ඉන්දිකා රාමනායක සහ රේඛා තරංගනී ෆොන්සේකා 

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයයි.

රත්මලාන කල්දෙමුල්ල  ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටිය දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදු කර පලා ගොස් අතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

 දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසුවේ මන්ත්‍රිවරයාගේ දකුණු කකුලේ දණහිස අසලට වෙඩි වැදි ඇති බවත් රෝගියාගේ තත්වය බරපතල නොවන බවත්ය.