(සෙනරත් බණ්ඩාර)

සම සෞඛ්‍ය පිඨ සිසුන්ට සායනික පුහුණුව සදහා රෝහල් ලබා නොදීමට විරෝධය පළකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පිඨ ශිෂ්‍ය සංගමය උද්ඝෝෂණයක්  කළේය.

සුභසාධක ගැටළු රාශියක් සදහා විසදුම් ලබා නොදුන්නැයි ද විරෝධතාකරුවෝ කියති.

අලුතින් ඉදිකළ පොදු ගොඩනැගිල්ලේ සිවිලිම සිසුවෙකුගේ හිස මතට කඩාගෙන වැටුන බවත් වසර හතරේම සිසුන් පොදු ගොඩනැගිල්ලට පැමිණිය හොත් සිසුන්ට එය ඉඩ මදි වෙන බවත් විරෝධතාකරුවෝ පවසති.

ලබා දී ඇති සායනික පුහුණුවල ප්‍රමිතියක් නොමැති බව එම සංගමයේ සභාපති මනෝජ් විජේසිංහ පවසයි.