(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)

මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් ගැටී අනතුරක් සිදුවූ අවස්ථාවේදී අනතුරට පත් අනෙක් පුද්ගලයාට පිස්තෝලයක් එල්ල කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ  වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලිසිය පැවසීය. 

කටුනායක පොලිස් ස්ථානයට අනුබද්ධව සේවය කරනු ලබන ප්‍රියංකර බණ්ඩාර අතපත්තු නමැති කොස්තාපල්වරයා මෙලෙස වැඩ තහනමට ලක් කොට ඇත.  

නිල්පනාගොඩ ප්‍රදේශයේ සිට කටුනායක බලා යතුරු පැදියෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර මෙහිදී ඔහු සතුව තිබූ පිස්තෝලය එල්ල කරමින් අනතුරට පත් අනෙක් පුද්ගලයාට සහ තවත් කිහිපදෙනෙකුට පහර පහර දුන් බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි ඉදිරිපත් කොට ඇත.