IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදියි

(තරිඳු ජයවර්ධන)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයක් කැඳවා ඇත්තේ ව්‍යවස්ථාවේ නැති බලයක් භාවිත කරමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
මෙය නීති විරෝධී මැතිවරණයක් බවත්, මෙම මැතිවරණය අවලංගු කරන තැනට ඉදිරියේදී පත් වනු ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.
 
රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී අද මැදියම් රැයේ පැවැති හදිසි මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී අදහස් දැක්වූ සේනාරත්න මහතා මෙසේ ද කීවේය.
 
‘‘ජනාධිපතිවරයාගේ සහ නීති විරෝධී අගමැතිවරයාගේ පළවුවැනි අඩව්ව පරාදයි. පාර්ලිමේන්තුව කැඳවලා 113ක බලය පෙන්වන්න පුලුවන් කියලා ඊයේ වෙනකම් කයිවාරු ගැහුවා.   ඒත්  ඒ පැත්තෙන්ම කියලා තිබ්බා 104ක මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ කියලා. තව අටක් නමයක් මදි කියලා අද කියලා තිබ්බා. පළමුවෙනි තරගය එයාලා පරාදයි. 
 
දැන් ගැසට් නිවේදනයක් ගහලා තියෙනවා මැතිවරණයක් කැඳවන්න. වර්තමාන ව්‍යවස්ථාව යටතේ එතුමාට කිසිම බලයක් නෑ පාර්ලිමේන්තුව විසිරුවන්න.  මෙය නීති විරෝධී මැතිවරණයක්. පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට ගෙන ගිය නීති විරෝධී සටනම තමයි මේ. මේකෙනුත් ඔහු පරදිනවා.  ලබා දුන් මැතිවරණය අවලංගු කරන තැනට පත්වීම ලංකාවේ පළමු වරට සිදුවෙයි. 
 
මේ ජනාධිපතිවරයා අපි එක්ක එදා එළියට බැස්සේ ජනාධිපති බලතල පාවිච්චි කරන්නේ නෑ කියලා. ඒ කියපු ජනාධිපතිවරයාම අද ව්‍යවස්ථාවේ නැති දේවලුත් කරනවා. අංශක 180කින් එතුමා කරකවාගෙන තියෙනවා. එතුමා අද පළිගන්නේ එතුමා පත්කරවපු අයගෙන්මයි.    එතුමා පරාද කරන්න හදපු අයත් එක්කයි අද ඉන්නේ. මෙහෙම ජනාධිපතිවරයෙක් මුලු ලෝකයේම අපි අහලා නෑ. ඒකාධිපති ජනාධිපතිවරුවත් හතුරන් එක්ක එකතු වෙලා මිතුරන්ට පහර දීපු අවස්ථා නෑ. දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මැතිවරණයටත් අපි ලෑස්තියි. මැතිවරණය අවලංගු කරවන්නත් අපි ලෑස්තියි.  
 
අපි පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සංධානයක් හදනවා. අපි ඔහුගේ නියෝග සහ ඔහුව පරාද කරනවා. අද ප්‍රජාතන්ත්‍රවාදී සියලු දෙනා අපි එක්ක ඉන්නවා. අද වෙනකොට මේ රජය ජාත්‍යන්තරය පිළිගන්නේ නෑ. මේ පත් කිරීමේ ලෝකය පිළිගන්නේ නෑ. මේක 21 වැනි ශතවර්ෂය. අපිට ලෝකය නැතුව යන්න බෑ.  මැතිවරණයකට මුදල් වෙන් කරලත් නෑ. මුදල් වෙන් කරන්න නම් පාර්ලිමේන්තුවෙන් කරන්න ඕනෑ. වෙනත් වැය ශීර්ෂවලින් ගන්නවා නම් පාර්ලිමේන්තුව නැතුව ගන්න බෑ. 
 

‘එකක් කඩතොලා වසා ගන්නට ගිහින් මට වුණු වියෝයා, දෙකක් කඩතොලු හදා ගත්තයි ඉඳුරුවේ ආචාරියා ‘ ඉඳුරුවේ ආචාරියාගේ තත්ත්වෙට තමයි මේ ජනාධිපති ආචාරියත් පත්වෙලා තියෙන්නේ. මට කණගාටුයි මෙතුමා උස්සගෙන මම ආපු එක ගැන. ඒක විතරයි කණගාටුවට තියෙන්නේ.  මෙවැනි පුද්ගලයෙක් එක්කද අපි ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කරන්න ආවේ කියලා අපිට කණගාටුවක් තියෙනවා. එතුමාට සටන ඉවර වුණාට අපිට සටන ඉවර නෑ.  සටන දිගටම ගෙනිහින්  ජනතාවගේ සටනක් වශයෙන් ජයග්‍රහණය කරලා කෙරවල කරනවා.
 
පොලිස්පති තීන්දු ගන්නවා. කොමිසම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි මැතිවරණ කොමසාරිස් වැරදි තීන්දුවක් ගත්තොත් ස්වාධීන මැතිවරණ කොමිසමට පුලුවන් ඒක ප්‍රතික්ෂේප කරන්න. 
 
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට ජනපති පොරොන්දු වුණා විධායක බලතල අයින් කරනවා කියලා. ඒ දේහය ඉදිරිපටත් පොරොන්දු වෙලා ඒ පොරොන්දු කඩන්නේ. නැති බලතලත් පාවිච්චි කරනවා. මොනවා වුණත් මහින්ද රාජපක්ෂවත් නැති බලතල පාවිච්චි කළේ නෑ. ව්‍යවස්ථාව වෙනස් කරලා ඒ බලතලයි පාවිච්චි කළේ. මේ ව්‍යවස්ථාවේ නැති බලතල පාවිච්චි කරනවා. ‘‘
 

 

 



අදහස් (58)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදියි

junta Friday, 09 November 2018 07:46 PM

අනේ ඔයා කියනකන් හිටියේ.... හික් හික්

:       0       0

විජිත් Friday, 09 November 2018 08:18 PM

අනිත් අයට කලින් ඔබ අවංක දේශපලකයෙක්ද කියලා රටට කියන්න.ඔබට විරුද්ධව තියෙන දුෂණ චෝදනා ගැන මොනවාද කියන්නේ. දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය ඉවත් කිරීමට හේතු වුනේ ඔබ බව මුළු රටම දන්නවා. ඔක්කොටම කලින් ඔබට ඇති චෝදනා වලට මුහුණ දෙන්න. විනාශවී ඇති අපේ රටට අවශ්‍ය " දේශපාලුවෝ " නොව වැදගත්, උගත්,බුද්ධිමත් ඒ වගේම පිරිසිදු අවංක දේශපාලකයින් බව දැන්වත් තේරුම් ගන්න.

:       0       0

අමා Friday, 09 November 2018 08:20 PM

දැනට දින 14 ක් ඉවරයිනෙ ඔය හිටිය වගේ තව මාස දෙකක් හිටපල්ලා.ජනතාව තීන්දු කරයි කවුද හරි කියලා.

:       0       0

rasika Friday, 09 November 2018 08:28 PM

අය බයද ජනතාව ඉස්සරහට යන්න… ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ කියල නේද කෑ ගහන්නේ. මැතිවරණ තියෙන්නේ එ්කට තමා.. බොරු කියවන්නේ නැතුව.. මැතිවරනෙකට ගිහින් තමන්ට ජනතාව ඉන්නවා කියල පෙන්වන්න.. පාරට මිනිස්සු ගෙනල්ල ක ගැහුවේ. ජනතාව අපි සමගයි කියල.. අතින් අය බයවෙලා..

:       0       0

Sirimal Friday, 09 November 2018 09:04 PM

මහජන මතය විමසීම තමය් කරන්න තියන එකම විසදුම . දැන් එකට අවස්තාව රටෙ හා ජනතවගෙ වාසනවට උදාවෙලා තියනව. ජනවරි මාසෙ පෙනෙන තරු රාජිතට දැම්ම පෙනිලා

:       0       0

කමල් Friday, 09 November 2018 10:17 PM

කිව්වට ඡන්දෙකට යන්න බයයි නේද මහත්තයෝ..

:       0       0

sam gun Friday, 09 November 2018 10:24 PM

මෙයා හොදටෝම බයවෙලා වගේ කලින් ගෙදර යන්න වෙඉ කියල ...

:       0       0

Chaminda Friday, 09 November 2018 10:55 PM

දැන් රිදිලා

:       0       0

lalith Friday, 09 November 2018 11:00 PM

ඔව් ඔව් ඔව්. ඔය නීති විරෝධී මතිවරනෙට ඉදිරිපත් වෙන්න එපා. පුතාව එවන්නත් එපා.

:       0       0

Bamunuarachchi Friday, 09 November 2018 11:16 PM

හලෝ ජනතා බලය පෙන්වලා ඕගොල්ලෝ තනි ආණ්ඩුවක් පිහිටුවන්න. මන්ත්‍රී බලය පෙන්වනවාට වඩා හොඳයිනේ රටේ ජනතාවගේ බලය පෙන්වීම. හැබැයි අපිනම් ඔහෙලට කැමති නැත.

:       0       0

Bamunuarachchi Friday, 09 November 2018 11:19 PM

ඔබලාවගේ අයටද රටකොරන්න 2015 බලය දුන්නේ කියා අපිටත් හිතෙනවා.

:       0       0

Kurunegalaya Friday, 09 November 2018 11:21 PM

අනේ පව් පරාජිත....

:       0       0

Bamunuarachchi Friday, 09 November 2018 11:23 PM

තමන්ට නැති බලතල පාවිච්චි කොරලා රනිල් පෙරහුරුවක් දුන්නා මතකද. ජනාධිපති කල කතාවේදී කීදේවල් එකක්වත් බොරු කියා ඔහෙලා කීවේ නැහැනේද?

:       0       0

Adam Friday, 09 November 2018 11:27 PM

හොරුන්ට ගොඩක් අමාරු ඇති... හිටපු ඇමති කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නැහැ... කට මත දොඩවනවා ඇරෙන්න.

:       0       0

Bamunuarachchi Friday, 09 November 2018 11:31 PM

මහබැංකුව මංකොල්ල කාපු ඔබලාට විරුද්ධව කටයුතු නොකළ මේ රටේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද හලෝ. දැන් ජනතාවගේ වාරය. ඔබලා රටට වැඩ කර තිබෙනවා නම් මොකද බය? පුතාගේ පැන්ෂන් එකට කෙලවෙනවා නේද?

:       0       0

Bamunuarachchi Friday, 09 November 2018 11:48 PM

පිරිත් කියලා පන්නා ගන්න බැරි, අරලියගහට අරක් ගත්, කුම්බාන්ඩයෝ දැන් දුම්මල ගහලා පන්නමු.

:       0       0

Gamage Saturday, 10 November 2018 12:01 AM

රට විකුණන, රට පාවාදෙන, ජනතාව බදුවලිත් සූරා කත විටත් ජනාධිපති ජනතාව ගැන නොසිතන්නේ නම් ඇයි අපි ජනාධිපති පත්කරන්නේ? උඹලා ජනතාවට සමීප නැතත්, එතුමා ජනතා දුක දනී. අපෝ ඡන්දයෙන් තමයි මේ ආණ්ඩුව පත්වූනේ. එදා දුන් මැතිවරණ පොරොන්දු ඉටු නොකරන විට එදා ඡන්ද පදනම අදට වලංගු නොවන නිසා අද සිදුවිය යුත්ත මැතිවරණයකට යෑමයි.

:       0       0

Dhanesh Saturday, 10 November 2018 12:22 AM

මෙවුන් හදන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ටිකම තියාගෙන තමන්ගේ පහත් කටයුතු සම්පූර්ණ කර ගන්න. මුන්ට මහජන මතය වැඩක් නෑ. කියන්නේ මෙයාල කියන එකම කරන්න කියල. ඔයාලගෙ බහුතරය විතරක් නෙවෙයි. මහජන බහුතරය බලන්න.. බූරු රැලක බහුතරය අල්ලාගෙන ඉන්නේ නැතිව.

:       0       0

Ranjan Saturday, 10 November 2018 12:34 AM

බයවෙලා. පවු . ඔක්කොම ඉවරයි

:       0       0

චමින්ද Saturday, 10 November 2018 12:45 AM

අගමැති පත්කල අවස්ථාවේම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියානම් කියල හිතෙන්නේ නැද්ද.දැන් මෙය වෙනස් කරන්නේ කොහොමද.ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලනගනය කරලා තියෙනවා.

:       0       0

චමින්ද Saturday, 10 November 2018 12:45 AM

අගමැති පත්කල අවස්ථාවේම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියානම් කියල හිතෙන්නේ නැද්ද.දැන් මෙය වෙනස් කරන්නේ කොහොමද.ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලනගනය කරලා තියෙනවා.

:       0       0

suranga Saturday, 10 November 2018 12:47 AM

පුළුල් ජනතා සන්විදානයක් හදන්නේ ආයිත් මහා බැංකුව හොරකන් කරන්නද ?

:       0       0

wije Saturday, 10 November 2018 12:59 AM

කොහොම මැතිවරණ තිබ්බත් වැඩක් නැහැ මේ ඉන්න කට්ටියමනේ ආයෙත් චන්දෙ ඉල්ලන්නේ. අපිනම් මේ සැරේ මහා පක්ෂ දෙකටම දෙන්නේ නැහැ.

:       0       0

චාමර Saturday, 10 November 2018 01:58 AM

ගොන් රාලලාට... යන්න වෙන්නේ හිර ගෙදර.. ලංකාවට කරපු දේට පහුගිය අවුරුදු 3ට... ලංකාව නැතිකෙරුවා. හිටපන් බලාගෙන. හිරේ පොලු ගනින්න. කට හැකරකමට කියවනවා. දැන් බයේ කෑගහනවා. මොකටද බය වෙන්නේ ඔය තරම් ඡන්දවලට...? ඔක්කොම රටට ආදරේ ඇති එවුන් නෙමේ. බඩට ආදරේ අය විතරයි...

:       0       0

sg Saturday, 10 November 2018 02:27 AM

මෙය කිසිදු දිනක ආණ්ඩුවට ගතයුතු කෙනෙක් නොවේ

:       0       0

smantha Saturday, 10 November 2018 02:39 AM

වැරදියි නේන්නම්. 14 වෙනිදට චන්දෙ දෙන්න පොරොන්දු කරවාගෙන කවුරු කවුරුත් දුන්නු ඇඩ්වාන්ස් සල්ලි සේරම අහකටනේ. කජු ඇටද කොස් ඇටද? අර ජාත්‍යන්තර ප්‍රජාවට කියල රටේ පොදු මහජනතාවගේ චන්දෙ විමසන එක ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් කියල බලපෑමක් කරන්න බැරිද?

:       0       0

Pablo Saturday, 10 November 2018 02:40 AM

අනේ මන්ද ජනතාවට මොකුත් තේරෙන්නේ නෑ.ඉස්සරහට මොනවා වෙයිද දන්නෑ.

:       0       0

Sena Saturday, 10 November 2018 02:56 AM

හිතේ දුකට එතකොට කවි කියවෙන ව

:       0       0

KANDEPOLA Saturday, 10 November 2018 03:14 AM

ඔබ තුමාලා මේ රට හොරා කාලා විනාශ කරනකන් ජනාධිපතිවරයා බලතල භාවිතා නොකර උඩ බලාගෙන සිටිය යුතුයි කියලනේ ඔය නොකියා කියන්නේ, නේද ? කොහොමත් මේ වතාවේ ඒ ජා ප යේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 50 ටත් අඩු වෙනවා. ඒක ස්ථිරයි. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ තරමටම ජනතාව අතරට ගිහිල්ල තියෙන්නේ. එතුමාටත් සිංගප්පුරුවේ පුරවැසිභාවය ගන්න වෙයි.

:       0       0

P.D GOONAWARDENA Saturday, 10 November 2018 03:44 AM

දැන් කෑගහලා වැඩක් නැහැ.. ඔයාලම නේද එයාව පත්කර ගත්තේ..? දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ ඔව්වට තමා...

:       139       666

RNG Saturday, 10 November 2018 03:48 AM

දැන් පේනවනෙ ජන්දවලට බය කවුද කියලා.. මේ අයට යන එන මං නැති නිසා තමයි ජන්ද කල් දමදමා හිටියේ..

:       1177       2615

මවුබිමේ අනාතයා Saturday, 10 November 2018 04:12 AM

අනේ පොදුමහජනතාව වන අපට පාන්ද? අපි හැමදාම කරේ එක එක පක්ෂ වල රූකඩයන් වෙලා හිටපු එක විතරයි. අපේ අපේක්ෂා සල්ලි කරල ඔබලා බෙදාහදා ගත්තා. බොරුකලබල කරලා නැතිවෙන්නෙත්, අහිංසක මිනිස්සුන්ගේ ජිවිත විතරයි. එමනිසා ඔබලාගේ ප්‍රශ්න ඔබලාම හොඳවිදිහට විසඳගන්න අපට තවත් පවුනොදී! අවුරුදු 70 කට අපිට ලැබුනු ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ ඔක්කොම දේශපාලකයින්ට මිස අපට නොවේ. අපිට සුද්දා හොඳයි ඔබලාට වඩා !!

:       470       1013

carlton Saturday, 10 November 2018 04:37 AM

ඔබ තුමා පච කියන්න එපා එතුමාගේ මතයට කටයුතු කරන්න එහෙම වැරදි නම් උසාවි යන්න.

:       0       0

senarath Saturday, 10 November 2018 04:38 AM

මෙයා හිතාගෙන ඉන්නේ සියල්ල දත්තා කියලයි. රටේ ජනතාව බොහොමයක් හිටියේ මෙයාල කරපු වැරදි ගැන ලොකු අසන්තොශයකින් . රටේ කිසිම සංවර්ධන වැඩක් කෙරුනේ නැහැ , දුෂණය තවත් වැඩි වුනා, මිනිසුන්න්ට ලැබුනේ බදු විතරයි, විදුලි බිලත් 65% කින් වැඩි කරන්න සුදානමක් තිබුනා. අද මොහු ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. ඒ වුනාට අධිකරණයට යන්න බයවෙලා. මේ රජය වරදක් නම් කලේ ජනතාව චන්දෙදි පාඩමක් උගන්නාවි. එ්ත් අපිට දැනෙන්නේ ජනතාව ඉන්නේ රාජිතලට පාඩමක් උගන්නන්න.

:       0       0

Chandima Saturday, 10 November 2018 05:46 AM

ඔන්න ඕක තමයි කියන්නේ කාගේ කාගේත් කෙරුවාව කියලා. මේ ගොල්ලෝ හැදුව ජනපතිගේ ඔලුව අතගාලා රවටලා ව්‍යවස්ථාව වෙනස් කරලා පාර්ලිමේන්තුව විසුරුවා ගැනීමෙන් වැලකිලා තමන්ට ඕනෑ විදියට රට ඕනෑ දිහාවකට ඇදගෙන යන්න. ජනපතිත් රටේ ලෝකේ තමන්ගේ ශ්‍රේෂ්ට ක්‍රියාව කියලා කියකිය ගියා. හැමෝම අහන් හිටියා විතරයි. අන්තිමේදී අනාථ වෙන්නේ කවුද? එතුමවයි රටයි කියන එක පස්සේ එතුමාට තේරුණා. එ්කයි මේ අර්බුදය ඇතිවුනේ.

:       42       806

BamunuarachchiSaturday, 10 November 2018 07:56 AM

පිස්සු කෙලින්න එපා හලෝ...

:       238       74

piyawansa Saturday, 10 November 2018 05:59 AM

සත්‍ය ජය ගන්නවා. බය වෙන්න දෙයක් නොවේ. පඩිසන් දෙන්නේ වැරදි කරන අයටයි. ඉදිරියට යන්න. අපි ඔබ සමගයි.

:       0       0

anura Saturday, 10 November 2018 06:11 AM

මොකද බය? තියන අාසන ටිකත් නැතිවෙයි අනිවාර්යයෙන්...

:       4       606

RNG Saturday, 10 November 2018 06:15 AM

තමුන් නිවැරදි නම් මොකටද ඡන්දවලට බය වෙන්නේ..?

:       1       514

nirupa Saturday, 10 November 2018 06:22 AM

මම කැමතියි ඉලෙක්ෂන් එකට... මොකද දැන් ගොඩක් අයට හම්බ කරන්න පුළුවන්... ගොඩක් අයට ජොබ් එනවා .. පොඩි අයට කීයක් හරි ලැබෙනවා.

:       3       121

Bamunuarachchi Saturday, 10 November 2018 07:54 AM

කොක්කෙන් හරි, කෙක්කෙන් හරි මේ ආණ්ඩුව පෙරලනවා නම් ජනතාව කැමතියි. මිනිස්සු කොපමණ ප්‍රබෝධයෙන් ඉන්නවාද බලන්න මහපාරට එන්නේ... හැබැයි ආණ්ඩුවට ගත්තොත් අපි මහින්දට ඡන්දෙ දෙන්නේ නැත.

:       159       453

BamunuarachchiSaturday, 10 November 2018 11:17 PM

හැබැයි රාජිතව ආණ්ඩුව පැත්තට ගත්තොත් අපි මහින්දට ඡන්දය දෙන්නේ නැත.

:       0       1

Darshana Saturday, 10 November 2018 08:43 AM

චන්ද කල් දාපු අය දැන් පිස්සු විකාරයෙන් දොඩවනවා....

:       0       0

isurandi Saturday, 10 November 2018 09:09 AM

දැන් තියෙන එකම විසදුම මහා මැතිවරණයකට ගිහින් සුදුසු පුද්ගලයන් පත්කරගන්න එක මේ අච්චාරු වෙලා තියෙන කැඳහැලිය පාදගන්නනම්.

:       0       0

දිලමු Saturday, 10 November 2018 09:25 AM

අනේ පවු. මහින්දට සල්ලිදීල ඇමතිකමක් ගන්න දත කෑවා පහුගිය ටිකේ. ඒක බැරි උනපාර දැං කෑ ගහනවා. බැරිවෙලාවත් මහින්ද මෙයා ගත්තනම් ජනාධිපතිත් හොදයි මහින්ද අගමැතිත් මෙයාට හොදයි රනිල නරකයි. අනේ කානු කට වහගෙන දැංවත් ගෙදර යනවකො. ආයෙ අපිට ඔබ සහ අර කටවචාල චතුරගෙ මූනවල් දේශපාලනේදී දකින්න ඕනම නෑ.

:       0       0

rohan Saturday, 10 November 2018 09:38 AM

රටක විධායක ජනාධිපති පිස්සු කරනවා නම් ඔහුව ඉවත් කරන්න ක්‍රම වේදයක් ලංකාවේ ව්‍යවස්ථාවේ නැද්ද? දන්නේ නැති නිසයි අහන්නේ... මෙහෙම ගියොත් අපේ රටට මොකද වෙන්නේ? මේ ගොල්ලෝ බලයට පොරකනවා. රට බල්ලට යනවා.

:       356       471

BamunuarachchiSaturday, 10 November 2018 02:09 PM

ඔයගොල්ලෝ කතා කරන්නේ හරියට ව්‍යවස්ථාව ගැන නීති විශාරදයෝ වගෙයි. රනිල් කල යුත්තේ සිරිසේන ව්‍යවස්ථාවට විරුද්දව වැඩකරන්වානම් ශ්‍රේෂ්ටාධිකරණයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලන්න. නැතුව ඇමරිකාවට හෝ රටේ ජනතාවට කියලා වැඩක් නැත. හැබැයි දැන් කරලා තිබෙන්නේ නම් හොඳම දේ. දැන් අපිට පුළුවන් කෙලින්ම අපේ කැමැත්ත කියන්න. රනිල්ට කැමති අය රනිල්ට දේවි මහින්දට කැමති ජනතාව මහින්දට ඡන්දය දේවි. වැඩේ ඒ තරමට සරලයි.

:       0       0

ABC Saturday, 10 November 2018 09:38 AM

බමුණුආරච්චි, ඔය කාගේ කොන්ත්‍රාත්තුවක්ද කරන්නේ? කඩේ යන්න එපා වහලෙක් වගේ... මැතිවරණ තියන එක නෙවෙයි ගැටලුව. හිටපු අගමැති නෙරපීම හා තිබුණු පාර්ලිමේන්තුව විසිරවීම කියන දෙකම ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා වහලෙක් නොවන ඕනෑම කෙනෙකුට තේරෙන්න ඕනේ..

:       633       422

BamunuarachchiSaturday, 10 November 2018 01:48 PM

ඔයා ව්‍යවස්ථාව ගැන විශාරදයෙක් වගේනේ කතාව අපිට ඕනේ ජනතාවගේ කැමැත්තෙන් එන ආණ්ඩුවක් මිසක් මන්ත්‍රීලගේ කැමැත්තෙන් එන ආණ්ඩුවක් නොවෙයි.

:       0       0

BamunuarachchiSaturday, 10 November 2018 11:12 PM

මගේ කොන්ත්‍රාත්තුව ගැන කලබල වෙන්න එපා ඔබ හරී කියා හිතනදේ ඔබකරන්න්කෝ. ජනවාරි 6 වෙනිදා බලමු කව්ද හරි කියලා.

:       0       1

BamunuarachchiSunday, 11 November 2018 05:08 AM

අනම් මනම් කතා නැතිව ජනවාරි 5 වෙනිදා ඡන්ද පොළට ගිහිල්ලා කැමති පක්ෂයකට ඡන්දය දීලා 6 වෙනිදා ප්‍රතිඵල බලන්නකෝ. හැබැයි පනිනවා නම් ගෙදර ලිඳටම තමයි.

:       0       1

Rajarata Bayiya Saturday, 10 November 2018 10:19 AM

මේ ගත්ත පියවර හරියට හරි. රට ස්ථාවර කිරීම සඳහා ඒ අතිගරු ජනාධිපතිතුමන් ගත් පියවර රටේ ජනතාව තේරුම් අරගෙන ඉවරයි.

:       479       519

Chanak Los angelesSaturday, 10 November 2018 11:38 PM

අතිගරු කියන වැදගත් වදන අමු අමුවේ කෙලෙසමින් පාපයකට පාර කපා ගන්නද යන්නේ ?

:       0       0

Nandalal DE SILVA - France Saturday, 10 November 2018 11:37 AM

මම රාජිත සේනාරත්න මැතිතුමාගෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබතුමාලා 2015 ජනවාරි මාසයේ දුරදිග නොබලා ජනාධිපති කමට ඉදිරිපත්කරලා, ජයග්‍රහණය කරා ගෙන ගිය මේ සිරිසේන එදා ඉඳලා කරපු හරි වැඩක් තිබේද? මහා ලොකු රැළියක් කියලා කරපු තැනදී ගැහුව තරමක් පුද්ගලික කරුණු ඇදගෙන වැදිබණ දෙසුවේ තමන්ගේම අගමැති රනිල් මැතිතුමාට එරෙහිව නොවේද? තමන්ගේ බැරිකම රනිල් මහතා පිටින් යැවීමට තරම් ඔහු එතරම් පහත් තැනකට ඇද දැමුවේ ඔහුගේම ගෝල බාලයන් මිස වෙන කවුද? තමන් ඡන්දෙන් පැරදුනොත් අඩි 6ක් පොළොව යට යවනවා කියපු තමාගේම ප්‍රධාන සතුරා, යලිත් වරක් සිපගෙන අගමැතිකම බාර දුන්නේ මහින්දට අංතට්ටුවක් ප්‍රදානය නොකරයි !!!

:       56       14

BamunuarachchiSaturday, 10 November 2018 10:51 PM

දේශපාලනය දැනගෙන කතා කරන්න. එදා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න කෙනෙක් එජාපෙ සිටියේ නැත. 30 වතාවක් පරාදවෙලා සිටි රනිල් 31 වෙනි වතාවටත් පරාදවනබව එජාපෙ දැනගෙන සිටියා එ්කයි තිත්ත වුනත් ඇත්ත. මොලේ කලඳක් තිබෙනවා නම් හිතන්න බැරිද? එජාපෙ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා පෙරමුණේ ප්‍රතිපත්ති එකිනෙකට වෙනස්... ඉතින් කොහොමද එකතුවෙලා රටක් ඉදිරියට ගෙනියන්නේ? එළහරකයි, මීහරකයි එකට බැඳලා කුඹුරක් හාන්න බැරි බව පැරණි සිංහලයා දන්නවා...

:       0       0

BamunuarachchiSaturday, 10 November 2018 10:57 PM

හලෝ ඒ අවුරුදු දහයට මෙරටට මහින්ද කල සේවයෙන් දාහෙන් එකක්වත් කරපු කවුරුත් නෑ..... මේ කට්ටිය කල එකම ව්‍යාපෘතිය මහා බැංකුව කොල්ල කෑමයි.

:       0       0

Chanak Los angeles Saturday, 10 November 2018 05:58 PM

මම අහන්නේ එකම ප්‍රශ්නයයි .. ඇයි ඔබලා ඔක්කොම එකතුවෙලා දුන් පොරොන්දු ප්‍රකාශය ඉෂ්ට කරන්න කියා සිරිසේන මහත්තයාව පෙළඹුවේ නැත්තේ ?

:       0       0

Sumith Sunday, 11 November 2018 08:22 AM

අරලියගහ මන්දිරයේ මේ දවස්වල සීතලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 161 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 328 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1458 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 222 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 428 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 378 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site