(විනීතා එම් ගමගේ)
 
මැතිවරණයේ නිහඩ කාල සීමාව තුළ එනම් 7 වැනි දා මධ්‍යම රාත‍්‍රියේ සිට අද (9) උදෑසන තෙක් කාලය තූල නීති විරෝධී ප‍්‍රචාරණ කටයුතු ඇතුළු මැතිවරණ නීති උල්ලංඝණයන් පිළිබඳ පැමිණිලි 45ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. 

බරපතල ගණයේ පහරදීමේ සිද්ධියක්, පහර දිමේ සිද්ධීයක්, නීති  විරෝධී ප‍්‍රචාරණ පිළිබඳ  පැමිණිලි 20 ක්, දේශපාලන අරමුණු ඇතිව සංග‍්‍රහ  කිරීම් 7 ක්, මෙන්ම නීති විරෝධී රැස්වීම් හා පෙළපාළි දෙකක්  පිළිබඳ පැමිණිලි ද මේ අතර වෙතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය. 

මෙම සිද්ධීන්වලින් එක් අයෙක් රෝහල් ගත වී ඇතැයි කී ඒ මහතා මේ සිද්ධීන් සියල්ල තම නිරික්ෂකයන් විසින් තහවුරු කොට ගෙන ඇතැයි ද පැවැසීය.