බිඟුන් මේනක ගමගේ

 

spodoptera frugiperda නමින් විද්‍යාත්මකව හඳුන්වන සලබයකුගේ කීට දළඹු අවස්ථාව අනතුරුදායක පලිබෝධයකු හැටියට හඳුනාගෙන ඇතැයි ද ඉන්දියාව, නේපාලය, බංගලාදේශය ආදී රටවල ව්‍යාප්ත වී ඇති මේ පලිබෝධකයා ගැන කල්තියා දැනුම්වත්වීම වැදගත් යැයි ද ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය පවසයි.

 

සැතපුම් 100 ක් පමණ වූ සලබයාගේ වේගවත් පියාසර හැකියාවත් ප්‍රජනන වේගය ඉහළ අගයක් ගැනීමත් නිසා මෙම පලිබෝධකයා වඩා අනතුරුදායක යැයි එම මධ්‍යස්ථානය කියයි.

 

පාලනය සඳහා යොදන කෘමිනාශකවලට ඉතා පහසුවෙන් ප්‍රතිරෝධතාව ගොඩනගාගන්නා බැවින් උන් අතින් අල්ලා ඉවත් කළ යුතු යැයි ද එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

 

සැකකටයුතු පලිබෝධකයකු දුටුවහොත් වැඩි උපදෙස් සඳහා  කෘෂි උපදේශන සේවාවේ 1920 අංකයෙන් විමසන්නැයි ද එහි සඳහන් වේ.