IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැර ඇති පිරිස් කොමිසමේදී කිඹුල් කදුළු හෙළනවා

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ප්‍රහාරය වළක්වාගැනීම සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර ඇති ඇතැම් පිරිස් දැන් ජනාධිපති කොමිසම හමුවේ කිඹුල් කදුළු හෙළන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (30) පැවැසූහ.

වගකීම් විරහිතව කටයුතු කළ එවැනි නිලධාරීන්ගේ නිල ඇඳුම් ගලවා දැමිය යුතු බවද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

එමෙන්ම  පොරොන්දු වූ පරිදි පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ පාර්ශ්වකරුවන් සොයා වහාම  දඬුවම් ලබාදීමට කටයුතු කරන්නැයි  වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවද තේවත්ත ජාතික බැසිලිකාවේ දේවමෙහෙයකට  එක්වෙමින්  අගරදගුරුතුමෝ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මෙසේද කීහ.

     “පාස්කු  ප්‍රහාරයේ වරදකරුවන් කවුද කියලා තවමත් අපි ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා.  තමන්ගේ වගකිම  ඉටුනොකරපු  දේශපාලඥයන් සහ නිලධාරීන් කවුද  කියලා හොයාගන්න එක තමයි  දැනට  පැවැත්වෙන වගවිභාග වීම් තුළින්  සොයාගෙන යන්නේ.

නමුත් මේ බෝම්බ තියපු අය මේවට සල්ලි දුන්නු අය,  මේව පිටිපස්සේ  ඉන්නේ කවුද කියන එක  තාම හොයලා නැහැ. මේ සිද්ධිය පිටිපස ඉන්න අය හොයාගෙන  යනවනම් වඩාත් හොදයි කියලා ජනාධිපති කොමිසමෙන් මම බලාපොරොත්තු වෙනවා.

මේ වැඩපිළිවෙළ පිටිපස්සේ ඉන්න අය කවුද කියලා හොයලා ඒ අයට දඬුවම්  කරන්න කටයුතු කරනවා කියලා  අපිට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරාවී කියලා  මම  බලාපොරොත්තු වෙනවා.

මේ සිද්ධියට සම්බන්ධ වුණ,  මේ වගේ දේවල් කරන්න  රහසිගතව කුමන්ත්‍රණය කළ  අයට සාධාරනය ඉස්ඨ කරයි කියලා ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා.

එහෙම කරන්නේ නැතුව යම් කිසි රජයක් ඒ අය හිමිහිට හංගලා හංගලා  එලියට දාන්න කටයුතු  කරනවනම් ඒ රජයට මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.  ඉස්සෙල්ලා තිබුණ ආණ්ඩුව මේක හරියට  විමර්ශනය කළේ නැහැ. හොඳටම  කරුණු දැනගෙන ඉන්දැද්දීත් ඒ ගැන මුකුත් කළේ නැහැ. තාමත් ඇඟ බේරගන්න හදනවා.

මෙච්චර දැනගෙන ඉදලත් ජනාධිපති කොමිසමට ගිහින් නිලධාරීන්  කදුළු වපුරන එක වැඩක්  නැහැ.  ඒවා කිඹුල් කදුළු. ඒ වෙලාවේ තමන්ට පැවරෙන  වගකීම ඉටු කළේ නැත්තේ ඇයි? එහෙම නොකරපු නිලධාරීන්ගේ  නිල ඇඳුම් ගලවල දාන්න ඕන” යැයිද අගරදගුරුතුමෝ එහිදී පැවසූහ.

 



අදහස් (4)

පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැර ඇති පිරිස් කොමිසමේදී කිඹුල් කදුළු හෙළනවා

Raveendra Sunday, 30 August 2020 06:10 PM

අතිගරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමාගේ අදහස් 1000% නිවැරදිය.. දැන් සියලුම වැරදි කර ඇත්තේ පල්ලිවලට යාඥාවට පැමිණි අහිංසක බැතුමතුන්ය ..මෙවන් "බියගුළු නිවටයන්ට" නිල ඇඳුම් සමග උසස් තනතුරු දරමින් වැජබෙන්න සියලු අනුමැතීන් දුන් අය අපගේ මාතෘභූමියේ තාමත් යහතින් ජීවත් වුණත් නුඹලාට නිවිහැනහිල්ලේ නිදාගන්න බැරි බව හොඳාකාරවම "නිවටයින්‘‘ දන්නා බව නොරහසකි. මක්නිසාදයත් එම ප්‍රහාරයෙන් මියගිය සියලුම මනුස්සයින් ඔබලා සැම පිටුපසින් සෙවනැළි මෙන් සෑම අවස්ථාවකම සිටිනා බව කීමට කැමැත්තෙමු..

:       6       17

Ruwan Monday, 31 August 2020 01:37 AM

හිතේ හරි ලොකු පැහැදීමක් තිබුණා මෙතුමා සහ මෙතුමාගේ ක්‍රියාකලාපය ගැන. ඒත් පහු වෙනකොට තමයි ඇත්ත හැටි පේන්න ගත්තේ.. පාස්කු ප්‍රහාරය වෙලාවේ කියපු කරපු දේවල් ආණ්ඩු වෙනස්... පෙරලෙද්දී එහෙම්ම අකුලාගෙන. අනිත් අයට කිඹුල් කඳුළු ගැන කියන අයම කිඹුලන් වගේ වැඩ කරනවා වගෙයි කියලා තමයි හිතන්න තියෙන්නේ...

:       0       3

Mahesh Monday, 31 August 2020 02:28 AM

සතුරාට ප්‍රේම කරන්න.. වම් කම්මුලට ගැහුවොත් දකුණු කම්මුලත් පෙන්වන්න ඒවානේ ආගමේ තියෙන්නේ. ඒකට දැන් වගකිවයුතු අයට දඬුවම් දෙනු... වගකිවයුතු අය එල්ලනු...

:       0       0

සෑම් Monday, 31 August 2020 09:19 AM

පසුගිය කොමිසන් වාර්තා සහ වර්තමාන කොමිසමේ කරුණු අධ්‍යයනයේදී පෙනී යන්නේ ඉදිරි අවු 5 තුළ අගරදගුරුතුමාගේ බලාපොරොත්තුව හීනයක් පමණක් වනු ඇති බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජේදාසට - සාරථිට වාරණ නියෝගයක්
2024 අප්‍රේල් මස 24 307 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 424 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 958 3

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 235 2

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 390 1

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1811 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site