IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනෙයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද(17) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ දී සිදු කෙරිණි.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකරු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් ජනක සුගතදාස යන මහත්වරු අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ අතර එම රෝහලේ ණය ගනුදෙනු සම්බන්ධයෙන් ලංකා බැංකුව ද අදාළ ගිවිසුමට අත්සන් තැබීය.

ඒ අනුව අද සිට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යනු ලබන අතර ඒ සඳහා ලබාගෙන තිබූ ණය මුදල් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් සුපුරුදු පරිදි වාරික ලෙස ගෙවාගෙන යනු ලබන බව ද කියා සිටියේය.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 



අදහස් (28)

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනෙයි

ONE SRILANKAN Monday, 17 July 2017 06:18 AM

ගරු ජනාදිපති තුමනි ,,,රාජිත ගේ වැඩවලට සහබගිවෙන්න එපා ඔබතුමාටත් මිනිස්සු බනීවි ,,,රාජිත ජාතිද්‍රෝහියෙක් ,,,බහුතර ජනමතයට කන්දෙනවට වඩා මෙයා මුදලාලි කෙනෙක් පමණි පෙනීහිටින්න්නේ ,,,,UNP එකෙන් වෙන්වී සබ් ඉවත් කර රජයක් පිහිටවා රට ගොඩ නගන්න ,,

:       4878       19517

Ravindra Kumara Monday, 17 July 2017 06:20 AM

නෙවිල්ට ලාබ ගන්න මහජන මුදලින් නඩත්තු වන රෝහලක් බවට පත් විය හරි ශෝක්

:       2554       7828

මම1Monday, 17 July 2017 02:02 PM

ලෙඩ්ඩු අනාථ කර කර ස්ට්‍රයික් කරන්න, ළමයින්ව ලොකු ඉස්කෝල වලට හොරෙන් දාගන්න, කාර් පර්මිට් ගන්න, අසරණ ලෙඩ්ඩුන්ගෙන් සල්ලි අරගෙන බෙහෙත් කරන්න, අඩු සුදුසුකම් තිබෙන පිට පලාත් වලින් එන අයව දොස්තරලා කරන්නත් විද්‍යාල ඉස්පිරිතාල තියෙන්නේ මහජන මුදලින්ම තමයි.

:       4512       682

piyal Monday, 17 July 2017 06:26 AM

දැන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලොකු පුටුවල කට්ටිය මේකට මාරු කරන්න. එතකොට අපි බලමු කොහොමද එයාල සේවය කරන්නේ කියල ප්‍රමිතියක් නැති රෝහලක.

:       1546       564

samira Monday, 17 July 2017 06:52 AM

ඇයි මෙහෙම බොරු කියන්නේ කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ රජයට මේක බදු දුන්න කියලනේ එතකොට රජයෙන් නෙවිල් දොස්තර මහත්තයට බදු ගෙවනවා එයා එකෙන් ණය වාරිකේ ගෙවනවා අපි සල්ලි දීල ළමයි දමනවා හරිම සිම්පල් ප්ලැන් එකක්

:       1403       15248

මම1Monday, 17 July 2017 01:58 PM

නොමිනල් ලීස් කියන්නෙ 'ලොකු' බදු මුදලක්ලු. සයිටම් එක නොමිනල් ලීස් එකකට රජයට බදු ගන්නේ ඒකේ වටිනාකම ගෙවීමට රජයේ මුදල් භාවිතා නොකිරීමටය. ඒවගේම ලංකා බැංකුවට ඇති ණය කපා නොහැර අයකරගැනීමට ඇපයට තබා ගැනීමට. රජයට බදු අරගෙන නොමිලේ සේවය දෙනකොට ලෙඩ්ඩු ඇවිල්ල සායනික පුහුණුව ප්‍රශ්ණේ විසඳුණොත් අනික් ආණ්ඩුවේ ඉස්පිරිතාල වල සායනික පුහුණුව ගැනීම අවහිර කරලා සායනික පුහුණුව නොමැති නිසා තව වැරදි හොයනවා.

:       443       101

ReksMonday, 17 July 2017 04:04 PM

එහෙනම් ඉතින් මොන එහෙකටද ඔය ලීස් කතාවක් දැම්මේ? ජනසතු කළා කියලා දැම්මා නම් ඉවරනේ... අනේ අපි නොදන්න චෙස්....

:       0       503

පිටිගල මිලානෝ Monday, 17 July 2017 06:59 AM

රටක පුද්ගලික විශ්වවිද්‍යාල තිබීම වරදක් නොවේ. නමුත් ලංකාව තවම ඊට සුදුසු නැත.

:       1089       1171

jayantha Monday, 17 July 2017 07:20 AM

මේක කරන්න කියල ඉල්ලුවේ නෙවිල් ප්‍රනාන්දු විතරයි. දැන් නියමයි. ලාබයත් වැඩි වෙනවා නිකම්ම

:       253       2035

sumana Monday, 17 July 2017 07:26 AM

ලංකාව පුද්ගලික විශ්ව විද්‍යාල වලට සුදුසු නැහැ. හැබැයි පුද්ගලික ඉස්පිරිතාලවලට සුදුසුයි. මරු නේද?

:       3240       947

sena Monday, 17 July 2017 07:33 AM

ලෝකේ පුරාම පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා. අපේරටේ දොස්තර මහත්වරුන්ගේ තියෙන කුහකකම් වලට මහා ජනතාව වන්දි ගෙවන්න ඕනේ.

:       7858       2258

achalaMonday, 17 July 2017 08:35 AM

සේන මහත්මයා ලාභ ලබන පුද්ගලික විශ්ව විද්‍යාල හා ලාභ නොලබන පුද්ගලික විශ්ව විද්‍යාල ගැන මුලින්ම දැනුවත් වෙන්න. ලෝකේ එක දියුණු රටකවත් ලාභ ලබන පුද්ගලික විශ්ව විද්‍යාල නෑ.

:       314       28392

kamalMonday, 17 July 2017 10:08 AM

බංගලිදේසේ පුද්ගලික වෛද්‍ය උපාධි කරපු අය අපේ රටේ පිළිඅරගෙන තියෙන්නේ... එහෙනම් බංගලිදේසේ ගොඩක් දියුණු ඇති නේද?

:       1512       92

SusilMonday, 17 July 2017 02:12 PM

ලාභ නොලබන විශ්ව විද්‍යාලවල ගිණුම් පරීක්ෂා කලාද?

:       2277       105

chandanaMonday, 17 July 2017 03:02 PM

ලාබ ලබන පුද්ගලික විශ්වවිද්‍යාල මෙන්ම ලාබ ලබන රජයේ විශ්වවිද්‍යාලත් දියුණු රටවල තියෙනවා අපේ රටේ ළිං මැඩියෝ නොදන්නවා වුනාට. දියුණු රටවල රජයේ විශ්වවිද්‍යාලවල විදේශීය සිසුවන්ට මෙන්ම දේශීය සිසුවන්ටත් උගන්වන්නේ ගාස්තු අයකිරීමෙන්.

:       847       112

siri Monday, 17 July 2017 08:39 AM

මෙපමණ කල් නිදි මැරුවේ මේකටද?මේ ගනුදෙනුවේ ඇත්ත හෙළි කරන්න. රාජිත ගැන තඹ සතේකටවත් විශ්වාසයක් නැහැ. එයට බෙහෙත් ගන්න ඕනේ වෙනෙකුට පිටරටවල්වල යන්න වෙන්නේ. කෙසේවෙතත් ජනතාව ඉදිරියේදී නිසි පිළිතුරු දේවි. එ්නිසා ජනපති තුමනි, පරිස්සමෙන්. ඔබතුමා දැන් පඹගාලක පැටලිලා ඉන්න බව ජනතාව දන්නවා.

:       223       4042

sachith Monday, 17 July 2017 08:43 AM

සේන, ලෝකේ හැම තැනම පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා තමයි. එ්ත් ඒවා හැම එකක්ම නියමිත ප්‍රමිතියට යාමනය කරනවා. ඒවගේ නොවී පුද්ගලික වෛද්‍ය විද්‍යාල හැදුණු රටක් තමයි ඉන්දියාව. අද එහෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වහනවා. ප්‍රමිතිය නැති හින්දා, එකම හොඳ උදාහරණයක් අපිට. මොකද ඔය ඉන්න අැමැතිලාට, ලේකම්ලාට කොමිස් දෙනවා නම් ටවුමේ ටියුෂන් සර්ටත් හෙට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න පුළුවන්...

:       23       2189

anomaMonday, 17 July 2017 04:06 PM

ඉතින් ප්‍රමිතියක් හදල යාමනය කරන එකනේ ඇත්තේ. ප්‍රමිතියක් එපා කීවේ කව්ද? මෙයා ගිහින් ඉන්දියාවේ විශ්ව විද්‍යාල වහනවා බලාගන ඉඳල ආවා වගේ කතා කරන්නේ? ඉන්දියාව ඔයාල හිතන තරම් මෝඩයෝ ඉන්න රටක් නොවෙයි. අනික ඉන්දියාවේ ඉන්න දොස්තරලට ඉරිසියාව කියන රෝගය තවම හැදිලා නැහැ. එ්කයි ඉන්දියාව හැම අතින්ම දිනෙන් දිනම දියුණු වන්නේ. ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාව ලබා ඇති දියුණුව ගිහිල්ලම බලන්න. අපේ රටෙන්මත් කොයි තරම් අය වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න ඉන්දියාවට යනවද?

:       660       167

දිමුත් Monday, 17 July 2017 10:14 AM

කොහොමද ගැටේ? ඉස්පිරිතාලෙට ආණ්ඩුවෙන් ලෙඩ්ඩු. සයිටම් ලාභය නෙවිල් මහත්තයටනෙ එන්නේ...

:       47       82

saitm Monday, 17 July 2017 10:23 AM

දැන් කව්ද කිව්වෙ සයිටම් රෝහල ගත්තා කියලා සයිටම් හොර වෛද්‍යවරු හැදෙන එක නවතිනවා කියලා.

:       162       252

darshana Monday, 17 July 2017 10:27 AM

අචලා, ඔබ ඔය කියන ලාභ නොලබන පිටරට පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ලංකාවෙන් යන දරුවන්ට කීයක් ගෙවන්න වෙනවද? එ්කෙන් හරි අඩකට මෙහෙ ඉගෙන ගත්තහම මොකද වෙන්නේ? පිටරටකට යන විශාල මුදල් කන්දරාවක් රටට ඉතිරි වෙනවා. කුහකකම මිසක් වෙන දෙයක් මෙතන නැහැ.

:       178       225

සාගර Monday, 17 July 2017 11:07 AM

අචලා ඔබ වැනි බුද්ධිමතුන් අඩුවීම රටේම අභාග්‍යයක්. අපි හැමදාමත් තුන්වන ලෝකයේ දියුණුවෙන රටක් වෙලා තියෙන්නෙත්, කවදාවත් දියුණු රටක් බවට පත් නොවී තියෙන්නෙත් ඔබ වැනි බුද්ධිමතුන් අඩු කම නිසාමයි.

:       104       142

Lakvidu Monday, 17 July 2017 03:48 PM

බස් එකේවත් යන්නේ නැති පාරක තියෙන, ඔය ලෙඩ්ඩු යන්නේ නැති රෝහලක් රජයට ගත්ත පළියට ඒ අය යාවිද? ඉතින් කොහොම සායනික පුහුණුව දෙන්නද? නවලෝක සහ ආසිරි රෝහල් රජයට ගත්තා නම් ඔන්න හොඳට සායනික පුහුණුව දෙන්න තිබුණා. මොකද ඒවා රජයට නොගෙන මේ කෝටි ගණන් ණය තියෙන එක විතරක් ගත්තේ?

:       118       155

Reks Monday, 17 July 2017 03:50 PM

දැන් එහෙනම් නියම විදිහට, සයිටම් එකෙන් මෙච්චර කලක් සමත් වුණ අයට ආයෙමත් ඔවුන්ට සායනික පුහුණුව දිය යුතුයි.

:       7       0

thamindu dulvan Monday, 17 July 2017 04:09 PM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නැතිව හදපු මේ 'ගිවිසුම'නමැති අලුත්ම ෆිල්ම් එකේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතාගේ රංගනයට ජනාඩිපති සම්මානෙත් හොඳ මදිනේ... රාජිත ඇමතිතුමා එදා ඉඳලා කරන සයිටම් රංගනයට ලංකාවේ දෙන්න සම්මානත් නෑ. සහයනළු කිරිඇල්ල ඇමැතිතුමාට ළඟදීම සම්මානයක් ජනපති අතින් නෙමෙයි,.. අගමැති අතින්ම දෙන්න වෙනවා. මේ කව්රුත් හිතට ගත යුත්තේ මේ රඟපාන්නේ ජනතාව ඉදිරියේ කියලයි. මේ ගිවිසුමෙන් අර්බුදය තවත් වැඩි කලා.ජනතාව සමග ඉන්න වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපේ ආචාරය..

:       118       229

athula Monday, 17 July 2017 08:27 PM

මෙයාල මොනවා කියුවත් ඔය නෙවිල් ප්‍රනාන්දු කියන එක්කෙනා හිනා වෙන විදිහටම කියන්න පුළුවන් ඔක්කොම කොලේ වහල ගහන්න හදන්නේ පදය රාජිත රටේ මහා දනස්කන්දයක් හොරකම් කරපු කෙනෙක් එවැනි කෙනෙක් තුලින් ලබන්න පුළුවන් සහතිකය කුමක්ද ?මේක කොලේ වහල ගහන්න හදන්නේ .

:       16       71

තාරක Wednesday, 19 July 2017 03:48 AM

වසර 10 කට රෝහල රජයට බදු ගැනීමයි සිද්ධ වුනේ. රජය ජනතාවට කොලේ වහනවා. ලංකා බැංකු ණය ගෙවාගෙන රජය නෙවිල් ප්‍රනාන්දුට බදු ගෙවනවා. රජයේ රෝහල් වලට බෙහෙත් නොදෙන රජයට රෝහල් බදු ගන්න සල්ලි තියෙනවා. මේකද යහපාලනය.

:       0       22

Lakvidu Wednesday, 19 July 2017 12:36 PM

පාඩු ලබනවා කියලා වරායයි, එයාර්පෝට් එකයි චීනෙට විකුණනවා. පාඩු ලබන නෙවිල්ගේ රෝහල ආණ්ඩුවට ගන්නවා. ඔන්න මල්ලි යහපාලනය

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 180 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 276 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 67 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 920 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 245 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 288 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site