ටෝනි කරුණානායක 
 
ව්‍යාජ ප්‍රංශ ගුවන් ගමන් බල පත්‍රයක් උපයෝගි කරගෙන කටුනායක ගුවන්තොටුපොලින් තුර්කිය හරහා නෙදර්ලන්තය බලා ගිය ගුවන් මගියෙකුව මෙරටට පිටුවහල් කර එවා ඇත.
 
එම මගියා කටුනායක ගුවන්තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන  අද (7) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
 
සැකකරු රුපියල් 10000 මුදල් ඇපයක් හා  ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය නියම කළාය.
 
නමුත් ඇප කොන්දෙසි සපුරා ලීමට නොහැකි වීම හේතුවෙන් ඇප කොන්දෙසි සපුරාලන තෙක් සැකකරු රිමාන්ඩ් බාරයට පත්  කෙරුණි.