(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කර කළහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ හිමි නම රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් ධර්ම ශ්‍රී මනතුංග මහතා නියෝග අද (25) නියෝග කළේය.
එමෙන්ම දැඩි ඇප කොන්දේසි මත මත හිමිනම මුදාහැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා නඩුවේ පාර්ශවකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සෑම ඉරිදාවකම වාරියපොල පොලිසියේ පෙනී සිටින ලෙසත් හිමිනමට දන්වා සිටියේය.
පසුගියදා ඇති වු මෙම සිදු වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිමි නම අද උදෑසන නීතීඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට බාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මෙසේ ඇප නියම වූයේ වාරියපොල ප්‍රදේශයේම පන්සලක හිමි නමක වූ වඩුගෙදර සාරානන්ද හිමියන්ටය.
හිමිනම සමඟ සිද්ධිය වූ දින (ඉකුත් 20) වැනිදා පොලිසියට පැමිණි පුද්ගලයින්ගේ පහරදීමකට ලක්වූ බව කියන පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් සදගිරි බණඩාර සහ දිස්නා විජේසිංහ යන නීතීඥවරුන් පෙනීසිටියහ.
සදගිරි බණඩාර මහතා වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය මෙම අවස්ථාවේ ශක්තිමත් පැමිණිල්ලක් ඉදිරිපත් නොකරන බැවින් තමන් ඉදිරිපත් වන බවයි.
නොයෙකුත් මාධ්‍ය මගින් මුදාහල වීඩියෝ සහ හඩපටි ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය පිළිබඳව රටම බලාසිටින බව පැවසූ නීතීඥවරයා හිමිනමට ඇපලබා නොදෙන ලෙසද ඉල්ලා සිටියේය. සිය සහෝදර නිලධාරියෙකු වෙනුවෙන් පොලිසිය කටයුතු කරන ආකාරය ලැජ්ජා සහගත බවද සදගිරි මහතා පැවසීය.
හිමිනම වෙනුවෙන් ප්‍රසද් සිල්වා මහතා සහ චමිලා දිල්රුක්ෂි මහත්මිය පෙනී සිටියහ. එම නීතීඥවරුන් කියා සිටියේ පොලිස් පරීක්ෂකවරයාට කිසිදු ආකාරයක පහරදීමක් සිදුවී නැති බවත් සමාජ මාධ්‍ය සහ තවත් නාලිකාවන් කීපයක් මෙම සිද්ධිය වෙනතකට හැරවූ බවයි.
පොලිසිය තුළ කලහකාරී ලෙස හැසිරුණු පිරිස ඉවතට ගෙනයන ලද්දේ මෙම හිමිනම විසින් බවද නීතීඥවරුන් පෙන්වා දුන්හ.
එමෙන්ම ඊයේ (24) වනවිටත් පොලිසියට ඉදිරිපත් වන ලෙස හිමිනම වෙත කිසිදු දැනුම්දීමක් නොතිබූ බවත් උන්වහන්සේ ස්වකැමැත්තෙන්ම පොලිසියට ඉදිරිපත් වූ බවද නීතීඥවරුන් කීහ.
පොලිස් පරීක්ෂකවරයා මේ අවස්ථාව වනවිට අමාරුවේ වැටී ඇති බවත් ඔහුගේ රැකියාව බේරාගැනීමට නීති සහය ලබාගෙන ඇති බවත් හිමිනම වෙනුවෙන් පෙනීසිටි නීතීඥ දෙපල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වමින් කියා සිටියහ.
සියලු කරුණු සැලකිල්ලට ගත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
ඇප ලබා දීම සඳහා ස්වෙච්ඡාවෙන් පොලිසියට ඉදිරිපත් වීම, භික්ෂුවක් වීම සහ රටතුල පවතින වසංගත තත්වය යන කරුණු සැලකිල්ලට ගත් බව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝගය ලබාදෙමින් දැන්වීය.
මෙම නඩුව නැවත අප්‍රේල් මස 29 දින කැදවීමට නියමිත අතර පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව අධිකරණය වෙත වෙනම කරුණු දැක්වීමට නියමිතය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොලිස් පරීක්ෂකට තර්ජනය කළ හිමිනම දැඩි ඇප කොන්දේසි මත මුදා හරියි
Mr don Saturday, 25 April 2020 09:47 AM
කාගේද තීන්දුව? දේශපානල අතපෙවීමක්.
Sk Saturday, 25 April 2020 10:48 AM
මාර පොලිසියක්....
lalSunday, 26 April 2020 12:40 AM
ජනතාවට කන්න හාල් බෙදපු රන්ජන් රාමනායක පොලිසියට තදින් කතා කලා කියලා හිරේ දැම්මා. කසිප්පු මුදලාලිව බෙිරන්න පොලිසියට බැනපු, පසුව ගැහුවයි කියන හිමිනමට ඇප. ඇයි මේ? එකම රටේ නීති 2 ක්ද ?
silva Saturday, 25 April 2020 10:50 AM
බුද්ධාගම විනාශ කරනුයේ වෙනත් ආගම නොව අපේම සමහර හාමුදුරුවරු ...
samSaturday, 25 April 2020 10:49 PM
අපේ සංඝනායක සහ අධිකරණ සංඝ නායක හිමිවරුන් මේවාට වගකිවයුතුයි.
sg Saturday, 25 April 2020 01:21 PM
ශ්‍රී ලංකා පොලිසියේ කොන්ද කඩා ඇත්තේ දේශපාලකයෝය... මෙ සිද්ධිය පිටුපස දේශපාලනයක් තිබෙ...
Hafeel Saturday, 25 April 2020 03:06 PM
මෙම නඩු විභාගය යන විදියට අර පොලීස් පරීක්ෂකවරයා අමාරුවේ වැටනවා වගේ. රටේ නීතිය වල්වෙලා...
Mr don Saturday, 25 April 2020 06:41 PM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...
Gamini Saturday, 25 April 2020 07:00 PM
සමාජ මාධ්‍ය තුලින් ඇසීමට ලැබුණු පරිදි මෙම භික්ෂුව භාවිතා කල අශ්ලීල වදන් වැදගත් ගිහියෙකුවත් භාවිතා නොකරනු ඇත. පොලීසිය වැරදි නම් එයට ක්‍රියා කිරීමට නීතිමය ක්‍රමවේදයක් ඇත. සමාජයට ආදර්ශයක් වියයුතු අයගේ හැසිරීම ඉතාමත්ම ලජ්ජා සහගතය. බොද්ධයන් වශයෙන් අපද ලජ්ජාවට පත් වන අතර සාසනයේ සහ සමාජයේ පිරිහීමට හේතු මේවා බව තේරුම් ගත යුතුය. හමුදුරුකෙනෙකුට වුවද දෙදන නැමීමෙදී දෙපාරක් සිතා බැලිය යුතුව ඇත.
ramindaSunday, 26 April 2020 11:52 AM
මේ දුශ්ශීලයාට පක්ෂව නෙගටිව් කමෙන්ට්ස් 4000 ගණනක් දමන්න පුළුවන්... අප දැනටමත් මේ පුද්ගලයාගේ විස්තරය, පන්සලේ වැඩ, ඔහුගේ දරුවන්.. ආදිය සොයාගෙන ඇත.
Lelwala Sunday, 26 April 2020 03:56 AM
මේ රටේ ඇත්ත තත්වය මේක තමා. මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලදාරින්ට වෙන්නේ යුනිෆෝම් එක තියලා ගෙදර යාම හෝ සිරගත වීම. බෞද්ධ භික්ෂුවකගේ ක්‍රියා කලාපය ඉතා පහත්ය.
samiraSunday, 26 April 2020 11:54 AM
එහෙනම් භික්ෂුවක් නොවෙයි... හොරෙක්..!!!
saman Sunday, 26 April 2020 05:18 AM
අපේ මහානායක හමුදුරුවරුනේ. මේ ගැන හොයන්න. මේ හාමුදුරුවන් වැරදිනම් වහාම නිකාය මගින් සුදුසු විනය පියවරක් ගන්න. හාමුදුරුවෝ මොකද පොලිසියට මුලින්ම යන්න හේතුව කියලත් හොයන්න. කවුද එන්න කිව්වේ, ඕවත් හොයන්න. මේ හාමුදුරුවන් නිවැරදිනම් එයත් නියමාකාරයෙන් ලොවට දැනුම් දෙන්න. නිසි පියවර ගන්න. අපේ නායක හාමුදුරුවරු මේ දේවල් නොදැක්කා වගේ ඉඳීම නිසා තමයි සංඝ සමාජයත් අපිවගේ බෞද්ධයනුත් රටේ ලෝකයේ ගැරහීමට ලක්වන්නේ...
මහානායක හාමුදුරුවෝ ( ඇක්ටින් )Sunday, 26 April 2020 12:00 PM
අපෝ.. මහත්තයෝ... ඔය අශුචි වළවල්වලට අපි අත දමන්නේ නැහැ. මේ භික්ෂුවක් ලෙස වෙස්වලාගත් කෙනෙක් පමණයි. එ් නිසා මහත්මයාලාට සුදුසුයි කියලා හිතෙන දඬුවමක් ඔය වසලයාට දෙන්න. හැබැයි ..සිවුර ගලවලා දඬුවම් දෙන්න.