IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රශස්තම මැතිවරණය මෙයයි’

(විනීතා එම් ගමගේ)

         

මහ මැතිවරණයේ පශ්චාත් මැතිවරණ සමය 1977 න් පසු පැවැති මහ මැතිවරණය සමග සංසන්දනය කිරීමේ දී ප්‍රශස්තම මැතිවරණය යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය පවසයි.

1977  න් පසු මෙරට පැවැති සියලු මැතිවරණවල දත්ත ගබඩාවක් තම සංවිධානය සතුව ඇති බවත් ඒවා සමඟ සංසන්දනය කිරීමේ දී මෙවර මැතිවරණය ප්‍රචණ්ඩත්වය අඩුම මැතිවරණය ලෙස සැළකිය හැකි බවත් මැතිවරණ ප්‍රඡණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට අද (9) පැවසීය.

තම සංවිධානය කළ සොයාබැලීම් අනුව 1977 න් පසු පැවැති සෑම මැතිවරණයකදීම පරාජිතයින්  පීඩාවට ලක්කර ඇති බවත් ඒවා සමග සංසන්දනය කිරීමේ දී අවම සිදුවීම් වාර්තා වී ඇත්තේ මෙවර බවත් මෙතෙක් සඳහන් කළේය.

මැතිවරණයෙන් පසු ගතවූ දින පහේ දී වාර්තා වී ඇත්තේ සිදුවීම් 12 ක් පමණක් බවත් ඒවාද බහින් බස්වීම්, ගැටුම් හා පහරදීම් පිළිබඳ සිද්ධීන් බවත් කී ඔහු ඉකුත් ජනාධිපතිවරණයේ දී පවා දින පහක් ඇතුළත සිද්ධීන් 44 ක් වාර්තා වූ බව ද කියා සිටියේය.

සංවිධානාත්මක පහරදීම්, පළිගැනීම්, වැනි සිද්ධීන් අවම වීම සතුටුදායක කරුණකැයි ද ඒ අනුව මෑත කාලිනව පැවැති ඉතාමත්ම ප්‍රශස්ත පශ්චාත් මැතිවරණ සමය ලෙස මෙවර මහ මැතිවරණයෙන් පසු ගතවූ දින පහ හඳුන්වා දිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

පශ්චාත් මැතිවරණ සමය ප්‍රශස්ත වේ නම්, පළිගැනීම් හෝ දඬුවම් මාරු වැනි සිද්ධීන් සිදුනොවේ නම් නිලධාරින් ස්වාධීනව වැඩ කිරීමට පෙළඹෙන බව පෙන්වා දුන් ඔහු මේ තත්ත්වය ඉදිරියේ දී දිගටම පවත්වාගෙන යාම යහපත් මැතිවරණ සංස්කෘතියක් ඇති වීමට බලපාන බව ද පෙන්වා දුන්නේය. 

 



අදහස් (5)

ප්‍රශස්තම මැතිවරණය මෙයයි’

Warnakulasuriya Sunday, 09 August 2020 10:26 AM

එතකොට අර මැතිවරණ දවසේ මැකෝතුමා කිව්වේ අගමැතිතුමා කුරුණෑගල ඡන්ද පොලවල් ගානේ ගිය එක වරදක්... නීතිමය පියවර ගන්නවා කියලා. දැන් ඒකත් ප්‍රශස්ත පැත්තටද?

:       0       0

Bamunuarachchi Sunday, 09 August 2020 11:17 AM

ජනාධිපතිතුමා පෙන්වූ ආදර්ශය....

:       0       0

vinivida Sunday, 09 August 2020 02:35 PM

19 වැනි සංශෝධනය නිසා ඇතිවූ ස්වාධීනත්වය නිසා සිදුවූවක් මිස වෙනත් දෙයක් නොවේ. දැනට වසර 20කට හෝ 30 කට පෙර මෙම ස්වාධීන ආයතන ක්‍රියාත්මක වූවා නම් මේ ආකාරයටම පිරිසිදු මැතිවරණ තැබිය හැකිව තිබිණි. මැතිවරණ කොමසරිවරයාට 19 වැනි සංශෝධනයෙන් ලබාදී තිබෙන බලතල අනුව දේශපාලකයින්ගේ බලපෑම් නොමැතිව මැතිවරණ පවත්වන්නේ නම් මෙයටත් වඩා නිදහස් මැතිවරණ පැවතිය හැකිවේ. 19 වැනි සංශෝධනය අහෝසිකොට රාජපක්ෂ සංශෝධනය ඉදිරිපත් කළහොත් සියල්ල උඩුකුරු, යටිකුරු වනු ඇත..

:       0       0

Saman Sunday, 09 August 2020 06:03 PM

ඒවගේම පිරිසිදුම මැතිවරණයත් මේකයි. මොකෝ ඡන්දෙ දාන්න කලිනුයි පස්සෙයි දෙපාරක් අත් වතුරෙනුයි සැනිටිසර් වලින් හෙදුවනේ.

:       0       5

Nishan Monday, 10 August 2020 05:45 AM

මංජුල ගජනායකට පඩි ගෙවන්නේ ආණ්ඩුවෙන්ද දන්නෑ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 196 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 531 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1319 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1586 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 511 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 237 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site