IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය

(තරිඳු ජයවර්ධන සහ රංජන් කස්තුරි)

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති කබීර් හෂීම් මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීය.

වයඹ, මොරටුව සහ සබරගමුව විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ආරම්භ කිරීමේ වැඩකටයුතු  සිදුවෙමින් පවතින බවත් රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමට නියමිත බවත් ඇමැතිවරයා පැවසීය.

මේ අතර සයිටම් ආයතනය පුන්‍යායතනයක් ලෙස හෝ අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාම  හෝ 51%ක් රජයට තබාගෙන ඉතිරි 49% කොටස් වෙළඳපොළට දැමීම යන කරුණූ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන සාකච්ඡා කරන බවත් ඇමැතිවරයා කීවේය.



අදහස් (30)

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය

karunawathie Tuesday, 27 June 2017 10:19 AM

කරලා විතරක් මදි. සුදුසුකම් තියන සේරම ළමයි ඇතුලත්කරගෙන ගොඩක් දොස්තරලා බිහි කරන්න ඕනේ. ලංකාවෙන් විදේශවලට යන විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන් එතකොට.

:       266       576

SeeniTuesday, 27 June 2017 04:35 PM

එකට යන වියදම ඔබතුමිය ට දරන්ඩ පුලුවන් ද? ලක්ශ 100ක් තියෙන කෙනා විතරයි අනාගතයේ දී දොස්තර වෙන්නේ

:       15       43

ReksSunday, 02 July 2017 02:30 AM

දැන් ගාන ලක්ෂ 120යි.

:       0       0

Prasanna Tuesday, 27 June 2017 10:48 AM

ජී.එම්.ඕ. එකට තියෙන ප්‍රශ්නය නෙවිල් ප්‍රනාන්දු එක්ක විතරයි. එත් ඒකාලේ නෙවිල් මහත්තය ආශා සෙන්ට්‍රල් හොස්පිටල් එකේ අයිතිකරු වී ඉන්නකොට තනි අයිතිය සහ ලාබ ලැබීම ගැන කතා කලේ නැත. ඒ private practice නිසා. මේ වගේ දුප්පත් මිනිස්සු ගැන සහ නිදහස් සෞක්‍යය ගැන කැක්කුමක් තියෙනවනම් නවලෝක, අසිරි, Durdans , ආශා සෙන්ට්‍රල් එහෙමත් රජයට පවරගන්න කියල ජී.එම්.ඕ. එක කියන්නේ නැත්තේ මොකද? මේ ඔක්කොම තමන්ගේ පැවැත්ම උදෙසා.

:       3167       2132

Francis FernandoWednesday, 28 June 2017 02:04 AM

ප්‍රසන්න මොන ලෝකෙද ඉන්නේ? කොයි රටේ ජී.එම්.ඕ එකද නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරගන්න කිව්වේ? ජී.එම්.ඕ එක ඉල්ලන්නේ සයිටම් එක රජයට සම්පූර්ණයෙන් පවර ගන්න කියල. ඔය ණය පිට දුවන රෝහල අරන් ආණ්ඩුවෙන් ඒ ණය ගෙවන්නයි, නෙවිල් ප්‍රනාන්දු ඒ පිහිටෙන් සයිටම් දුවන්නයි. මොන විහිලුවක්ද. අපේ බදු සල්ලි වලින් නෙවිල් ප්‍රනාන්දුට සෙල්ලම් කරන්න මේක උගේ රටද

:       26       116

lanka Wednesday, 28 June 2017 05:20 AM

කොහොමහරි රටට තවත් රජයට අනුබද්ධ රෝහලක් ලැබෙනවනේ.දැන් රජයේ රෝහල්වල පඩිපෙලේ පවා ලෙඩ්ඩු.දොස්තරලා මේවට කතාකරනවද? දැන් මෙරටේ රජයේ සේවයේ ඉහලම සිට පහලටම ඉන්න 95% නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත අය නේද? දැන් දවසින් දවස රට වලපල්ලට යන්නේ නැත්ද? නිදහස් අධ්‍යාපනයෙන් පලක් තියෙනවද?

:       2       1012

sameeraWednesday, 28 June 2017 03:52 AM

නෙවිල් ප්‍රනාන්දු එක ගන්න ඉලුවේ කවුද?

:       0       87

wedage Tuesday, 27 June 2017 10:54 AM

මෙය කොහොමත් මහජන මුදල් වලින් ඉදිකරන ලද්දකි, බැංකුවකින් කිසිම බැදුම්කරයක් නොමැතිව මුදල් සපයා ඇත

:       11       180

සිරි Tuesday, 27 June 2017 03:47 PM

මේක මහා මෝඩ කතාවක්. බැංකුවක මුදල් කියන්නෙ මහජනයාට අයිති මුදල් පමණක් නොවෙයි. බැංකු වලින් ණයක් දෙනකොට ආවට ගියාට දෙන්නෙ නැහැ. කෙසේ වෙතත් මින් ඉදිරියට කිසිම ආයෝජකයෙක් ලංකාවේ අධ්‍යාපන සේවාවල ආයෝජනය කරන්න ඉදිරිපත්වෙන එකක් නැහැ. එතකොට කාටද පාඩුව.

:       506       392

SeeniTuesday, 27 June 2017 04:39 PM

මේකට ණය දුන්නේ ලංකා බැංකුව නේ ද? එතකොට ඒක රජයට අයිති නැත්තන් කාටද අයිති? ඔබතුමාට ද? රනිල් ට ද? එහෙමත් නැත්තන් අර්ජුන් මහේන්ද්‍රන් ටද?

:       2       358

සිරිWednesday, 28 June 2017 07:23 AM

ලංකා බැංකුව රජයේ බැංකුවක් වුණාට ඒකෙ තියෙන සල්ලි ඔක්කොම රජයට අයත් කියලද හිතාගෙන ඉන්නේ...? එතකොට මේ අපි වගේ පොඩි අය සතෙන් සතේ එහි ඉතිරි කරන මුදල් රජයට අයත් කියලද කියන්නේ? මහා ව්‍යාපාර එහි ස්ථිර තැන්පතුවල තැන්පත් කර ඇති මුදල් රජයට අයිතියි කියලද කියන්නේ? ඒ මුදල් තමයි ආයෝජකයන්ට ණය ලෙස ලබා දෙන්නේ...

:       0       0

chandra Tuesday, 27 June 2017 11:25 AM

සයිටම එකයි නෙවිල් ප්‍රනාන්දු රෝහලයි හරියට හරකාගේ පසුපස කොටස සහ ඉදිරිපස කොටස වගෙයි. ප්‍රනාන්දු මහතා කෙසේ හෝ හරකාගේ ඉදිරපස කොටස ජනතාවට ලබා දී ඇත.

:       592       1912

rowWednesday, 28 June 2017 04:47 AM

මේ කතාව අදහස් දක්වන අයගෙන් කීදෙනකුට තේරෙනවා ඇතිද කියල තේරෙනවා අදහස් බැලුවම.හතර රියන් සහ දෙරියන් කතාවට හිනහ උන මිනිස්සු, මේවට හිනා වෙන් නෑ.නෙවිල් ප්‍රනාන්දු රෝහල කියන්නේ සයිටම අය පුහුණු කරන තැන.එතකොට එකත් පවත්වා ගන්න බදු ගෙවන්න ඕනි ඔබයි මමයිද?

:       1       338

Sena Tuesday, 27 June 2017 12:32 PM

සයිටම් යනු සක්විතිට පසු බිහිවූ වංචාකාරීම ආයතනය. ඇමති වරුන් වැල් බයිලා කියමින් මහජනතාව රැවටීමට අසාර්ථක උත්සාහයක යෙදෙනවා. වයඹ වෛද්‍ය පීටයේ මුල් ගල් පැලවෙනවා, තව අවුරුදු පහකටවත් විවෘත කරන්න බැහැ. අනෙක් ඒවා ගැන මොන කතාද ?

:       113       1339

රොමේෂ් Tuesday, 27 June 2017 12:37 PM

ලාභ ලබන රාජ්‍ය ආයතන ටික විකුණ විකුණ, ඒ ලැබෙන සල්ලිවලින් අතිශයෙන් පාඩු ලබන පුද්ගලික ආයතන අර්ධවශයෙන් රජයට පවරාගෙන නඩත්තුකරන අරුම පුදුම "ආර්ථික මොළ" වෙසෙන ඩිස්නිලන්තයක ඉපදීමත් පෙරකළ පිනක්ම වියයුතුයි.

:       187       1175

seeni Tuesday, 27 June 2017 02:13 PM

ලක්ෂ 120ක් නෙවිල් මුදලාලීට දීලා සයිටම් එකට ඇතුලත් වෙලා රජයේ වියදමින් පවත්වාගෙන යන රෝහලක පුහුණුව ලබන්න පින් කරපු ලමයි....:) අපේ මිනිස්සුන්ගේ සල්ලි නේද මේ නාස්ති කරන්ඩ යන්නේ?

:       84       1113

ONE SRILANKAN Tuesday, 27 June 2017 02:59 PM

දත්දොස්තර ඇමති තුමෝ අහිංසක ජනතාව රවට්ටන එපා මේක කරන්නේ රටට ආදරේට නෙවිල් දොස්තර සීයේ කඩේ කට්ටියට සයන පුහුණුව දෙන්න ,,නමුත් ජනතාවගේ බදුමුදලින් නඩත්තු කරන්න ,,,නෙවිල් සීයාගේ සල්ලි නොවිනේ ලංකා බැංකු නයනේ ,,ලංකා බැංකුව කියන්නෙත් හැජනතවගේ ආයතනයක් ..මේවා ඉතා පහත් බල දේවල් ,,නෙවිල් මමට රෝහල තියාගන්න කියල ගන්නකො සෛටෙම් දොස්තර කඩේ රජයට...ඔබල වගේ උදවිය පාර්ලිමේන්තු යවපු මිනිස්සු තමා වැරදී කාරයෝ ,,නෙවිල් සීය ජනාදි පතිටවත් අඩංගු නැති ..ගුණගරුක නොවන මනුස්සයෙක්..සීය කොටිය ගානේ දෙමාපියන්ගෙන් ගනී...එයාගේ රෝහල ජනතා මුදලින් නඩත්තුකර සායනික පුහුණුව නිකන් දෙන්න එක නයය ගෝනියක් කියන්නේ හරියට පිනට දුන්න වේගේ ...ජනතාව ගොනාට අන්දන්න එපා දත් දොස්තර මාමේ ....මේවා ජාතික අපරාද

:       123       1015

dumindaWednesday, 28 June 2017 06:47 AM

එතකොට මිනිස්සුන්ට නොමිල බේත් ගන්න තව හොස්පිටල් එකක් වැඩිවෙන එක ගැන මොකද කියන්නේ, සයිටම් ළමයිට විතරක් නෙවි , රජයේ වෛද්‍ය විද්‍යාල වලට යන ළමයින්ටත් මේ හොස්පිටල් එක වටිනවා .. මෝඩ අදහස් සමාජ ගත කරන්න එපා

:       0       0

buddika Tuesday, 27 June 2017 05:36 PM

කඩේ ආණ්ඩුවේ, කැෂියර් එක නෙවිල්ගේ, කැස්සකට වත් ලංකාවේ රෝහලකින් බෙහෙත් නොගන්න ඇමැතිලාගේ නුල් සුස්තරේ හරි හැටි තේරුම් ගන්න, මේ ට්‍රෝජන් අශ්වයාට නොරැවටෙන්න

:       1       213

disanayaka Tuesday, 27 June 2017 06:55 PM

සිඅලු රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීට ඇතිකලහැකිනම් එය අගනා වැඩකි.නමුත් කුණු ප්‍රශ්නයවගේ එයත් රජය පස්සට අදීනම් වැඩක් නොවේ.නමුත් පයබරවායට පිටිකර බෙහෙත් බදිනා වැනි විසසදුම්වලින්ද පලක් නොවේ.උද්ගෝෂණ කරනවිට විසදුම් දිය යුත්තේ උද්ගෝෂකයන්ට අවශ්‍ය දේ ලබාදීම නොවේ.කල්නොමරා ඒ සදහා ගතයුතු බුද්දීමත්ම සහ රටේ සංවර්දනය දිරිගැන්වීමට මගපාදන නිසි විසදුම් ගැනීමයි.

:       0       1

Shamila De Mel Tuesday, 27 June 2017 09:52 PM

වැඩිවැඩියෙන් ආණ්ඩුවේ සල්ලිවලින් දොස්ටරලා බිහිකරන්න. ඔක්කොම රජයට පවරගන්න. ඒගොල්ලෝ හොඳ පඩි වලට රට යයි . දොස්ටරලටම ගිය රට !

:       5       44

sadun Wednesday, 28 June 2017 01:39 AM

බැංකුවකින් ණයක් අරන් හැදුව කියල ඒවා රජයට ඕන විදියට පවරගන්ඩ බැහැ. එහෙම ගියොත් තව ටික දවසකින් ගෙදරක් හදන්ඩ මිනිහෙක් මහජන බැංකුවෙන් ණයක් අරගත්තත් ගමේ තරහ කාරයෝ අකමැති කියල රජයට පවරගන්ඩ වැඩ පටන් ගනී. රටේ නීතියක් තියනවා .

:       0       37

ලුම්බිණි Wednesday, 28 June 2017 03:45 AM

මේකෙන් පෙනෙන්නේ රජය දොස්තරලට යටත් උන බවක්. මේක රජයට ගන්නවා කියන්නේ රටට තවත් බරක්. කල යුත්තේ තවතවත් පුද්ගලික වෙද විදුහල් අරින එක සහ ඒ මගින් මෙවැනි රෝහල් නඩත්තු කරන එක. රෝගියෙක් බලන්න ආපු කෙනෙක් දොස්තර කෙනෙකුට ගහල ඒ දොස්තර මියගිය බවක් (ඕස්ට්‍රේලියාවේ) අද පුවත් වල තිබුන. දොස්තරලගේ සංවිධාන කිසිවක් වර්ජන වලට ගියේ නැහැ. රෝහල් වලට වැඩිපුර ආරක්ෂාව ඉල්ලුව. ලංකාවේ මේක උනා නම් කොහොමද?

:       55       114

wedage Wednesday, 28 June 2017 05:02 AM

මෙම රෝහලට සහ සයිටම් පක්සව කතා කරන අය මෙම රෝහලෙන් බෙහෙත් ගන්නේ නෑ ඔවුන් මැලේසියාවේ හෝ ඇමෙරිකාවේ රෝහල් වලට යන්නේ මොකද

:       31       103

SajithWednesday, 28 June 2017 06:12 AM

සල්ලි දීලා අරගෙන... වෙන්නැති.... ඒ මැරෙන්න බය නිසාද?

:       0       0

kumar (galf) Wednesday, 28 June 2017 05:34 AM

මේ රෝහලත් රජයේ රෝහලක පහත් තත්ත්වයට වනසලා දමාවි. මේ රෝහලට දේශපාලකයන්ගේ අතකොළුවන් දාලා වර්ජන කරලා බෙහෙත් හා උපකරණ හොරකම් කරලා මේක ඉවරම කරලා දමාවි....

:       0       0

yashodhara ( abardin medical fac. scotland ) Wednesday, 28 June 2017 05:40 AM

රෝහල රජයට පවරා ගැනීම ප්‍රශ්නයට පිළිතුර නොවෙයි... ඔය සයිටම් කියන ආයතනය රජයට පවරා ගන්නේ නැත්තේ ඇයි...?

:       0       16

ONE SRILANKAN Wednesday, 28 June 2017 06:56 AM

සියල්ල දත් දත් දොස්තර මාමේ ,,,රටේ ණයබර ට්‍රිලියන් තියෙද්දී මොකද තව ණයබරක් ගන්නේ ,,ඔය මුදලින් හදන්නකෝ තවක් රජයේ මෙඩිකල් කොලෙජ් එකක් ...එකකොට මේ පෙළපාලි නිසා ට්‍රැපික් නිසා ...නාස්තිය නිසා සිදුවන ..සියලු මුදල් ඉතිරිවෙනවා නොවේද ,,,,මේක තවත් මහජනයාට බරක් ,,,,මේ ජාතික අපරාදය කොරන්ඩ එපා බලධාරිනි ....

:       0       4

Susil Wednesday, 28 June 2017 07:04 AM

අපරාදෙ මේ ආණ්ඩුව පත්වුනේ, අප්පච්චි හිටියනම් මෙලහකට සයිටම් දොස්තරල බැච් දෙකක් විතර පිටවෙල. එකෙක්වත් 'හ්ම්' කියන්නෙ නෑ..

:       2       0

wasanjaya Wednesday, 28 June 2017 09:57 PM

මේ වැඩෙන් ප්‍රමිතියක් නැතුව බිහිවෙන්න හිටපු වෙද්දු නිකම්ම රජයේ වෙද්දු බවට පත් වෙනවා දැනට එහි ඉගෙන ගන්න ඇඩ්වාන්ස් ලෙවල් වලට ආර්ට්ස් කරපු අයත් නිකම්ම එම් බී බී එස් දොක්ටෙර් වෙනවා කොහොමද ටිකිරි මොලේ

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 42 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 31 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 184 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 184 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 717 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 217 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1623 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site