(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක්කර මරණයට පත්කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි විශේෂඥ වෛද්‍යවරිය මෙම මස 16 වැනි දා දක්වා යළි රිමාන්ඩ් ගත කරන ලෙස නුගේගොඩ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනිතා නානායක්කාර මහත්මිය නියෝග කළාය.


මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ රත්නපුර මහ රෝහලේ දියවැඩියා රෝග විශේෂඥ වෛද්‍යවරිය වූ නිලානි කාවිංගා මහත්මියයි.

ඉකුත් 30වැනි දින සිදු වූ අනතුරින් මිය ගිය පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ හා දරු දෙදෙනෙකු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලිස් පරීක්ෂකවරයා පවුලේ අය සමඟ බොරලැස්ගමුව සිට කොළඹ කිඹිරිගස්යාය පොලිස් නිවාස කරා යමින් සිටියදී ඔහුගේ මෝටර් රථය කොළඹ සිට බොරලැස්ගමුව දෙසට වෛද්‍යවරිය ධාවනය කළ ජීප් රියේ ගැටීමෙන් අනතුර සිදුවිය.