ඩයනා උදයංගනී

ලබන ජනවාරි, පෙබරවාරි මාස වන විට පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා මන්ත්‍රී මණ්ඩල පත් වනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා පත්කර සිටින කොමසාරිස්වරුන්ට තව මාස 6ක් පමණ එම රාජකාරී කටයුතු සිදුකිරීමට සිදුවනු ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා  රජය පැත්තෙන් ගතයුතු පියවර මේ වන විටත් ගෙන ඇතැයි කී ජනාධිපතිවරයා පළාත් පාලන සංශෝධන පනත පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කසල කළමනාකරණය හා ඩෙංගු උවදුර මැඩලීම සඳහා පළාත් පාලන ආයතනවල සැලැස්මක් සකස් කිරීම වෙනුවෙන් කොළඹ 07, පදනම් ආයතනයේදී අද (17) පැවති වැඩමුළුව අමතමිනි. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබි‚.