ආරියරත්න රණබාහු

පවතින දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (19)  පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ සඳහා මන්ත්‍රීවරු 20 කගේ අනුමැතිය ලැබී ඇති බවද ඔහු කීවේය . 

එවැනි විවාදයක් කීරිම ගැන සභාවේ යෝජනාවක් නැතැයි සභා නායක කී අතර . සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ සභාව විනාඩි 10කට කල් තැබිණි.

පවතින දේශපාලන වාතාවරණය ගැන විවාදයක් පැවැත්වීමට පාර්මේන්කුවේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය විය.

ඒ අනුව අද සවස 4 සිට 7 දක්වා එම විවාදය පැවැත්වෙන බව කතානායකවරයා දැනුම් දුන්නේය