නාලක සංජීව දහනායක
 
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
 
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් සාකච්ඡා කිරීමට සූදානම් බව සඳහන් කරමින් මීට පෙර යොමු කළ ලිපියට මේ දක්වා ශ්‍රීලනිපය ප්‍රතිචාර නොදැක්වූ බැවින් මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.