Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නිමන්ති රණසිංහ)
ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඉල්ලා තිබූ අපේක්ෂිත ඇප අයැදුම ප්රතික්ෂේප කිරීමට කොළඹ කොටුව මහෙස්ත්රාත් රංග දිසානායක මහතා අද (17) නියෝග කළේය.
ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි.
ඒ අනුව ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අපේක්ෂිත ඇප අයැදුමක් ගොනු කළ අතර එය විභාගයට ගත් කොළඹ කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා ගිනි අවි ආඥා පනත යටතේ සිදුකරන වැරදි සම්බන්ධයෙන් ඇප දීමේ බලයක් මහේස්ත්රාත් අධිකරණයට නොමැති බවයි.
එම නිසා අපේක්ෂිත ඇප අයැදුම ප්රතික්ෂේප කරන බව මහේස්ත්රාත්වරයා දැනුම් දුන්නේය.
සෙනෙවිරත්න Wednesday, 17 July 2019 02:27 PM
මෙතුමා රෙදි ඇඳගෙනද ඔතන හිටියේ? මෙහෙම ඉල්ලීම් කරන්නේ?
Reply : 28 40
Chanak los angeles Wednesday, 17 July 2019 03:10 PM
නඩුවට මුහුණ නොදී අත්අඩංගුවට ගැනීම වලක්වන්න කියා ඉල්ලීමෙන් ගම්ය වන්නේ වංචාව සිදුකරලා කියන දෙයයි.
Reply : 50 554
Amila Thursday, 18 July 2019 06:58 AM
ඕවා ලැබෙන්නේ අර සිංගප්පූරුවේ පණ අදිමින් ඉන්න හාදයා හරි... එයාගේ හිතවත් කණ්ඩායමක් වන සහරාන්ගේ කෙනෙක් නම් විතරයිනේ. අනිත් මිනිස්සුන්ට එහෙම ලැබෙන්නේ නෑ හොඳේ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.