IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පිටිදූවේ සිරිධම්ම හිමියෝ සමාව ගනිති

පසුගිය දිනවල කළ ප්‍රකාශවලදී තමා අතින් වරදක් සිදුවී නම් ඒ පිළිබඳ සමාව ඉල්ලා සිටින බව පිටිදූවේ සිරිධම්ම හිමියෝ මල්වතු මහ නා හිමි ඇතුළු හිමිවරුන් හමුවී ප්‍රකාශ කර සිටියහ.

යම් අයුරකින් ප්‍රකාශ සිදු කරන විටදි මල්වතු මහා නායක හිමිවරුන්ට හා මල්වතු පාර්ශ්වයට යම් අපහසුතාවයක් ඇතිවුවානම් ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටින බව  තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හා දිඹුලකුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් ඇතුළු මල්වතු පාර්ශ්වීය කාරක සංඝ සභාව හමුවේ සිරිධම්ම හිමියෝ කියා සිටියහ.

මල්වතු පාර්ශ්වයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කළැයි චෝදනා මත ඒ හිමියන් මල්වතු පාර්ශ්වයෙන් ඉවත් කිරීමට කාරක සංඝ සභාව අදහස් කරගෙන සිටි අතර සිරිධම්ම හිමියන් වාචිකව පමණක් සමාව ඉල්ලා මදි බැවින් එය ලිඛිතව ද සිදු කිරීමෙන් පසු අදාළ සමාව හිමිවිය.

මල්වතු මහ නාහිමියෝ එහිදී පවසා සිටියේ පළමු හා දෙවැනි වතාවේ සමාව දුන්නද තෙවැනි වර කිසිදු සමාවක් නොදෙන බවයි. එසේම පැවිදි ජිවිතය සාර්ථක කරගැනීමට අවවාද අනුශාසනා ලබාගන්නා ලෙසත් සිරිධම්ම හිමියන්ගේ ඉදිරි කටයුතු හා සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධවීමට ආශිර්වාද කරන බවත් මල්වතු මහ නායක හිමියෝ පවසා සිටියහ.



අදහස් (44)

පිටිදූවේ සිරිධම්ම හිමියෝ සමාව ගනිති

ලුම්බිණි Monday, 16 October 2017 04:52 AM

සෝවාන් වෙලා උන්නත් වැරදි වෙන්න පුළුවන්.

:       15       53

Perakum Monday, 16 October 2017 05:10 AM

කිවයුතු දේ බොහෝ ඇතත් බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා නිහඬ වෙමි.

:       3       217

arnold Monday, 16 October 2017 05:17 AM

පිටිදුවේ සිරිදම්ම කියන නම ද හරි නම සමන්ත බද්ද කියන නමද හරි නම , මේක පුදුම රටක් ද්විත්ව පුරවැසියෝ ඉන්නවා ද්විත්ව පස්ස්පෝර්ට්කාරයෝ ඉන්නවා නම් දෙකක් තියන අය ඉන්නවා කෝ නීතිය?

:       3       233

Ranjith Silva Monday, 16 October 2017 05:20 AM

හිතෙන් නිදහස් වීම නිවන් මග වේ. ඔබ වහන්සේ සුවපත් වේවා.

:       110       94

NuwanMonday, 16 October 2017 06:52 AM

ඔබ වැනි අයගේ තේරුම්ගැනීම දැකීමත් සතුටක්, අපේ පාරම්පරික නිකායබද්ධ බෞද්ධයෝ හිතන් ඉන්නේ නිර්වාණය කියන්නේ අහසින් යන, නොපෙනී යන, අරුම පුදුම දේවල් කළහැකි එකක් කියල, ඔවුන් හිතන විදියට ක්‍රිස් එන්ජල් නිවනට ගොඩක් කිට්ටු කෙනෙක් .

:       289       97

eraMonday, 16 October 2017 08:37 AM

නුවන් මහත්මයා, මන් මේ ඇහුවමයි පාරම්පරික නිකායබද්ධ බෞද්ධයෝ කියලා කොටසක් ලංකාවේ ඉන්නවා කියලා, නිර්වාණය කියන්නේ අහසින් යන, නොපෙනී යන, අරුම පුදුම දේවල් කළහැකි එකක් කියල හිතන පිරිසක් ඉන්නවා ලංකාවේ ඉන්නවා කියල මේ ඇහුවමයි. පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න. ළිං පතුලේම ඉන්නේ නැතුව, ඔබතුමාට වඩා නම් ලංකාවේ ඉන්න බහුතරයක් බෞද්ධයෝ දන්නවා නිවන ගැන, ඔබ තුමා උපද්දවාගෙන විදින දුකට අමතරව ඔබතුමා පාරම්පරික නිකායබද්ධ බෞද්ධයෝ කියලා කොටසකුත් හදාගෙන විඳින දුකක්...

:       65       657

මම1 Monday, 16 October 2017 05:23 AM

සිරිධම්ම හිමියන්ට නියම මාර්ගය පසක් වේවා.

:       1       184

ONE SRILANKAN Monday, 16 October 2017 05:25 AM

වැරදි වීම, සිතා වැරදි කිරීම, කොයික හෝ වේවා,,, සමාව ගැනීම දීම දෙකම අගය කරමු. උගත් භික්ෂුන් වහන්සේනමක් ලෙස ජාතියට සාසනයට සේවයක් කරන්න සිත් පැහැදේව කියා අපි පතමු ,,,

:       0       140

indika Monday, 16 October 2017 05:58 AM

මම හිතන්නේ දැන් තමයි සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ!

:       7       243

PrasaMonday, 16 October 2017 08:55 AM

මොන පිස්සුද? මෙම සමාව ගැනීම කරන්න ඇත්තේ එහෙම නොකරොත් වෙන පාඩුව ගැන හිතලයි......කොටින්ම කිව්වොත් දැනට තියෙන් දේවල් තියාගන්න තියෙන තණ්හාව...මේක මහ නායක සංඝ සභාවේ ප්‍රශ්නයක් .....ටික කාලයක් අරගෙන හරි ඇත්ත තේරුම් ගත්තොත් හොඳයි.....හැබැයි ලොකු රජ ආසන, ලොකු පන්සල්, සැප කාර් නැතිව සාමාන්‍ය සරල ජීවිතය පටන් ගැනීමක්.....

:       0       13

Nuwan Monday, 16 October 2017 06:17 AM

මමත්වය නැතිකළ කෙනෙකුට සමව ගන්නවත් ඇත්ත කියන්නවත් බයවෙන්න ඕන නැහැ

:       182       42

Asanka Monday, 16 October 2017 06:23 AM

මම පිළිගන්නේ බුදුන්වහන්සේ අයිති නිකාය පමණයි

:       4       79

rrrk Monday, 16 October 2017 06:25 AM

උගත් භික්ෂුන් වහන්සේනමක් ලෙස සාසනයට සේවයක් කරන්න

:       55       38

ruchi Monday, 16 October 2017 06:28 AM

අංගොඩ ඉන්න ඕනකරන උන්මත්තක උන්නාන්සේ කෙනෙක්. මෙයාගෙන් අපේ ජීවිත වලට ගතයුතු ආදර්ෂ්‍ය මුකුත් නැහැ. නිකන්ම නිකන් හිස් ඔලුගේදියක් විතරයි.

:       41       512

Lankika Monday, 16 October 2017 06:59 AM

තවත් මේවට රැවටෙන මිනිස්සු මේ රටේ ඉන්නවනේ.

:       0       283

M.RUpe Monday, 16 October 2017 07:14 AM

ඔබවහන්සේ සොබාදහමේ යථාර්තය බැවින් සමන්තබද්ද්‍ර හිමිට මගේ නමස්කාරය !!!!!!!!!!!

:       407       104

podujana Monday, 16 October 2017 07:35 AM

එතකොට තිබ්බටුවාවේ උන්නාන්සේ මුළු ජාතියෙන්ම සමාව ගතයුතු නොවේද?

:       174       226

Prasa Monday, 16 October 2017 08:45 AM

මොකෝ ලුම්බිණි ඔයා මේ සෝවාන් වුණාම වැරැදි වෙන්න පුළුවන් කිව්ව කතාව කිව්වේ? රහත් වෙලා කියලා නේද කිව්වේ? ඊට අමතරව බුදුන් වහන්සේව විතරක් හඳුන්වන විදියට හැඳින්වූවාද? දැන්වත් ඇත්තටම බුදුන් දෙසූ මග ගියා නම් හොඳයි.

:       0       95

thilina Monday, 16 October 2017 08:49 AM

මේ හාමුදුරුවෝ මා දන්නා තරමින් ඇසූ පිරූ තැන් ඇත්තෙකි. අපිට තියෙන්නේ උන්වහන්සේගේ දේශනා තුළින් බෞද්ධ දර්ශනයට අදාළ යමක් වේනම් බුද්ධිමත්ව සිතා ඒ දේ උකහාගෙන අපගේ දැනුම් පැසට දමාගැනීමයි. " මගේ දහම ප්‍රඥාවන්තයිනට මිස, අඥාන යින්ට නොවේ." බුද්ධ භාෂිතය එයයි. අනිත් සියලුම දේ අපට අදාළ නොවේ. අනවශ්‍ය පහුරු අපි මොකටද කරතියා ගෙන ඉන්න උත්සාහ කරන්නේ. යහපතක්ම වේවා !!!

:       46       32

arschfikaa Monday, 16 October 2017 08:57 AM

පිටිගල හාමුදුරුවනේ,ඔබ මෙතරම් මේගොල්ලන්ට බයවෙන්නේ?ඔය අනං මනං කියවන්නේ නැතිව,සිවුර ගලවල ඔය අස්ගිරි සහ මල්වතු යන දෙදෙනා වගේ ඉන්නකෝ.............

:       0       57

බද්රානි Monday, 16 October 2017 09:44 AM

පරම සත්‍යය, දහම හා දර්ශනයටත් එහා ගිය සම්ප්‍රදාය පමණක් සුරකින මේ මනුලොවේ, සත්‍යය සුරැකීම පසෙකලා, සම්ප්‍රදායට අනුකූලව දිවිගෙවීම හා ක්‍රියාකිරීම පරමාදර්ශය ලෙස හඳුනාගෙන සිටිනා මානව සමාජයකට, සමන්තබද්‍ර හිමි, මහා නායක හිමියන්ගෙන් සමාව ගැනීම යහපත් ආදර්ශයක්. කෙසේවෙතත්, උන්වහන්සේ, කිත්සිරිමෙවන් රජතුමාගේ සමයේ, හේමමාලා කුමරිය හා දන්ත කුමාරයා විසින් මෙරටට වැඩම කරවන ලද මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කොට ඇති දන්ත ධාතුවට කිසිදු අපහාසයක් නොකළ බව ප්‍රඥාවන්ත බෞද්ධ ශ්‍රාවකයින් අවබෝධකරගෙන සිටින බව දැන්වීමට කැමැත්තෙමි. ආගම දහම මුවාවෙන් කරන කුඨ ව්‍යාපාර ගැන උන්වහන්සේ සමාජය දැනුවත් කල බව අප තේරුම් ගතිමු. එම දැනුවත් කිරීම බුදුදහමට පමණක් නොව සියලුම ආගම් නාමයෙන් කරන නොමනා ක්‍රියාවන් වලට හා කුප්‍රකට ව්‍යාපාර වලට අදාළ බව අපි අවබෝධකර ගත යුතු වෙමු. සමන්තබද්‍ර හිමියන්ට ගල් ගැසීම හා අපහාස කිරීම පසෙකලා, පළමුව උන්වහන්සේගේ වචනයට සිහියෙන් යුතුව සවන්දීම කලයුතු බව, මා, මේ ලොවෙන් උතුම් සංස්කෘතියක් හා සම්ප්‍රදාය කරපින්නාගෙන ඒ බරෙන්ම පීඩාවට පත්ව සිටින සම්බුද්ධ ශ්‍රාවකයින්ට දන්වා සිටිමි.

:       137       51

මහදැනමුත්තා Monday, 16 October 2017 09:44 AM

පිටිදූවේ හාමුදුරුවන්ට ප්‍රඥාව පහළවීම පිළිබඳව සතුටු වෙමි.

:       0       59

ධම්ම Monday, 16 October 2017 10:13 AM

රහතන් වහන්සේ කෙනෙක් සාමාන්‍ය භික්ෂුවකට දණ නමස්කාර කරනවා මා ඇහුවාමයි.

:       0       113

බද්රානිMonday, 16 October 2017 04:18 PM

ධම්ම මහත්තයා, ධර්මය හා ධර්මානුකූල කරුණු කාරණා ගැන හිතන්න පුරුදුවෙලා සිටින්නේත්, ටවුමේ ධර්මෙලා හැසිරෙන විදිහ සංසන්දනාත්මකව විශ්ලේෂණය කරලා බලල වගේ කියලයි, ලියල තියෙන කතාවෙන් නම් පේන්නේ.

:       49       0

Jayatissa Monday, 16 October 2017 10:25 AM

මල්වතු මහනාහිමියනි, ඔබවහන්සේගේ මෙම ක්‍රියාව අගය කරන අතර භික්ෂූත්වයට නොගැලපෙන ක්‍රියා කරන අන් අයටද මෙවැනි විනය ක්‍රියා මාර්ග ගන්නාමෙන් කරුණාවෙන් ඉල්ලමි. එසේ නොමැති නම් ඔබවහන්සේ එවන් නොමන ක්‍රියා (විශේෂයෙන් දේශපාලනය සම්බන්ධ) අනුමත කරන බවක් පෙනීයනු ඇත. ඔබවහන්සේට තෙරුවන් සරණයි.

:       1       66

කරුණාපාල Monday, 16 October 2017 10:54 AM

"රහතන්" යන වචනයේ එලබ ගෙන සිටින අය එම වචනයේ අර්ථය තමන් අවබෝධ කරගත් ලෙසටම, රහතෙකු තුලින් විශ්ම කර්ම ප්‍රතිහාරයන් සිදුකිරීම නරඹා තෘප්තියට පත්වීම හැර වෙන නම් දෙයක් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට නොහැකි බව තමයි අපට නම් කියන්න තිබෙන්නේ. ධර්ම ශ්‍රවණය වෙනුවට, කාගේ හෝ වල්ගයක එල්ලී දිව්‍ය ලෝකෙට පිය නගන්න පෙරුම් පුරන අයට පිටිදුවේ සිරිධම්ම හිමියන් දෙසන බුදු දහම නම් මේ කපේට අවබෝධ කර ගන්න බැරිවෙයි. අනික ඉතින් වැදි බන අහලා හුරුපුරුදු අපට බුදුරදුන්ගේ බණ, ඇලජික් වීමත් ඒ හැටි අරුමයක්ද?

:       266       32

රවිඳු Monday, 16 October 2017 11:13 AM

දේශප්‍රේමී, ජාති හිතෛෂි, දේශ මාමක වැනි බණක් දෙසුවා නම්, අපේ යාළුවන්ට ටිකක් තේරුම් ගන්න පහසුයිනේ අපේ හාමුදුරුවනේ. එහෙම වුණා නම්, ඔය කිසිම විනය විරෝධී කමකුත් නැහැනේ..

:       644       6

ravin Monday, 16 October 2017 11:15 AM

මොනයම් ම දේශකයකු හෝ වේවා පළමුව තිබියයුතු ලක්ෂණයක් තමා විනය. විනයක් නැති තැන පිස්සන් කොටුවකටවත් නුසුදුසු තැනකි. මොකද පිස්සන් කොටු තුලත් විනයක් තියනවා. වෙලාවට බෙහෙත්, කෑම, නිදා ගැනීම ආදී දේවල්. තමන්ට වරදිනකොට පමණක්ද විනය මතක් වන්නේ.? මේ දේශකයා නමින් " යු ටියුබ් " එකෙ තියන කතා ටික අහලා බලන්න එතොකොට තේරයි කවුරු කාවද ගොනාට අන්දන්නේ කියලා.

:       0       56

Kumari Monday, 16 October 2017 12:27 PM

මේ ක්‍රමය තමා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අනුමතකල ක්‍රමය වන්නේ. ආර්යන් වහන්සේලා විවේචනය ගිහි අපට අනතුරුදායකයි.

:       0       27

Gotabaya Rathnayake Monday, 16 October 2017 01:48 PM

අපේ රටේ මේ තරම් ප්‍රශ්න තියන කොට තියෙන ආගම ආරක්ෂා කරගන්නේ නැතුව, මොනවද මේ නටන නාඩගම්? අනිත් එක ලංකාවේ ඉන්න නොම්මර එකේ රහතන් වහන්සේ කෙනෙක් නේද මේ රටේ ආගමික නායකයින්ට දොස් කියලා නිකන් මෝඩ වෙන්නේ? අපේ රටේ දැන් බුද්ධාගම කියලා දෙයක් තියනවද කියලා හිතා ගන්න ටිකක් අමාරුයි... මොකද දැන් අපේ රටේ ඉන්න හාමුදුරුවරු ආගම ප්‍රචාරය කරනවට වඩා ගොඩාක්ම කරන්නේ අනුන්ට කඩේ යන එක නේද? කොහොමද මම පන්සලක් හදාගෙන කීයක් හරි හොයාගන්නේ, කොහොමද මම පෙජෙරෝ එකක් ගන්නේ, කොහොමද මම පාර්ලිමේන්තුවට යන්නේ, කොහොමද මම ලොකු සංගමයක සභාපති වෙන්නේ, කොහොමද මම වැදගත් මිනිස්සු විතරක් අාශ්‍රයට ගන්නේ, කොහොමද මම රටේ විප්ලවවලට සහභාගි වෙලා පත්තරේ පින්තුරය දාගන්නේ, මේ වගේ තව ගොඩක් තියනවා දැන් අපේ හාමුදුරුවරු කරන... ලෝකේ මොනම රටකවත් ආගමික නයකයෝ නොකරන බහු බූත වැඩ අපේ රටේ හාමුදුරුවරු කරලා නිකන් සවුත්තු වෙනවා. මේ වගේ දුර්වල වැඩ නිසා අපේ රටේ බුද්ධාගම අන්ත පරිහානියට පත් වෙලා ඉවරයි. අයෙ කවදාවත් එ්ක දියුණු කරන්න හිතන්න වත් බැහැ. කට තියෙන පලියට රටේ ආගමික නායකයන්ට බැනල නිකන් මෝඩ ගාණට වැටෙනවා.

:       85       212

menna Monday, 16 October 2017 01:49 PM

මේකෙන් තේරෙනවා ලංකාවේ බුදු දහම තියෙන තැන. සුද්දෝ වගේ ලියවිල්ලකට අත්සන් ගන්න තත්වෙකට වැටිලද? ලියවිල්ලකට අත්සන් අරගෙන සමව ගන්වන්න තරම් සමන්තභද්‍ර හාමුදුරුවෝ ජනතාව අතරට ඇවිල්ලා කියන එක තම මට නම් වැටහෙන්නේ. නැත්නම් මෙහෙම් පින්තූර අරගෙන සමාව ගත්ත කියල දන්න ඕනෑද? මහා ලොකුවට කියන්නේ පිරිසිදු බුදු දහම තියෙන්නේ ලංකාවෙලු. අත්සනක් නොගෙන විශ්වාස කරන්න බැරි බුදු දහමක්ද ලංකාවේ තියෙන්නේ?

:       94       106

ලක්සිරි Monday, 16 October 2017 03:10 PM

අද කාලේ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා දේශනා කලත් ජාතියෙන්ම සමාව ගන්න වෙන තත්වයක් තමයි මේ ශ්‍රී ලංකාව තුල තියෙන්නේ. එදා කාලේ නම් හිටියේ එක දේවදත්තයයි... බුදුහාමුදුරුවන්ට ගල් පෙරලන්න. එ්ත් අද වැඩියා නම්, ලක්ෂ ගානක් එයි පර්වත පෙරලන්න. වර්තමාන බුද්ධ ශාසනය හා බෞද්ධ සමාජයේ පැවතුම් දෙස නිරීක්ෂණය කලාම පේනවා අපි ඉන්නේ කොතරම් උස තැනකද කියලා. සැබෑ සම්බුද්ධ වචනය වටහා ගැනීමට ප්‍රඥාවක් වගේම පිනකුත් තිබෙන්න ඕනෑ.

:       5       18

sanath Monday, 16 October 2017 07:34 PM

ඇස, කන, නාසය, දිව සහ ශරීරය නමැති පංචේන්ද්‍රියන් ගෙන් ලැබෙන අරම්මනයන් මනස රවටන බවත් යමෙකුට කිසිම දිනක බාහිර ලෝකය අල්පමාත්‍රයක්වත් නිවැරදිව අවබෝධ කරගත නොහැකි බවත් දැනගන්නා තැනැත්තාට ආර්ය මාර්ගය විවෘතවී ඇත.

:       0       21

ප්‍රීති Monday, 16 October 2017 09:50 PM

මම නම් කතෝලික කෙනෙක්. එත්, මේ හාමුදුරුවන් වහන්සේගේ දේශනා මම අසා තිබෙනවා. මේ සිද්ධිය දැකලා මට මතක් උනේ එදා, ක්‍රිස්තුස් වහන්සේව කුරුසයේ ඇන ගැසීමට තීන්දු කලෙත් දෙවියන් වහන්සේව අදහන මිනිසුන් හා නායක පුජකයින් බවයි. කෙසේ වුවත් බුද්ධ ශාසනයේ පවතින විනය අනුව උන්වහන්සේ සමාව ඉල්ලීමත්, මහනායක හිමියන් සමාව දීමත් උතුම් ක්‍රියාවක්. විද්‍යුත් මාධ්‍ය මගින් එම සිද්ධිය වීඩියෝ ගත කොට සමාජය තුලට මුදා හැරීම මාධ්‍ය කරණයේ නිරුවත පෙන්වීමක් හා. ගරු සංඝයා වහන්සේ නමකට අපහාස කරන නිහීන ක්‍රියාවක්.

:       0       47

tilak dissanayake Tuesday, 17 October 2017 12:04 AM

වැරදි සිතුවිලි හිතේ මවාගෙන අසරණ මිනිසුන්වත් අමාරුවේ දැම්මාට නිසි දඩුවම ලැබුන බවයි...

:       0       1

siera Tuesday, 17 October 2017 12:49 AM

සල්ලි නිසා මිස කවදාවත් සමාවක් ගන්නේ නැත ,අපේ මිනිස්සු මොනතරම් මෝඩද ඇ . ඇත්තම මෙකයි.

:       0       0

Saman Tuesday, 17 October 2017 02:57 AM

නමුත් රහතුන් වැරදි නොකරති..

:       0       23

lanka Tuesday, 17 October 2017 05:26 AM

තමන්ට බැන වැදුනොත් සමාව ගත යුතුයි. අනිත් ඕන කෙනෙක්ට බැන්නට කමක් නැහැ,

:       0       0

sanjeeva Tuesday, 17 October 2017 07:05 AM

ඔවා දෙනු පරහට - තමන් සම්මතේ සිට කියන්නේ මේකට තමයි .

:       0       1

PBD Tuesday, 17 October 2017 07:09 AM

වැරදි වැඩේ කොලේ සමන්ත බද්‍ර උනාට සමාව ගත්තේ පිටිදූවේ හිමි. අන්තිමට බලද්දී රහතන් වහන්සේ සමාව ගත්තෙත් නෑ, සාසනෙන් නෙරපුනෙත් නෑ.

:       0       0

dammika Tuesday, 17 October 2017 07:20 AM

ඔබ වහන්සේ නිහතමානී කෙනෙකු බව ඔප්පුකලා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය​.

:       1       0

MP Tuesday, 17 October 2017 10:02 AM

රහතුන් වහන්සේලා වදින්නේ බුදුන්වහන්සේට පමණයි.

:       2       2

chandima Wednesday, 18 October 2017 05:38 PM

ඒ වගේම එකක් ආවම එකයි මේකයි හොයාගන්න බෑ. ඒ කියන්නේ ඉමිටේෂන් ඇවිත් රත්තරන්ගේ තැන ගත්තනේ බලන එකාට වෙනසක් පෙන්නේ නෑ. ධර්මය, විනාශ වෙනවා. දැන් ඒක ඇවිත් තියෙන්නේ ඉමිටේෂන් වගේ. ඔය කව්රුත් ලඟ හරිදේ දැන් නෑ. ලංකාවේ නැත්තෙමත් නෑ. තියන අය ඔහොම රඟන්නෙත් නැ. මොලගෙඩි භාගයේ අය වගේ වැරදි දේ දැක දැක එ්කට හරි කිය කියා අමාරුවේ වැටෙන්නේ නැතුව තමන්ගේ පාර හොයාගෙන යන්න. ඒ අය යන තැන්වලට ගියොත් ඒ අය එක්කම ආයේ ගොඩ නම් එන්න හම්බවෙන්නේ නහැ. තේරෙන්නෙම නැත්නම් ගිහින් බලන්න වෙන වෙන අයත් ඇදගෙන යන්නේ නැතුව...

:       0       9

Anura Friday, 20 October 2017 07:20 PM

රෙරුකානේ චන්දවිමල හමුදුරුවන්ගේ පොත් වල බුදු දහම ගොඩක් හොදට පෙන්නල තියනවා . ඒවගේම ගොඩක් හොද හමුදුරැවරු ඉන්නවා දැනුත් මාන්කදවල සුදස්සන හමුරුවන්ගේ බණත් ගොඩක් වටිනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 346 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 766 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 602 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1441 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2920 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1883 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site