(හර්ෂණ තුෂාර සිල්වා)
මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්රඥප්ති සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට විශේෂයෙන්ම යුරෝපා සංගමයට ලබාදුන් පොරොන්දු ඉටු නොකළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වී යනු ඇතැයි මෙරට යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාර්ගේ මහතා සඳහන් කර ඇත.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාර්ගේ මහතා ඒ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමය දෙවතාවකදී නිවේදන නිකුත් කළ අතර එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේදී ද ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇති විය.
ප්රජාතන්ත්රවාදයට ගරු කරන්නැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරමින් පාර්ලිමේන්තුව කැඳවා අග්‍රාමාත්‍යවරයා කවුරුදැයි තීරණය කිරීමට මහජන නියෝජිතයන්ට ඉඩ දෙන්නැයි ද යුරෝපා සංගමය එම දෙවතාවේදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ ජාතික සංහිඳියාව (ප්රතිසන්ධානය) සම්බන්ධයෙන් මෙතෙක් ගත් පියවර සහ ක්‍රියාමාර්ග අඩපණ වීමේ අවදානමක් ඇතැයි යනුවෙන් යුරෝපා සංගමය තුළ යම් කනස්සලක් ඇති වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
“ශ්‍රී ලංකා රජය ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගත්තේ විවිධ පොරොන්ඳු හා බැඳීම් මත. ඒවා ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වුවහොත් එම සහනය ඉවත් කරගැනීම ගැන සලකා බලන්නට යුරෝපා සංගමයට සිදුවෙනවා” රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් තානාපතිවරයා පවසා ඇත.
“මහින්ද රාජපක්ෂ මහතා සංහිඳියාව සම්බන්ධයෙන් මොනවගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයිද කියන්න මට කියන්න බැහැ. එහෙත් අපි ඇති කරගත් එකඟතා සහ පොරොන්දුවලට වඩා එය වෙනස් වෙන්න පුළුවන්. ඊට ඉඩ කඩක් තිබෙනවා” යැයි හෙතෙම සඳහන් කර ඇත.
පසුගිය සතියක කාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ රනිල් වික්‍රමසිංහ මහතා ද රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ අතර යුරෝපා සංගම් තානාපති මාර්ගේ මහතා ද ඒ අතර විය.
යුරෝපා සංගමය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළකි. ශ්‍රී ලංකාවේ ඇඟළුම් අපනයන සහ මත්ස්‍ය අපනයනවලින් වැඩි ප්‍රමාණයක් යැවෙන්නේ ද යුරෝපයටය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොරොන්දු ඉටු නොකළොත් ජීඑස්පී සහනය නැතිවෙන ළකුණු
baba Friday, 02 November 2018 07:40 PM
ණයට කන්න ගියාම 70ක් පාලනය කළවුන්ගේ රඟේ...
lalith Friday, 02 November 2018 08:11 PM
ඕක දුන්නේ අපට අාදරේට නෙමෙයිනේ... ඔයගොල්ලන්ගේ යාළුවාට වරදින වෙලාවට ඔය තෝන්ලණුවෙන් අදින්න බලාගෙනනේ? ඉතින් හුරේදාළා අදින්න.
sandy Friday, 02 November 2018 08:27 PM
අපේ ගාර්මන්ට්වලට දෙයියන්ගේම පිහිටයි...
Nandalal DE SILVA - France Friday, 02 November 2018 09:37 PM
ඔන්න ආයෙත් වරක් අපේ රටේ පාලකයන් අනාගෙන කන්න හදනවා ! රනිල් ප්රමුඛ යහපාලන රජය විදේශීය රටවලින් ලබාගත් සහන රැසක් මේ නාඩගම නිසා නැතිවෙන්නයි යන්නේ. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් අල්ලේ නටවනවා වගේ ජ්‍යාත්‍යන්තර ප්‍රජාව ඔය බිලි පූජාවලට නොරැවටෙන වග වටහාගන්න බැරිබව දැන්වත් අපේ "ලොක්කන්ට" තේරුම් ගියොත් රට අගාධයට යාමෙන් වළක්වාගන්න පුළුවන්. වලට වැටුණු මිනිහා ගොඩට ආ යුත්තේ එම වලකටින්ම නොවේද? මේක නිකම්ම වලට වැටිමකුත් නොවෙයි, සමුහ වශයෙන් ජනතාවත් එක්කම වලට පැනීමකි. එහෙත් අපේ රටේ සමහර උද්දච්ච පාලකයින්ට එය තේරුම් ගැනීමට තරම් මොළයක් තිබේද කියා පසුගිය දින දහය තුල සිදුවුන රංගන වලින් පැහැදිලි වෙනවා ! ඒවගේම ඔවුන්ට "උපදෙස්" නමින් අපේ සමාජයේ විවිධ තරාතිරමේ අය දෙසන වැදිබණ ඉතාමත් පිළිකුල් සහගතයි... රටේ ඡන්දදායකයන් දෙන පිළිතුරු වලට වඩා බලසම්පන්න අවි විදේශීයන් අප රටට එරෙහිව පාවිච්චි කරන දින වැඩි ඈතක නොවෙන්න පුළුවන්..!
Chaminda Saturday, 03 November 2018 12:58 AM
අනේ යන්න...
wimal Saturday, 03 November 2018 01:04 AM
ඕක නිසා අපිට පුදුම සහනයක් තිබුණා...
Rathnayake Saturday, 03 November 2018 01:21 AM
දැන් සැපද? කොහොමද එ්ක...
RNG Saturday, 03 November 2018 01:22 AM
ඔය මොන දේ නැති වුණත් අපිට අපේ රට වටිනවා ..
සෙනෙවි Saturday, 03 November 2018 05:20 AM
GSP එක රෝල් කරලා ගහගත්තනම් ඉවරයි..
bandaSaturday, 03 November 2018 09:42 AM
මේ වගේ අය ඉන්නකම් රටට අනාගතයක් නැ
samSaturday, 03 November 2018 03:22 PM
ලංකාවේ අපනයන ආදායමෙන් 63% ($7.3B) යුරෝපා සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. ඔය ජී.එස්.පී. ප්ලස් සහනය නැතිඋනාම අපගේ භාණ්ඩ වල මිල ඉහලයනවා සහ ඉල්ලුම අඩුවෙනවා. එතකොට අපනයන ආදායම අඩුවෙනවා. තව කරුණක් තියනවා. අපේ ආනයන වියදමෙන් 73% (ජපානය නැතිව) යන්නේ ආසියාවට. එත් අපි යුරෝපා සංගමයට ඇමෙරිකාවට බැන බැන ඉන්දියාවට (22% ආනයන වියදම, $4.36B) සහ චීනයට (20% ආනයන වියදම. $4B) හුරේ දානවා. යුරෝපයෙන් සහ ඇමෙරිකාවෙන් ගන්න ඩොලර් ඉන්දියාවටයි චීනයටයි කෙලින්ම දෙනවා. අපේ ජාතියම ගණන් ෆේල්. එකයි මේවා තේරුම් ගන්න බැරි.
Gamini Saturday, 03 November 2018 07:03 AM
ඩයස්පෝරාවේ සල්ලි වලට කහිමින්, අපිට සීනිබෝල දීලා ඔවුන්ගේ අරමුණු ඉෂ්ටකරගැනිමට මානබලන ජාත්‍යන්තර භූතයින්...
sirimal Saturday, 03 November 2018 07:44 AM
විනයානුකූල නායකයෙක් යැයි ලෝකයේ ජනාදරයට පාත්රවූ කෙනෙක් අවසානයේදී රට තුළ නිර්මාණය කර ඇති දේශපාලන වාතාවරණය ඉතාම අශීලාචාරය. අසරණ මිනිසුන් මුලාවේ හෙලමින් මෙවැනි කටයුත්ක් කිරීම ඇත්ත වශයෙන්ම ආත්ම ගණනකින්වත් වන්දි ගෙවීමට නොහැකි පාප කර්මයකි. එය වසා ගැනීම සඳහා “මැරුවත් ෆෙඩරල් දෙන්නේ නෑ,උතුරු නැගෙනහිර එකතු කරන්නේ නෑ” වැනි සංවේදී කතා සිංහලයින් සොච්චමක් පිනවීමට සමත් වුවත් එයින් ඔහුට හෝ සමස්ථ රටට ඇතිවන සුගතියක් නැත. එසේ කියා තමන්ගේ පෞද්ගලික වාසි ලබාගත් පිරිස් ඇතිකළ හානිය, රට බෙදීමට සටන් කල වුන් කළ හානියට වඩා සුවිශාලය. ජනාධිපතිතුමාද ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නා සේ, ජාතිවාදය නමැති ව්‍යාකූල අසික්කිත සමාජ සැහැසිකම තමන්ගේ දේශපාලන වාසිය සඳහා භාවිතා කරමින් සිටී. එය ඔහුට කිසිම දිනෙක රට සහ රටේ මිනිසුන් වෙනුවෙන් ස්ථීර ප්‍රතිපත්ති ඇතුළත් වැඩපිළිවෙලක් නොතිබූ බව සනාථ කරන්නකි. නාමල් අද කියන්නේ මහින්ද අගමැති කිරීමේ රහස් සැලැස්ම මාස 4 ක්ම ක්‍රියාත්මක වූ බවය. එසේනම් ඝාතන කුමන්ත්‍රණ නාඩගම පට්ට පල් කෙබරයකි. දැන් බිහිවීමට යන මුදලට විකිනෙන ජඩ මිනිසුන්ගේ පාලනයෙන් රටට වෙන කෙන්ගෙඩියක් නැත. අපට දුක ඒකයි.
RNG Saturday, 03 November 2018 10:34 AM
අවුරුදු 3ක් තිස්සේ රටට වූ දෙයක් ද නැත. ඒනිසා ඔය බොරු සෝබන කතා වලින් අපට වැඩක් නැත.
සෙනෙවි Saturday, 03 November 2018 10:37 AM
මට හිතෙන්නේ මේ "ලයික් " සිරිමල් විසින්ම ගහගත් ඒවා කියලා.
Amila Saturday, 03 November 2018 08:09 AM
අපි රටක් විදියට ස්වයංපෝෂිත වෙන්න ඕනේ පුළුවන් උපරිමේට... එතකොට මේ එක එක ගිවිසුම්වලට බාල්දු වෙන්න ඕනෙවෙන්නේ නෑ. පිටරටවල් මත සහ අයි.එම්.එෆ්. මත දැඩි ලෙස යැපෙන තාක්කල් අපිට කොහොමත් මේ වගේ වෙලාවල පරිස්සමින් වැඩ කරන්න ඕනෑ...
Rubert Saturday, 03 November 2018 08:16 AM
මේ විදිහට කරන දෙගොල්ලක් ඉන්නවා. එක ගොඩක් ත්රස්තවාදීන්, දාමරිකයින් හොරුන් වගේ කණ්ඩායම්... ඒ අය කරන්නේ ප්‍රාණ ඇපයට කවුරුහරි අරගෙන, නීත්‍යානුකුල ආණ්ඩුවෙන් කප්පම් ඉල්ලන එකයි. දෙවෙනි ගොඩ සීනි බෝල දීලා පුංචි ළමයින් රවට්ටන වැඩිහිටියන්. මේ GSP මගුල කොහොමත් හැමදාම තියෙන්නෙත් නැහැ. දැන් ඉස්සරහට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් අයින්වුණාම, යුරෝපේ එන ගැටළු ගොඩත් එක්ක මේවා කොහොමත් නැතිවෙනවා. ඕක අත්හැරලා රට ඉස්සරහට ගෙනියන විදිහකුයි බලන්න ඕනේ...
Asanga Saturday, 03 November 2018 08:18 AM
GSP තිබ්බා කියලා ආර්ථිකේ මාර සුඛිත මුදිත වෙලානේ තිබ්බේ මෙච්චර කල්...
sandySaturday, 03 November 2018 02:25 PM
සුඛිත මුදිත වුනේ නැහැ. නමුත් සීමිත ප්‍රමාණයකට හරි රස්සාවල් තිබුණා. එ්කටත් කෙළවෙනවා මේ වැඩෙන්... ඔයාට නම් ගානක් හම්බවෙනවා ඇති.. මහින්දලාගේ කට්ටියගෙන්... ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. දුප්පත් අපි වගේ අයට තමා බොක්කටම වදින්නේ...
DahamSunday, 04 November 2018 08:19 AM
ඔබලා කොපමණ ඩිස්ලයික් දැම්මත් මොහු කියන්නේ ඇත්ත...
RubertSaturday, 03 November 2018 06:57 PM
සැන්ඩි, පහුගිය අවුරුදු තුනට රටේ රස්සා ඇතිවුනාද නැති වුනාද? ඉලක්කම් බලන්න මහා බැංකු වාර්තාවේ.
උපුල් Saturday, 03 November 2018 11:15 AM
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය වැඩිම ඇමරිකාවට...
samSaturday, 03 November 2018 03:25 PM
ඔබ හරි. එක අපනයන අදායමෙන් 25% $2.88 පමණ.
wimal Saturday, 03 November 2018 03:25 PM
මේ සහනය හම්බ උනාට පස්සේ අපිට පුදුම සහනයක් තිබුණා.
Pablo Saturday, 03 November 2018 06:10 PM
ජීඑස්පී හින්ද තමයි මෙච්චරකල් කාලා බීලා හිටියේ නැද්ද මම කියන්නෙ. හාල්වත් නැති අපිට මොන ජීඑස්පීද......
අචලා Saturday, 03 November 2018 07:06 PM
මේවා දිහා බැලුවම අපිට ලැබුණු නිදහස මොකක්ද කියලා හිතෙනවා. සුද්දෝ තාමත් අපිව පාලනය කරනවා අපේ මිනිස්සු ලවාම. මේ වගේ ක්‍රමයක් තමයි ඉස්සර ඉන්දියාවේත් තිබ්බේ. මහරජවරු හරහා බ්‍රිතාන්‍යය පාලකයන් ඉන්දියාව පාලනය කරා අවුරුදු සිය ගණන්. එහෙම බැරි උනාම යුද්ධයක් ගෙනෙයි, නැත්නම් මිනිස්සුන්ව කුපිත කරයි මේවගේ සහන නවත්වලා, එහෙම කරලා බලන්නේ මිනිස්සු ලවාම දේශප්‍රේමි නායකයන්ව පන්නලා දාන්නයි. මේක බ්‍රිතාන්‍යය යුගයේත් වුනා. ඒක නිසා මේවාට අහුවෙන්න එපා. යුරෝපයෙන් අපේ බඩු ගන්නේ නැත්නම් වෙන රටකට දෙමු.
sanath Sunday, 04 November 2018 06:14 AM
ඔය සහනයෙන් තමයි අපි මෙච්ච්චර කලක් ජීවත් වුනේ
Sasanka Sunday, 04 November 2018 08:18 AM
අනේ මේ කමෙන්ට් දාන අයගේ කටින් චණ්ඩිකම් තිබ්බට මේ පත්තරේම පුවතක් තියනවා ඉරානයෙන් තෙල් ආනයනය කරන්න රටවල් කිහිපයකට පමණක් සහනය දීල තියනවා ඇමරිකාවෙන්... හැබැයි යුරෝපා සංගමේ රටවලට නැහැ. පේනවා නේද ලෝක බලවතුන් කරන දේ. බුද්ධියක් තියන මිනිස්සු නම් උඩුගම්බලා යන්න ගිහින් ගිලිලා මැරෙන්නේ නැහැ. පරිසරය තේරුම් අරන් මොලයෙන් වැඩකරනවා මිසක්. හැඟීම් තිබ්බට මොලේ නැහැ බහුතරයකට. කට විතරයි !!!