IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නිවසට ආ මහජන සෞඛ්‍ය පරීක්ෂකට පිහියෙන් අනී

සමන් විජය බණ්ඩාර

රඹුක්කන කඩිගමුව කැබැල්ලවත්ත ප‍්‍රදේශයේදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට අද (4) පස්වරුවේ තියුණු ආයුධයකින් ඇනීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව රඹුක්කන පොලිසිය පවසයි.

කඩිගමුව වසමේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට සිදු කර ඇති පිහි ඇණුමෙන් ඔහුගේ එක් පාදයකට සුළු තුවාල සිදු වි ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මේ වන විට රඹුක්කන රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.


සිද්ධිය සිදු වි ඇත්තේ එම වසමේ නිරෝධායනය ලක් වී ඇති නිවසකට ජලය නොමැති බව එම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කිරීමෙන් පසුව එම නිවසට ජල බවුසරයක් ගෙනවිත් ජලය ලබා දිමෙන් අනතුරුව බවුසරයේ ඇති ඉතිරි ජලය අසල්වාසි ජලය නොමැති නිවෙස් වලට ඉල්ලීමකට අනුව ලබා දි ඇත.

එහිදි කඩිගමුව වසමේ මෙම මහජන පරික්ෂකවරයා එම ප‍්‍රදේශයේ තවත් නිවසකට ජලය ලබා ගන්නැයි එම නිවසට ගොස් පවසද්දි ඔහුට කිසිදු හේතුවක් නොමැතිව දිගෙන් දිගටම බැණ වැදීම නිසා ඒ සම්බන්දයෙන් රඹුක්කන පොලිසියද දුරකථන මාර්ගයෙන් එම මොහොතේ දැනුවත් කර ඇති අතර එම අවස්ථාවේ මෙම තියුණු ආයුධයකින් පහර දිම සිදු කර ඇති බව වාර්තා වේ.

පිහි ඇණුම සිදු කරන ලද සැකකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිමට පරීක්ෂණ පවත්වයි.

තුවාල ලැබු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා රඹුක්කන රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් කකුලට අමතරව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ වෙනත් ප‍්‍රදේශවලද සිරිම් තුවාල ඇති බවත් එය බරපතල තත්වයේ නොවන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
 



අදහස් (10)

නිවසට ආ මහජන සෞඛ්‍ය පරීක්ෂකට පිහියෙන් අනී

de silva Saturday, 04 April 2020 03:34 PM

මානසික පීඩනය...

:       84       21

ලසන්තSunday, 05 April 2020 01:27 AM

සිල්වාගේ අදහස නිවැරදියි.එය වැරදියි කියා ඩිස්ලයික් 77 ක් දැමූ අයත් මානසික රෝගියෙක් හෝ රෝගීන් පිරිසක් බව කිවයුතුය.

:       0       1

RanilSunday, 05 April 2020 03:10 AM

පීඩනයට වත් මනසක් නැති අයෙක්.

:       0       13

lalithm Saturday, 04 April 2020 04:10 PM

රාජකාරියක් කරන කෙනෙක්ට පිහියෙන් ඇනීම කොහොම වෙතත් බාධා කරත් නීතියෙන් පිළිසරණක් නැති බව තරම් නොදන්නා මෝඩයින් 21 සියවසේ ලංකාවෙන් තුරන් කල යුතුයි. මෙවැනි කාලකන්නින් නිසා රටම අඳුරට යනවා. සමාජයෙන් තුරන් කල යුතුමයි .

:       3       299

janisSunday, 05 April 2020 05:45 AM

මේ ඩිස්ලයික් කරන මෝඩයින් මොනවා කල්පනා කරන අයද මන්දා ?

:       0       36

sampath Saturday, 04 April 2020 04:43 PM

වාර්තාවෙන විදියට වතුර ගන්න කිව්වම පිහියෙන් ඇනල මේකේ මොකක් හරි වෙන දෙයක් ඇති කෙසේ උනත් මෙවෙන්නක් වීම කනගටුදායකයි නමුත් මේ වෙලාවේ හැමෝම ඉන්නේ පීඩනයෙන්.

:       0       2

Champa Saturday, 04 April 2020 05:00 PM

මිනිස්සුන්ට කොරෝනා හැදෙන්න ඉස්සෙල්ල පිස්සු හැදිලා.

:       0       0

ලුම්බිණි Sunday, 05 April 2020 12:40 AM

අපේ ආගන්තුක සත්කාර වෙන රටවලට වඩා පොඩ්ඩක් වෙනස්.

:       0       0

අතුල Sunday, 05 April 2020 12:42 AM

මේවා අද රටේ පවතින දේශපාලනයේ වැරදි. ඔවුන්ගෙන් 99% ක්ම රටේ නීතියට ගරු කරන්නේ නැහැ. නීතියට ඉතා දරුණු විදියට බලපෑම් කරනවා. ඒ ආදර්ශය තමයි ඔවුන්ගේ ගෝල බාලයින් අරගෙන තියෙන්නේ.

:       0       4

Rohana Sunday, 05 April 2020 06:39 AM

මොහුට මානසික රෝගයක් තිබේද බලන්න ? එසේ නො‌වේනම් දඩුවම් කළ යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 97 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 247 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 57 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 792 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 216 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 261 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1702 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site