන දවසක් තීරණය කරනවා. ඒ නැකත් නැති දවසක්. ඒ අයට හරියන්නේ ඒ වගේ දවසක්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 709 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 258 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 320 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 289 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 480 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4085 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site