IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පහරදීමකට සැකපිට ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවේ

(නිමන්ති රණසිංහ)
    
රිය අනතුරක් සිදුවිම සම්බන්ධයෙන් වු බහින් බස්විමකදි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව
ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතා නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට අදාළ ශිෂ්‍යයා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සදහන් කරන අතර සැකකාර රමිත් රඹුක්වැල්ල කොළඹ අලුත්කඬේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

රමිත් රඹුක්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයකුද වෙයි



අදහස් (57)

පහරදීමකට සැකපිට ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවේ

kalani Saturday, 10 March 2018 06:59 AM

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවකි.

:       2       140

samSaturday, 10 March 2018 08:05 AM

ඒ ඉස්සර. දැන් නෝනා මහත්වරුත් ක්‍රිකට් ගහනවා.

:       2       105

Sayimon mudalaali Saturday, 10 March 2018 07:05 AM

අර හාදයාගේ ගුවන් පුතා නේද?

:       0       396

HafeelSaturday, 10 March 2018 10:33 AM

ඔව් ඔව්.. අර හම්බන්තොට කෙනාගේ අතට මාරු කරලා වගේ. ඊළඟට කාගේ අතට යාවිද?

:       0       54

Raveendra Saturday, 10 March 2018 07:07 AM

මේ බලය අහිමිවී ගිය දේශපාලකයකුගේ අයෙක් නේද? බලයේ නැතිවිටත් මෙසේ සමාජ විරෝධි ලෙස හැසිරෙන්නේ නම් බලයේ සිටිනවිට හැසිරෙන ආකාරය ඔබ, අප සැමට සිතා ගැනීමටත් හැකිය.

:       6       1097

jayasiri manimendraSaturday, 10 March 2018 08:05 AM

ඇතැම් මානසික රෝගීන් නිසා තමයි අද මේ රටට විනාසෙ වෙලා තියෙන්නේ. මෝඩකමටත් බෙහෙත් නැහැ. කුහක කමටත් බෙහෙත් නැහැ. ඒ බලය අහිමිවුණු දේශපාලකයාට පින් සිද්ද වෙන්න තමයි ඔයාලා වගේ අයත් තාම මේ ලෝකේ ඉන්නේ. එතුමා නැතිනම් මේ වෙනකොට රටට අබ සරණයි.

:       1574       1719

RaveendraSaturday, 10 March 2018 10:50 AM

ජයසිරි මනිමේන්ද්‍ර මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. අප කිසිවිටෙක අපගේ මාතෘභූමිය බේරාගැනීමට දේශපාලන නායකත්වය ලබාදුන් හිටපු ජනාධිපති ඇතුළු සහ ක්‍රියාවෙන්ම එයට සහභාගි වුණු සහ තම ජීවිත පුජාකළ, තම ශරීර අවයවයන් නැතිකරගෙන රට බේරාගත් අපගේ විරෝදාර රණවිරුවන් කිසිවිටක අවතක්සේරු කළෙත් නැත. කරන්නෙත් නැත. මොවුන් සියල්ලන්ම "රන් අකුරින්" ලක්මවගේ හදවතේ ලියවී ඇති සේම ඔවුන්ගේ නම් "සදා අමරණිය" බවත් කිවයුතුය. එය කිසිවකු හට මකාදැමීමට නොහැකි බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

:       457       509

Jayampathi Saturday, 10 March 2018 07:13 AM

බලමු එයාට නීතිය ක්‍රියාත්මක වෙන විදිහ. මීට කලින් කරපු වැරදි වලට නිසි දඬුවම් දුන්නනම් මෙහෙම වන්නේ නැහැ.

:       0       7

Jehaan Saturday, 10 March 2018 07:30 AM

ලංකාවේ දේශපාලනයට හොඳම සුදුසුකම තක්කඩිකම සහ විලිලැජ්ජා නැති කමයි. දේශපාලකයන්ගේ නෝනලා පිස්තෝල අතට ගනියි. පුතාලා ක්‍රීඩා විනිසුරුවන්ට පහර දෙති. ඒ ටික කරගන්න බැරි වුනොත් තේරීම් කමිටුව මතක් කරගෙන මහජනයාගේ ඔළු පලති. කවුරු හෝ ඉදිරිපත් වී මේ පුත්‍රයා ආණ්ඩු මට්ටු නොකළොත් මේ රට දේශපාලන පවුල්වල අත කොළුවක් වෙන දවස වැඩි ඈතක නොවෙයි.

:       0       0

Kamal Saturday, 10 March 2018 07:31 AM

මෙයා නේද ගුවන් යානයක දොර ඇරගෙන යන්න ගියේ.. එක පාරක් බීලා ගිහින් වාහනේ හප්පගෙන බේරුණා.. දෙමව්පියන්ගේ හයිය අර ගත්ත මෝඩ පුත්තු.. දේශපාලනය මුළු රටම වසංගතයක් කරනවා..

:       0       100

Mahesh Saturday, 10 March 2018 07:36 AM

පිස්තෝලයක් අතට ගත්තාමත් හිතන්න ඇති බටේකින් බෝලෙට ගහනවා වගේ හිතෙන හිතෙන විදිහට ගහන්න පුළුවන් කියලා.

:       0       0

Low jumper Saturday, 10 March 2018 07:44 AM

පිස්තෝලය ගැන එයාගේ තාත්තාගෙන් නම් කොකා පරික්ෂාවක් කළ යුතුයි.

:       0       3

Bimal Saturday, 10 March 2018 07:50 AM

ඕක මොකක්ද? ඊයේ පෙරේදා දේශපාළු හාමිනේ කෙනෙකුත් පිස්තෝල සෙල්ලම් කළේ.. මේ ඒ අයටම ගිය රටක් වෙලා ...

:       2       443

නුවන් Saturday, 10 March 2018 08:39 AM

මේ ගොල්ලෝ බලය ඉල්ලන්නේ මේ විදිහට මැර බලයෙන් ජීවත් වෙන්න තමයි.

:       878       1257

පෙරේරාSaturday, 10 March 2018 09:19 AM

මිනිසුන්ගෙ පැතුම අශීලාචාර රටක් නම් අපි මොනා කරන්නද?

:       53       501

sachithSaturday, 10 March 2018 04:29 PM

1978 පසුව අතුවුන විකුර්ති දේශපාලන සංස්කෘතිය තම මේ. අපේ උගත් බුද්ධිමත් ජනතාව ඊලග චන්දෙන් මෙයාගේ හෝටලේ බැල්කනියෙන් පැනපු තාත්තව උඩින්ම දිනවල පස්ස බලන්නේ.

:       0       0

Sarasi Saturday, 10 March 2018 07:52 AM

සමහරු ඊයේ පෙරේදා කසාද බැඳලා නෝනගේ ඔළුව පැලුවා කියලා ආරංචි වුණොත් පුදුමයක් නැහැ.

:       0       115

පෙරේරාSaturday, 10 March 2018 09:14 AM

මේ වගෙ මැරයන්ට දුවල දෙන්නෙත් ඒ හා සමාන මැරයො තමයි. බය වෙන්න එපා ඔලු පලාගන්නෙ නෑ.

:       0       239

Lankaputha Saturday, 10 March 2018 07:52 AM

නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම ඇප ලැබිය නොහැකි වරදකි. බලමු පොලීසිය නීතිය නවන හැටි...

:       0       344

Ruhunu Saturday, 10 March 2018 07:53 AM

අර ගුවන් යානයේ දොර අරින්න ගිය කෙනානේද මේ?

:       0       348

kumar (galf)Sunday, 11 March 2018 10:52 AM

ඔවු ඔවු ඒ ගුවන් යානයේ දොර ඇරපු මදාවි කාරයා තමය මේ.

:       0       0

ඩී. ජයදේව Saturday, 10 March 2018 08:10 AM

මෙච්චර කාලයක් බලය තියෙන අය තමා මේ වගේ වැඩ කලේ. ඒත් මේ යහපාලන ආණ්ඩුව ආවට පස්සේ බලේ නැති අයම තමයි මේ වගේ වැඩ කරන්නේ. බලේ ඉන්න අයගේද? බලේ නැති අයගේද? වැරද්ද කියලා හිතා ගන්න බෑ.

:       0       93

champikat Saturday, 10 March 2018 08:19 AM

ඇයි බලය නැත්තේ? ඡන්දෙන් පස්සේ මේ අය හිතන් ඉන්නේ පොලිසිය එයාලගේ අතේ කියලා.

:       0       631

Nalaka Saturday, 10 March 2018 08:25 AM

රටක් බේරගත්ත මනුස්සයාගෙ නම දානකොට නිකන්ම මහින්ද රාජපක්ෂ කියලා දානවා. මේ වගේ දේශපාලකයන්ගේ පුතාලගේ නම් දානකොට මහත්තයා කියලා දානවා. අනේ මන්දා.

:       40       73

Senaka Saturday, 10 March 2018 08:38 AM

මෙයා නේද ෆ්ලයිට් එකේ දොර අරින්න ගිහිල්ලා නඩුවක් දාගත්තේ. තාත්තට බලය නැති නිසා පුතා බලය පෙන්නන්න හදනවද දන්නේ නැහ නේද?

:       0       279

Mal hami Saturday, 10 March 2018 08:51 AM

පොහොට්ටුව පිපීගෙන එනකොට මෙච්චර කල් පොළව යට හැන්ගිලා හිටපු පණුවෝ, මැස්සෝ වෙලා පොහොට්ටුව වටේ කැරකෙනවා. පොහොට්ටු පර වෙන්නෙත් මේ වගේ මැස්සො හින්දා තමයි.

:       2       424

ලුම්බිණි Saturday, 10 March 2018 08:52 AM

මොකද මේ හැම මිනිහටම පිස්තෝල පාවිච්චි කරන්න ඉඩ දීල තිබෙන්නේ? මන්ත්රීලගේ ඉඳල අද පිස්තෝල නැති එකෙක් හොයා ගන්න බැරි තරමයි.

:       0       232

Senaka Saturday, 10 March 2018 12:22 PM

ඒකනම් ඇත්ත මෙහෙම ගියොත් තවත් ඇමරිකාවක් වෙයිද දන්නේ නැහැ. මේ නීති විරෝධි ආයුධ (කාලයක් දීලා) රජයට බාරදෙන්න කියල නීතියක් ගෙන්න ඕනි. නැත්නම් අහිංසක මිනිස්සුන්ගේ ජිවිතවලට වග කියන්නේ කව්ද?

:       0       0

rohana Saturday, 10 March 2018 08:54 AM

තාත්ත වගේ පුතා නොවුනොත් වූ නොට්ටිගේ පුතාලු ...තරාතිරම නොබලා උපරිම දඩුවන් දෙන්න ..ගිනිඅවි පරිහරණය ගිනිඅවියකින් පගරදීම හදිසි නිතිය යටතේ ඇප ලබාදිය නොහැක ...මහජනයා අවදියෙන්

:       0       433

erdi Saturday, 10 March 2018 09:05 AM

කෝ රටේ උද්ඝෝෂන කරන කණ්ඩායම් චන්ඩි මල්ලිගේ පුතා පිස්තොලේ පෙන්නල තර්ජනය කරනව....රමිත් රඹුක්වැල්ල පිස්තොලෙන් ඔලුවට ගහනව තව ටික දවසක් යද්දී අපිව පාරේ බල්ලෝ වගෙ මරලම දායි.

:       1       421

sirimal Saturday, 10 March 2018 09:12 AM

ඊයේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු බව පැවෙසන පුද්ගලයකු ගේ බිරිඳ මහපාරේ පිස්තෝලයක් අතැතිව බස්රථ රියදුරෙකුට චන්ඩි පාර්ට් දමමින් ජෝගි නටනු අපි දුටුවෙමු. අද තවත් කෙනෙක්. මේගොල්ලන්ට කොහෙන්ද මේ අන්දමට උන්ද සහිත පිස්තෝල ලැබෙන්නේ ? මහනුවර සිද්ධිය පිළිබඳවත් දැන් කියවෙන්නේ එය සුළු සිදුවීමක් උපයෝගී කරගෙන දේශපාලනයට සම්බන්ධ පිරිසක් සංවිධානාත්මකව සිදුකල දෙයක් බවයි. පළාත් පාලන ඡන්දයෙන් පසු 'වනචර දශකය' යලි රටතුල ප්‍රාදූර්භූත වේගෙන එන පාටයි. මේ සියල්ල සිදුවෙන්නට ඉඩහැර රටේ ප්‍රධානියා තවමත් බක තපස් රකිමින් කාලය කන්නේ මොකද කියා ඔහු බලයට ගෙනා කට්ටියම දැන් එළිපිට ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇති බව පෙනේ. රටේ පාලකයා " නිකම් දෙකයි පනහේ පතෝල වර්ගයේ " කෙනෙක් බව ඔවුන් කියති. ඒ මදිවට " රටේ නීතිය පවත්වාගෙන යෑම තමන්ගේ ප්‍රධාන වගකීමක්. ඒක එයාට කරන්න බැරිනම් මෙතනින් යන්න කියලයි කියන්න තියෙන්නේ." යනුවෙන්ද කියති.

:       118       1328

ransinha Saturday, 10 March 2018 09:15 AM

වැරදිලා හරි පොහොට්ටුව බලයේ හිටියනම් දෙකක් නෑ ..... තදුඩින්.... වුදේ අනික වෙයි ද ....?

:       589       1152

Jagath Saturday, 10 March 2018 09:25 AM

මුන් තමයි රට කන හරක්. කොහොමද අප්පොච්චි අන්ඩුවෙ හිටියනම් අර කොල්ල ඉවරයි.

:       579       1177

noel Saturday, 10 March 2018 09:28 AM

ඒක සෙල්ලම් පිස්තෝලයක් නේ. ගාල්ලේ පැත්තේ ගිය වෙලාවක හිටපු නගරාධිපතිගේ කඩෙන් අරගත්තේ.

:       0       265

සතයපාල Saturday, 10 March 2018 09:29 AM

තාත්තා ඇමතිවෙලා හිටියා නම් බල්ලෙක්ටවත් පාරේ යන්න හම්බවෙන්නේ නැහැ.

:       0       297

රවින් Saturday, 10 March 2018 09:33 AM

මොකද මෙයත් බැල්කනි පනින්න ගිහිල්ලද?

:       0       158

පෙරේරා Saturday, 10 March 2018 10:15 AM

බන්ධනාගාර කොමසාරිස්ට කියන්නේ වැරදිලාවත් රිමාන්ඩ් කළොත් මතක ඇතුව වැසිකිළියේ දොර වේලාසනින් පෙන්නලා තියන්න. නැත්තං වෙරිමරගාතේ ඔබතුමාගේ කාමරේට එයි.

:       0       399

sena Saturday, 10 March 2018 10:24 AM

අායෙත් වනචාරි දශකයේ තව කීපදෙනෙක් ඇතුලේ ඉන්නවා. ඒ අයත් එළියට ආපුවාම ඔක්කොම හරි.

:       0       192

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 10 March 2018 10:26 AM

ක්‍රිකට් ක්‍රීඩකයා බැට් එක වෙනුවට පිස්තෝලයද අද අරන් යන්නේ?

:       0       100

Malik Saturday, 10 March 2018 10:34 AM

දැන් තාත්තා කියාවිද දන්නේ නැහැ මේකත් පුතා මහ දවල් හීනෙන් ඇවිදිනවිට සිදු වුණු ඉතා සුළු සිදුවීමක් කියලා.

:       147       97

Ranjula SusanthI pathiratne Saturday, 10 March 2018 10:46 AM

විනයක් නැති, නූගත් මෙවැනි අය හට වහා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       65

leel gunawardena Saturday, 10 March 2018 12:31 PM

ක්‍රිකට් ගහන අය ළඟ පිස්තෝලත් තියනවද ?

:       0       0

Dulmi Saturday, 10 March 2018 12:37 PM

දැන් කියාවි දවල් හීනෙන් ඇවිදින්න ගිහින් වුන දෙයක් කියලා. අර ගුවන් යානාවේ වැසිකිලිය සොයන්න ගිහින් ඔය ටිකමනේ මහ ගෙවල් වලින් කියලා තිබුනේ.

:       0       0

Ravi Saturday, 10 March 2018 01:04 PM

පවුල් පිටින් පිටරට පදිංචියට ගිය අපේ ඥාතියෙකුට, රට ගිහින් ළමයින් අපේ සංස්කෘතියට අනුව හදා ගන්නේ කොහොමදැයි මම ඒ කාලයේ ඇහුවා. ඊයේ දුක සැප සොයන්න ඔහු කතා කරලා කියනවා.... මල්ලි මම දරුවන් සුද්දගේ රටට එක්ක ගියේ අඩු ගානේ රටේ නීතියට හිස නමන විදියටවත් ඒ අයව හදා ගන්න ඕනෑ නිසා කියලා. ඊළඟට කියනවා ලංකාවේ හැදෙන ළමයින්ට චණ්ඩි දේශපාලු පුතාලයි, ගෙවල් වල නෝනලාට දේශපාලක පිස්තෝල හාමිනේලයි ඇරෙන්න මොනවාද ඔයගොල්ලන්ට පෙන්වන්න තියෙන්නේ කියලා... ලැජ්ජාවේ පණ ගියා !

:       0       16

Kaanthi Saturday, 10 March 2018 01:17 PM

මුළු ලෝකෙන්ම කිසිම ලැජ්ජාවක් නැති දේශපාලන පවුල් ඉන්නේ ලංකාවේ. කියන්නත් කණගාටුයි. වෙනින් රටවල එක දේශපාලක පවුලකට එක මදාවියා බැගින් ඉන්නවා. අපේ රටේ පවුල් පිටින්ම චණ්ඩි. අලුත්ම රැල්ල තමයි බලවතුන් දේශපාලක මාමණ්ඩිලාගේ බලය හන්දි ගානේ පිස්තෝල අතට අරන් පෙන්වීම. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ඇත්තන් බුදිද?

:       0       16

Hasith Saturday, 10 March 2018 01:40 PM

මම හිතන්නේ ළඟම වැසිකිලිය සොයා ගන්න බැරිව සිදු වුන සිදුවීමක් ! ඔන්න බලන්න ඔහොම නොකියාවිද කියලා.

:       0       0

Indu Ambalangoda Saturday, 10 March 2018 03:08 PM

''ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයකුද වෙයි'' කවදද මෙයා ලංකාව නියෝජනය කරේ. මෙහෙම කෙනෙක් ලිස්ට් එකේ නෑ. එහෙම වුණා නම් මෙයාගේ කැප් නොම්මරේ මොකක්ද​?

:       1       590

noel Saturday, 10 March 2018 04:13 PM

හැකියාවක් නොමැතිව... දේශපාලන බලයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අයෙකුට ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස හැඳින්වීම අනිත් ක්‍රිකට් ක්‍රීඩකයකයින් හට කරන බලවත් අසාධාරණයක්...

:       0       8

Ranga Saturday, 10 March 2018 06:40 PM

මෙයා ක්‍රිකට් කණ්ඩායමේ තව ටිකක් කල් හිටියා නම් , ක්‍රීඩකයන්ගේ නෙවෙයි පුහුණුකරුගේ ඔලුව වත් බේරෙන එකක් නැහැ .

:       0       19

TD Saturday, 10 March 2018 06:57 PM

සිරි ලංකාව යනු අමුතුම රටකි. එහි පුරවැසියෝ සියල්ල දත් කට්ටියය. මුළු ලෝකයටම පාඩම් උවත් කියාදීමට සුදානම්ය. නමුත් මොනයම් හෝ පුරස්නයක් ඔවුනට පැමිණිවිට සියල්ල දත්තෝ හොල්මන්විති. සියල්ල අනාගනිති. පසුගිය කාලවකවානුවල ඇතිවූ සිදුවීම් ගැඹුරින් අධ්‍යයනය කරද්දී එය හොඳින් පැහැදිලිවේ. ලෝකයේ ප්‍රබල රටවල ඇත්තේ එකම එක නීතියකි. තිබෙන නීතියෙන් අකුරට වැඩ ගනිති. කාටද කියා නීතියේ වෙනසක් නැත. නීතිය නවන්නට කිසිවකු උත්සහ දරන්නේ ද නැත. නීතිය ක්‍රියාත්මක කරනවා මිස කයිවරු ගසන්නේ නැත. ලංකාවේ එසේ නොවේ. තව විශේෂ යමක් කීමට ඇත. මෙය සිදුවන්නේත් සිරි ලංකාවේ පමණක් නිසාමය . වැරදි කරුවන් විසින් වංචාවට හෝ හදිසි අනතුරකට පත්වූ තැනැත්තන් බිය ගන්නවා හෝ මුදල්දී, වැරදිකරුවන් කළවරද යටපත්කර බේරියාම රටේ නීතියට කරන නිගාවකි. වරද සහ නීතිය මුදලට යටපත් කොට පැනයාම තවත් විශාල වරදකි. මෙය ලංකාවේ තිබෙන වෙනත් රටවල නොමැති දුෂ්ට ක්‍රියාවලියකි. මේ ක්‍රියාවලිය රජය විසින් වහාම නතර කලයුතුය. නීතියට නිගා නොකළ යුතුය. නීතිය තදින් ක්‍රියාත්මකකර රටක විනක් ඇති කල යුතුය.

:       0       0

රාජුන් Saturday, 10 March 2018 07:22 PM

මගේ පොතේ හැටියට ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නෙ ක්‍රිකට් ගහන්න දන්න අයෙකුට. නැතුව කොහොම හරි කණ්ඩායමට රිංගුවට ක්‍රීඩකයෙක් වෙන්නෙ නෑ.

:       0       0

chris Saturday, 10 March 2018 09:43 PM

පිස්තෝලයක් අතේ තිබුනානම් දේසපලකයෙකුගේ පුතෙක් වෙන්න බැහැ.ෂුවර් එකට ගුටිකාපු සිසුව හිරේ යනවා .ඊට ඉස්සෙල්ල පැමිණිල්ල අස්කරගන්නා පුතේ.

:       0       0

තීක්ෂන Sunday, 11 March 2018 04:17 AM

ගොන් කතා කියන්න කලින් හොයලා බලන්න...මෙයා සෙල්ලම් කලා ලංකාවට තාත්ත්ගෙ හයියෙන්

:       0       0

susila Sunday, 11 March 2018 05:15 AM

මොහුගේ මැරකම් බලනකොට අජාසත්ත හොදයි ..

:       2       5

de silva berlin Sunday, 11 March 2018 07:38 AM

අද ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිරිහීමට ප්‍රධාන හේතුවක් මෙවැනි විනයක් නැති පුද්ගලයන්ට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඉඩ දීම සහ දේශපාලකයන් ක්‍රිකට් ක්‍රීඩාවට නිතරම බලපෑම් කරීමත් නිසාය ,

:       0       9

samana gamage Monday, 12 March 2018 09:33 AM

මේ අය බලය ඉල්ලන්නේ... පුතාලාට රජ කරන්න.

:       0       0

R.Liyanage Monday, 12 March 2018 11:38 AM

පහුගිය කාලයේ බිහි වෙච්ච ක්‍රිකට් කාරයොත් අර නීතිවේදියා ... වගේම වෙන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 11 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 327 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 728 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ
2024 අප්‍රේල් මස 18 260 0

විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත


ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න
2024 අප්‍රේල් මස 18 178 0

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45


පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 175 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 193 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1395 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site