IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලිසිය නොමග යැවූ නැන්දා අත්අඩංගුවට

( ගම්පහ තිලකරත්න දිසානායක.)
ගම්පහ නගරයේ පාළු ප්‍රදේශයක අශෝභන ලෙසින් සිටි පාසල් සිසුවියක (15) සහ සිසුවකු (17) පොලිස් භාරයට ගෙන මවුපියන් කැඳවූ අවස්ථාවේ  සිසුවියගේ මව ලෙස සිසුවාගේ නැන්දා පෙනී සිටී ඇති බවත් පොලිසිය නොමැග යැවීමේ චෝදනාව මත  ඇය අත් අඩංගූවට ගත් බවත්  ගම්පහ පොලිසිය කියයි.
සති අන්ත දිනයන්හිදී ගම්පහ නගරයට 80000 කට අධිධික තරුණ සිසුන් පිරිසක් පැමිණෙන බැවින් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරෙන සෝදිසි වැඩ පිළිවෙල යටතේ ඉකුත් ඉරිදා (16) දහවල් ගම්පහ නගරය ආශ්‍රිතව පිහිටි ලැගූම්හල්,  සිනමාශාලා සහ පාලු ස්ථාන සෝදිසියට ලක් කළේය. ඒ අනවු නව මිනුවන්ගොඩ මාර්ගය ආසන්නයේ පාළු ප්‍රදේශයක අශෝභන ලෙසින් සිටි මෙම  සිසුවිය සහ සිසුවා පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් බාරයට ගත් සිසුවා සහ සිසුවිය ඔවුන්ගේ මවුපියන්ට බාරදීම සඳහා ඔවුන්ගේ මවුපියන් කැඳවීමට පියවර ගත්තේය. ඒ සිසුවාගෙන් හා සිසුවියගෙන් ලබාගත් දුරකතන අංකයවලට අනුවය.  දැරියගේ මව ලෙසට පොලිසියට පැමිණි කාන්තාවගේ හැසිරීම ගැන  සැකසිතූ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂිකා සමන්ති රේනුකා මහත්මිය එම කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී  එම කාන්තාව දැරියගේ මව නොව පෙම්වතාගේ පියාගේ නැගනිය ය බවට හෙළිවිය.



අදහස් (7)

පොලිසිය නොමග යැවූ නැන්දා අත්අඩංගුවට

Nandalal DE SILVA - France Monday, 17 July 2017 05:00 PM

අනේ ඉතින් ඔය හුටපටේට අමුතුවෙන් අටුවා ටීකා

:       7       26

Nandalal DE SILVA - France Monday, 17 July 2017 05:11 PM

සමාවන්න... මගේ කොමෙන්ට් එක පොඩි ප්‍රශ්නයක් නිසා අවසන් කිරීමට පෙර ගියා.... මෙන්න එකේ ඉතුරු කොටස. කොල්ලා පොලිසියෙන් බේරා ගන්න ඇවිත් තියෙන්නේ කොල්ලගේ අනාගත නැන්දම්මා නේ. එයාව බේරා ගෙන කෙල්ලව එයාගේ බෙල්ලේ එල්ලන්න මේ අම්ම නියම අන්දමට රඟපෑමක් කර තිබෙනවා. කවුද කියන්නේ ගෑණු මොලේ හැඳි මිටේ දිගයි කියල ?

:       26       34

raveendra Monday, 17 July 2017 05:52 PM

කෙනෙකුගේ ජිවිතේ ලස්සනම කාලය තමා පාසල් කාලය. නමුත් අපේ රටේ දරුවන් ඉගෙනීම පසෙකලා වෙනත් දේවලට හිත්යොමු කිරිම ඉතා කණගාටුදායකි. අනේකවිද රූපවාහිනි නාලිකා වල පෙන්වන ටෙලි නාට්‍යයන් ද මේ දරුවන්ගේ අවනීත හැසිරීම් වලට තවත් එක් හේතුවක් වේ.

:       17       161

පිටිගල මිලානෝ Monday, 17 July 2017 10:31 PM

ජීවිතයේ ලබන්න පුළුවන් උපරිම නිර්ව්‍යාජ ආදරය තිබෙන්නේ පාසල් ප්‍රේමය තුලයි. ඊට මුහුකුරා ගිය විශ්වවිද්‍යාල ප්‍රේමයද චමත්කාර නමුත් එය වගකීම් සහිත නිසා ප්‍රමිතීන් වැඩියි. ලංකාවේ නම් මා දන්නා පරිදි කෙසේ හෝ ගැහැනියක් සමග ශාරීරිකව එක්වීම පිරිමින්ට මහා වීරකමකි. පිරිමින් මේ හොර දුරාචාර පිරිමි යහළුවන් සමග බෙදාගන්නේ ලොකු දෙයක් කළා මෙනි.

:       85       60

චාන්දනී ද අල්විස් - රෝම්Wednesday, 19 July 2017 07:16 AM

පිටිගල මිලානෝ, ඔයා හැමදාම කතාකරන්නේ " මම සුදනා , අනිත් අය ඔක්කොම මෝඩයෝ වැරදිකාරයො ඒ අය මුකුත් දන්නේ නැහැ ..මම තමයි ඔක්කොම දන්නේ.." යන මතයේ සිට බව අපි දන්නවා. ඔබගේ මෝඩ අදහස් නිසා මේ පිටුවේ සිටි උගත් වැදගත් කිහිපදෙනෙක්ම අපිට අහිමිවුණා...

:       0       0

Kamal Tuesday, 18 July 2017 02:38 AM

බොන්ඩ් හොරුයි අල්ලනව කියපු හොරුයි ඔක්කොම එලියෙ ඉද්දි පොලිසිය සිනමාහල් ඇතුලෙ රින්ගනවා. ලැජ්ජාවක් කියල එකක් නැද්ද?

:       141       316

sahan Tuesday, 18 July 2017 08:09 AM

පොලීසියේ මාමලා... නැන්දම්මට හොඳට සලකාවි නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1043 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 461 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 599 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 372 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1839 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 906 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1492 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site