IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2000ක සල්ලි - සජිත්

චමිල් රූපසිංහ

මහජන නියෝජිතයන් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කිරීමට නියමිත රුපියල් කෝටි සියයක මුදලින් නිවාස නොමැති පවුල් 2000ක් සඳහා නිවාස ඉදිකර දිය හැකි බව   නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එවැනි විශාල මුදලක් යෙදවීම අත්‍යවශ්‍ය නොවන බවත් ජනතාව මහජන නියෝජිතයන් පත් කළේ ජනතා ගැටලු විසඳමට මිස දේශපාලඥයන්ට සැප විදීමට නොවන බවත්  ඇමැතිවරයා කීවේය.

‘මේ සදහා වැය වන මුදල කෝටි සියයක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ දස දහසක්. ඒ මුදල් මගේ අමාත්‍යංශයට ලැබුණා නම් මට නිවාස 25කින් යුතු ගම්මාන ඉදිකරන්නේ නම් ගම්මාන 80ක් දිවයින පුරා ඉදිකරන්න පුළුවන්. නිවාස 2000ක් ඉදිකරන්න පුළුවන්.‘



අදහස් (22)

පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2000ක සල්ලි - සජිත්

td Sunday, 22 April 2018 03:46 PM

කෝට්ටේ පිහිටුවා තිබෙන පාර්ලිමේන්තුව එස්ටැබ්ලිෂ් කර ඇත්තේ 1982 වසරේය. ජෙෆ්රි බාවා නිර්මාණය කර ඇති මෙය මිට්සුයි සමාගම මගින් ගොඩනගලා ජපානයෙන් ලංකාවට පරිත්‍යාග කල වටිනා දායාදයකි. ගොඩනගා අැත්තේ ජලාශයක් මත නිසා එය වරින්වර ප්‍රතිසංස්කරණය කිරීම... තිබෙන රජයේ වගකීමකි. පාර්ලිමේන්තුවේ සිටින ගොඩනැගිලි ඉංජිනේරුවා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිළිබඳ නිරතුරු අවදානයෙන් සිටිය යුතුය. එහෙම කෙනෙක් ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිටිනවා නම් ඔහුගේ වගකීම එයවේ. විශේෂයෙන්ම පදනම සිට රූෆ් එක සහ අවට පරිසරය, මාර්ග පද්ධතිය දක්වා ඔහු වග කිවයුතුය. වෙනත් රටවල නම් එසේය. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කිරීමට තිබෙන කාලීන නඩත්තුව නොකර සිටියහොත් යම් විශාල ප්‍රශ්නවලට මුහුණ දීමටත් දැන් කියන මුදලට වඩා අති විශාල මුදලක් වැය කිරීමටත් සිදුවිය හැකිය. කල යුතුදේ නියම, කලට වෙලාවට නොකළ නිසා අපේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට අතිවිශාල මුදලක් වැය කිරීමට සිද්ද වෙලාකියා එවිට ඔබ කියනු නොඅනුමානය. පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කළාට පමණක් මදිය. එහි සිටින 225 දෙනාගේ ක්‍රියාකාරිත්වයත් පාර්ලිමේන්තුවකට ඔබින සේ වෙනස් විය යුතුය.

:       80       143

de silva berlin Sunday, 22 April 2018 07:03 PM

ඔය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට දෙන තරු 5 කෑම වේල , එළවලු දෙකක් මස් හෝ මාලු සමග බත් ලෙසට අඩු කළහොත් කොපමණ මුදලක් ඉතුරු වේවිද? පාර්ලිමේන්තුවට දිනපතා පැමිණීමේ දීමනාව අහෝසි කොට , මන්ත්‍රී නිල නිවසේ සිට පාර්ලිමේන්තුවට යාමට වැයවෙන ඉන්දන වියදම පමණක් ගෙවීම සාධාරණ නැද්ද ? එතකොට කියක් ඉතුරු කරගන්න පුලුවන්ද ? ඇමතිලාට සහ නියෝජ්‍ය ඇමතිලාට තම තීරුබදු රහිත රථයට අමතරව පාවිචියට දෙන සිලින්ඩර් 8 ටොයෝට සහරා වර්ගයේ කෝටි3 කට අධික වටිනාකම ඇති රථය සහ එයට දෙන ඉන්ධන දීමනාවද අහෝසිකර ඔවුන්ට ලැබෙන තීරුබදු රහිත රථය භාවිත කරන ලෙස යෝජනා කලොත් කොපමණ මුදලක් ඉතුරු කරගත හැකිද ? එම මුදල් වලින් වසරකට ගෙවල් 2000 නොව 20000 පමණ සෑදීමට හැකිබව මගේ අදහසය.

:       0       130

RaveendraMonday, 23 April 2018 07:19 AM

ද සිල්වා බර්ලින් මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. එනමුත් එම අදහස් සියල්ලම කිසිඳු වග විභාගයකින් තොරව අප ඉවත දමන්නෙමු. මක්නිසාදයත් අපගේ මාතෘ භූමිය වෙනුවෙන් මේ "අම්බරුවන් 225 දෙනාම" දවසට පැය 24 න් "පැය 25 ක්ම" සේවය කරන්නෝය. එබැවින් මේ අම්බරුවන්හට සියලුම සැප පහසුකම් සහිතව, එකී මෙකී "නොකී" සැපයන්ද පුරවැසියන් වන "අප විසින් ලබාදිය යුතුමය". තවද මෙවන් අය ලෝකයේ කිසිදු රටක දැකීමටවත් නැති බැවින් අපගේ අනාගත පරපුරට දැකගැනීමට "කිසිදින නොමැරෙන" මේ සත්ව කොට්ඨාශය කුඩුකර පුරාවිද්‍යා වස්තුන් ලෙස ආරක්ෂා කළ යුතුය.

:       16       109

Prasanna Sunday, 22 April 2018 07:18 PM

ඔබ තුමා දින සියයේ ආන්ඩුවෙදිත් දින සියයෙන් ගෙවල් පනස්දාහක් හැදුවා කියලා මටමතකයි..

:       27       44

asoka Sunday, 22 April 2018 07:43 PM

අම්මප ඇත්ත සජිත් මහත්මයෝ

:       1       5

Bamunuarachchi Sunday, 22 April 2018 11:20 PM

ඔය ඔක්කොටම වැය කරන්නේ බදු ගෙවන ජනතාවගේ මුදල. අපට බදු ගසා ගන්න මුදලින් මිනිසුන්ට ගෙවල් සාදා දීමයි.

:       1       10

Rohana Monday, 23 April 2018 02:22 AM

සජිත්ගේ අදහස නායකයන්ට පහලවන්නේනම් රට ගොඩ , අපේ අවාසනාවට නායකයන්ට එවැනි අදහස් පහළවන්නේ නැත.

:       3       154

ගලබොඩ අත්තේ චමින්ද Monday, 23 April 2018 03:04 AM

ගරු ඇමතිතුමනි, ඔබතුමා වගේ බිම් මට්ටමේ ජනතාව ගැන හිතන පතන අය ගොඩක් අඩුයි. 2020 දී ඔබතුමා එජාප ජනපති අපේක්ෂකයා උනත් නොවුනත් ඔය වැඩපිළිවෙල නතර කරන්න එපා. එයින් ලැබෙන පින මෙතෙකැයි කියන්න බෑ. මිනිසුන්ගේ මතකයේ පවතින්නේ තත්ත්ව තානාන්තර නොවේ. ඔවුන්ට කල සේවයයි.

:       208       312

මෛත්‍රී Monday, 23 April 2018 03:19 AM

අපි නොදන්න මෙයාගෙ කෙරුවාව. උස නම් සෙකුරිටි මිටි නම් කම්කරු ජොබ් දීලා, රටම අන්දවලා දැන් දොඩවනව.

:       461       683

ase Monday, 23 April 2018 04:19 AM

අමාත්‍යතුමනි ඔබ හරි , ඇමති වරුන් 15 සිමා කර පළාත් සබා අහෝසි කර , ප්‍රාදේශීය සබා සහ ඒජන්ත වරුන් පාලනය ක්‍රමවේදයකට යා හැකියි.

:       0       197

Ranasinghe premadasa Monday, 23 April 2018 04:44 AM

ඕක මහජනයාට නොකියා පාර්ලිමේන්තුවේ කියන්න.

:       9       204

ATHULA BANDARA Monday, 23 April 2018 04:53 AM

මම ඔබ තුමා ඉහලින් අගය කරනවා හැමදාම, ඔබ තමා මේ රටේ ජනපති වෙන්න ඕනේ, මේ රට පාලනය කරන ප්‍රධාන දේශපාලුවන් බලන්නකෝ පුටු ටික බෙදා ගන්න පොරකන හැටි.

:       179       577

Dhammika Monday, 23 April 2018 05:16 AM

ඔබතුමාට රට ගැන තියෙන කැක්කුම අනිත් දේශපාලුවොන්ට නැති එකයි ප්‍රශ්නේ.

:       132       445

prasanna Monday, 23 April 2018 05:19 AM

225ම ඔහොම හිතනවානම්...

:       1       230

duminda Monday, 23 April 2018 05:33 AM

පෙට් ස්කෑන් යන්ත්‍ර 5ක් ගන්න සල්ලි.

:       0       150

Mahee Monday, 23 April 2018 05:55 AM

හා... හා... කට කට, විහ්වාස භංගයක් ඕන වෙලාද?

:       1       49

shelton Monday, 23 April 2018 06:44 AM

කිරි හරක් ලක්ෂයකට කන්න දෙන්න පුළුවන් වියදම් කරන සල්ලි.

:       0       22

kalpa Monday, 23 April 2018 06:58 AM

ඔය කියන මුදලට පලාත් සභා වලට කරන වියදමත් එකතුකලාම කොපමන ගෙවල් හදන්න පුලුවන්ද.?

:       0       15

rohana kumara mendis Monday, 23 April 2018 07:18 AM

මේ ආණ්ඩුව ගන්න කලින් පුදුම දේවල් කීවා හොරු ඇතුලට දානවා කීව කෝ දැම්මද. බලය ගන්නකන් කියනවා අවට පස්සේ කෝ මුකුත් නැ. අනික පාර්ලිමේන්තු එනවට දීමනාවක් දෙනවා මොනාටද නොදෙන්නේ ? අසනීප උනොත් කොටි ගණන් දෙන්නේ ජනාධිපති අරමුදලින්. ඒ සල්ලි දෙන්න ඔනි අසරණ මහජනතාවට විතරයි.

:       0       0

Hafeel Monday, 23 April 2018 07:41 AM

මෙහෙම ඉඳලා හරි යන්නේ සජිත් ඇමතිතුමා, පක්ෂය තුළ අරගලයක් ඇතිකරලා හරි පක්ෂ නායකත්වය ඔබ අතට ගන්න. අඩුම තරමින් පාලිත රංගේ බණ්ඩාර සහ වසන්ත සේනානායකලාගේ අරගලය වගේ ඔබතුමාගෙන් දකින්න නැහැ. දැන් ඔතන එදා 2007 දී රනිල් නුසුදුසුයි කියමින් 18 දෙනකු සමග පක්ෂ අත් හැර ගිය රාජිතයි, රනිල්ට බෑ කියපු මංගලයි, මහබැංකු වංචාවට චෝදනා එල්ල වී තියන රවී තමයි ඔළුව උස්සන් ඉන්නේ. ඔවුන්ට වඩා ඔබට තමයි ඔතන හිමිකම තියන්නේ. තව දුරටත් නිහඬ ඉන්න එපා.

:       13       77

BamunuarachchiWednesday, 25 April 2018 05:48 AM

ඔබට තමයි ඔතන හිමිකම තියන්නේලු ඒ කොහොමද කාගේ බූදලෙන් අයිතිවෙලාද කාගේ අන්තිම කැමැත්තෙන් දීලාද. කරුණා කරලා ඒක කියන්න. එක එක ගොයියාට ඔබ කියන විදිහට මේ රටේ නායකයා වෙන්න බැහැ රටක් බාර ගන්න රටට වැඩක් කොරපු, කොරන කෙනෙක් වෙන්න ඕනේ.

:       0       0

wijenanda Monday, 23 April 2018 08:01 AM

සජිත් ඇමැතිතුමා ගමන් කරන වාහනය විකුණුවා නම් ඒත් ගෙවල් 50ක් 60ක් හදන්න පුළුවන්...

:       154       543

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 588 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 363 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1126 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 65 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2361 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 432 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site