IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පුද්ගලයන් 22 ක් අත්අඩංගුවට ගැනීමත් සමඟ කොට්ටරාමුල්ල උණුසුම් වෙයි

(චන්දන ප්‍රනාන්දු සහ ආර්.ප්‍රනාන්දු පුල්ලේ)                                        
 
කොස්වත්ත කොට්ටරාමුල්ල මොරකැලේ ප්‍රදේශයේදී ඊයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට සැකපිට පුද්ගලයන් 22 දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගැනීමත් සමඟ කොස්වත්ත ප්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ බව පොලිසිය කියයි.
 
එම ගැටුමෙන් කැපුම් තුවාල ලබා පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කළේය.
 
මෙම ගැටුමෙන් මියගොස් ඇත්තේ කොටරාමුල්ල මොරකැලේ පදිංචි මොහමඩ් සාලි ෆවුසුල් අමීරි නැමැති 50 හැවිරිදි සිව්දරු පියෙකු වන අතර තුවාල ලබා ඇත්තේ මොරකැලේ පදිංචි විශ්‍රාමික හමුදා සමාජිකයෙකු වූ සුසේ හේවගේ ගුණසිංහ නැමැති 54 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.                                                                    
 
ගැටුම හේතුවෙන ප්‍රදේශයේ නිවාස 6 කට පමණ හානි සිදුව ඇති බවත් පොලිසිය කියයි.

ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයන් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලිසිය විසින් පියවර ගෙන ඇති අතර එයට විරෝධය දක්වා ස්වාමීන් වහන්සේලා ඇතුලු විශාල පිරිසක් කොස්වත්ත පොලිසිය වටකර විරෝධතාවක් ආරම්භ කර තිබේ.
 
කොස්වත්ත පොලිසිය ආසන්නයේ පොලිස් කැරළි මර්ධන ඒකකය සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් යොදවා ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.       



අදහස් (13)

පුද්ගලයන් 22 ක් අත්අඩංගුවට ගැනීමත් සමඟ කොට්ටරාමුල්ල උණුසුම් වෙයි

don perera Tuesday, 14 May 2019 07:01 PM

අහිංසක මිනිසුන්ට කරදර නොකර සියලු ජනතාව, එක්ව සිට දේශපාලුවන්ට ගල් ගහන්න. මුන් තමයි මේ සේරටම මුල...

:       0       0

Nihal Tuesday, 14 May 2019 07:10 PM

අන්තවාදීන් ගැටුම් ඇතිකර ඔවුන්ට වාසියක් ඇති කරගන්න ක්‍රියාත්මක කර ඇති නිසා එම උපක්‍රමයට අහු නොවී බුද්ධිමත්ව, ඉවසීමෙන් කටයුතු කළ යුතු වේලාවක්...

:       0       0

Amila Tuesday, 14 May 2019 08:08 PM

මේ ප්‍රශ්නය විසඳාගන්න පාලකයින්ට වුවමනාවක් නොමැතිකමද එහෙමත් නැත්තම් නොහැකියාවද? මේ රට නම් කවදාවත් හැදෙන රටක් නෙමෙයි.

:       0       0

Kalum Tuesday, 14 May 2019 09:13 PM

ඇතැම් චීවර දරන්නවුන් වෙන්නැති එහෙනම් මේ වැඩ කරන්න ඇත්තේ...

:       0       0

ලංකාපුත්‍ර Wednesday, 15 May 2019 12:48 AM

මංගල සමරවීර කිව්වා ලංකාව බෞද්ධ රටක් නොවේ කියලා. නියම බෞද්ධයන් මිනිසුන් මරන්නේ නැහැනේ... මිනීමරුවන් අත්අඩංගුවට ගත්විට හාමුදුරුවන් යයි කියාගන්නා පිරිස් උද්ඝෝෂණ කරනවා නම් ඔවුන් බෞද්ධයයි කියන්නේ කෙසේද?

:       0       0

අම්බලමේ පිනා Wednesday, 15 May 2019 01:21 AM

ඔය කියන ස්වාමීන් වහන්සේ කිසියම් දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙක් වෙන්න ඇති ඒ පක්ෂය කුමක්ද සොයා ඒ ගැන නායකයාට කියන්න. නායකයා මගහරින්නේ නම් තොරතුරු දැනගැනීම යටතේ රටටම කියන්න.

:       0       0

wikkama sinha Wednesday, 15 May 2019 01:30 AM

23 ක් කිසිම දෙයක් නොකරපු මිනිස්සු හදිස්සියේ කලකෝලාහල කරන්න පටන්ගත්තේ කාගේ උවමනාවකටද ??

:       0       0

amila Wednesday, 15 May 2019 03:14 AM

තඹ ෆැක්ටරියේ සේවකයන් නිදහස් කරේ සන්හිඳියාවට බාධා වෙන නිසාද?

:       0       0

himal Wednesday, 15 May 2019 03:20 AM

මෙවැනි උද්ඝෝෂණයන්ට භික්ෂූන් වහන්සේලා සෘජුවම හා ප්‍රසිද්ධියේ සහභාගී වීම මඟින් වෙන්නේ මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට ආගමික මුහුණුවරක් ලැබීම හා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා බෞද්ධයින්ගෙන් සිදුවන බවට වැරදි චිත්‍රයක් මැවීමයි. දැනටත් එය සිදු වෙමින් යනවා. ඒත් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සිංහල සමාජයෙන්ම එරෙහිව නැගුණු හඬ වගේම මුස්ලිම් අන්තවාදයට එරෙහිව මුස්ලිම් සමාජයෙන් ප්‍රබල හඬක් නොනැගීමත් අවධානයට ලක් කළ යුතු දෙයක්.

:       0       0

Ranil Wednesday, 15 May 2019 03:51 AM

අත්අඩංගුවට ගන්නේ සිංහල අය විතරද? අර බරපතල තුවාල ලබපු සිංහල මනුස්සයට කඩුවලින් පහර දුන්නේ පිට සක්වල ජීවින්ද?

:       0       0

rishad Wednesday, 15 May 2019 03:54 AM

මට තියන ලොකුම ප්‍රශ්නය තමයි, අවුරුදු 30ක යුද්ධයකින් බැට කාලා තාමත් හැදෙන්න බැරි ඇයි කියලයි.

:       0       0

සේන Wednesday, 15 May 2019 07:02 AM

ප්‍රශ්නයේ මූළය උපුටා නොදමමින් බොරුවෙන් සහ කපටි කමින් ජනතාව මුළා කිරීමේ ආදීනව උදාවී ඇත.

:       0       0

Kriss Wednesday, 15 May 2019 07:53 AM

මෙවන් අවස්ථාවලදී ජනතාව හැඟීම් වලට වඩා බුද්ධියට ඉඩදිය යුතුයි. මෙවන් සිදුවීම් ඇතිවනවිට ආරක්ෂක අංශ වලට සිය අවධානය ඒ වෙත යොමු කිරීමට සිදුවෙයි. එය ත්‍රස්තවාදීන්ට වාසියක් නොවන්නේ යැයි කිව හැකිද? රටේ පාලකයන් බලකාමයෙන් අන්ධ වී සිටියත් ආරක්ෂක හමුදාවන් එසේ නොවේ... ඔවුන් සිය යුතුකම් මනාව ඉටු කරමින් සිටිති... එබැවින් ජනතාව ඔවුන්ට සහාය විය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 125 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 288 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 533 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 515 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 86 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 570 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site