ඉන්දිකා රාමනායක

කොල්ලුපිටිය  වාලුකාරාම පාරේ පිහිටි චීන අවන්හලක අධි ශිතකරණයේ පණ පිටින් කැබැල්ලෑවකු  දමා තිබියදී  අද දහවල් බේරාගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 

මෙම කැබැල්ලෑවා ශිතකරණයේ දමා සිටි චීන ජාතික ප්‍රධාන සුපවේදියා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් හදිසි ඇමැතුම් අංශය (119) වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

අඩි 4 දිග මෙම කැබැල්ලෑවා කිලෝ 6 ක  බරකින් යුත් බවත් මොහු දුර්ලභ ගනයේ ආරක්ෂිත සත්වයෙක් බවද පොලිසිය සදහන් කරයි.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප හා වීඩියෝ බිමල් ශ්‍යාමන් ජයසිංහ)