IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නාවික හමුදාපති ලෙස ට්‍රැවිෂ් සින්නයියා පත් කරන්න යයි

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
 
නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කරන රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතය. හෙට දිනයේ ජනාධිපතිවරයා විසින් ඔහුට පත්වීම් ලිපිය ලබා දෙනු ඇතැයි දැනගන්නට තිබේ.
 
සින්නයියා මහතා යුද සමයේ එල්ටීටීඊ යුද නැව් විනාශ කිරීමේදී සහ යුද නැව් අත්අඩංගුවට ගැනීමේදී තීරණාත්මක මෙහෙයක් ඉටු කර ඇතැයි නාවික හමුදාවේ ආරංචි මාර්ග කියයි. පසුගිය රජයේ අවසාන කාලයේදී ඔහු දේශපාලන පළිගැනීම්වලට ලක්වූවකු බව ද එම ආරංචි පවසයි.
 
මාධ්‍යවේදියකුට පහර දුන්නැයි එල්ල වූ චෝදනා නිසා නාවික හමුදාපති විජේගුණරත්න මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ග නොකරන ලෙස ජනමාධ්‍ය සංවිධාන ඉල්ලීමක් කර තිබිණි.



අදහස් (16)

නාවික හමුදාපති ලෙස ට්‍රැවිෂ් සින්නයියා පත් කරන්න යයි

ranavi Thursday, 17 August 2017 07:23 PM

එකටත් කියයිද දන්නේ නෑ දෙමළෙක්ව නාවික හමුදාපති කරලා රට කොටියට දුන්න කියල.

:       211       164

sachith Thursday, 17 August 2017 11:15 PM

අද සිට සමාජ මාද්‍ය වල ජාතිවාදය අවුස්සන පුද්ගලයන්ට හොද පුවතක්. ඔවුන්ට අනුව වෙනත් කිසිම ජාතියකට අයත් පුද්ගලයෙක් මේ රටේ වැදගත් තනතුරකට පත් වෙන්න බෑ.

:       254       235

saman Friday, 18 August 2017 01:13 AM

කඩේ යන්න ගිහින් අන්තිමට තමන්ගේ තනතුරත් නැති කර ගත්ත නේද? ගණන් ගන්න එපා ඔය වගේ මැර වැඩ කරන අයට අද කාලේ හොඳ ඉල්ලුමක් තියනවා ඒක නිසා නොවැරදීම තානාපතිකමක් වත් ලැබෙයි

:       32       74

anura Friday, 18 August 2017 09:32 AM

මාධ්‍යවේදීන්ට ගහපු එකට දඬුවම සේවාකාලය අවසන් වූ පසු සේවා දිගුවක් නොදීමයි. බැංකු වංචාවට දඬුවම සේවාකාලය අවසන් වූ පසු සේවා දිගුවක් නොදීම... අල්ලසක් ගැනීමට දඬුවම පාර්ලිමේන්තුවේ ඉදිරි පෙලෙන් පසුපෙලේට මාරු කිරීම. අපේ රටේ අධිකරණ, පොලිසි තියෙන්නේ මොකටද මන්දා ...

:       0       1

sathyayaa Sunday, 20 August 2017 11:37 PM

මහා බැංකු හොරකමේ හොරාට පාර කපපු පුද්ගලයින් රට කරවන යුගයක අනෙක් අය ගැන කුමන කතාද?

:       0       1

බුද්ධික Friday, 18 August 2017 02:11 AM

ඔන්න සමහරු දැන් මේකටත් කෑ ගහන්ඩ පටන්ගනී දෙමළ ජාතිකයෙකුට නාවික හමුදාපති කම දුන්නා කියලා. කෝ මේ බොදු බලේ? පරක්කුයිනේ

:       375       277

samarageFriday, 18 August 2017 03:58 AM

අනේ බුද්ධික දැන් මෙතන ජාතිවාදයක් අවුස්සන්නේ ඔයාම නේද. නම මන්දබුද්ධික කියලා මාරුකරගත්ත නම් හොඳයි.

:       144       341

බුද්ධික Friday, 18 August 2017 05:12 AM

මන්ද බුද්ධික වැඩ කරන්නේ ඔය බොදු බල කාරයෝ ම තමයි. කෙළින්ම මාධ්‍යයට නොකිව වුණාට ඒගොල්ලන් කතා කරන්නේ ඒ විදිහට. දමිළ ජාතිකයෙක් අගවිනිසුරු වුණාමත් ඔවුන් එහෙම කිව්වා. පස්සේ කතෝලිකයකු අගවිනිසුරු වුණාමත් තැන් තැන්වල දොස් කියන්නේ ඔය බොදු බලේ මන්ද බුද්ධිකයන්ම තමා.

:       553       318

SARAFriday, 18 August 2017 04:12 AM

මන්ද බුද්ධික හැමදේටම සහ ඕන දෙටියි එපා දේටයි බොදු බලේ අල්ලගන්න එපා අනික මේ රටේ මේවගේ හරි ගොඩක් දේවල් රැකිලා තියෙන්නේ මහා සන්ගරත්නය නිසා එක මතක තියාගන්න ඔයාල තමි නිකන් ප්‍රසන ඇති කරන්නේ බොදුබල සේනාව 100% හරි කියනවා නෙමෙඉ , නමුත් යම් දීවල් සත්‍යතාවයක් තියෙනවා එකෙත් ගතයුතු දේවල් තියෙනවා නම බුද්ධික උනාට බුද්ධියක් ඇත්තෙම නැහැ. පොඩ්ඩක් බුද්ධියෙන් වැඩකරන්න

:       322       803

ජයන්ත මිලානෝ Friday, 18 August 2017 04:26 AM

හොඳ ප්‍රවනතාවක් ජාතිබේද අවශ්‍ය නැ සිංහල ,දෙමළ ,මුස්ලිම් අපි ඔක්කොම රටේ පුරවැසියන් .

:       1       114

rohan Friday, 18 August 2017 04:41 AM

මල බද්දයට හොද මාතෘකාවක් දැන් යයි ලෝකේ වටේ............

:       110       226

rahulFriday, 18 August 2017 06:13 AM

ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ කියන්නේ කොටින් අතින් මරුම්කාපු සිංහල නොවෙන නමුත් සිංහලයන් සමග එකට ජීවත්වුණු කෙනෙක්. ඔහුට රටේ අගමැති වෙන්න තිබුන තැන නැති කරේ සිංහලයන් නෙවෙයි. ඔබේ ඔය කතා ගිහින් කොටින්ට කියන්න. අවාසනාවකට මෙන් මේ රටේ 70% ජනගහනය සිංහල වීම නිසා ඔබට හිතට අමාරුවක් ඇත්නම් ටමිල්නාඩුවට යන්න. එතකොට ඔබටත් මෙහි අඬාවැටෙන අනෙකුත් කොටි හිතවාදීන්ටත් සිංහලයන් නොපෙනී ජීවත් වීමට පුළුවන් වනු ඇත.

:       3       226

boru Friday, 18 August 2017 09:25 AM

සිංහල බෞද්ධයෙක් නිසා කමක් නැහැ.

:       1       0

කුමාර Friday, 18 August 2017 09:38 AM

මෙතන කිසිම මනුස්සයෙක් මෙතුමාගේ ජාතිය ගැන මුකුත් කියල නෑ. නමුත් සිංහලකමට වෛර කරන කට්ටියක් කවුරුවත් නොකිව් දෙයක් ගැන මෙතන ගොඩක් කියවනවා. ඔවුන්ට නුවන පහළවේවා කියල තමයි කියන්න තියෙන්නේ.

:       0       121

CHANDA Friday, 18 August 2017 02:40 PM

අපේ රටේ පසුගිය වසර තිහකට මෙපිට කාලය තුල අපේම රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කල සේවය සමච්චලයට ලක් කරන අසමත් ජාතින් සිටීම ගැන කණගාටු වෙමි.

:       0       1

de silva berlin Saturday, 19 August 2017 09:38 PM

රට ජාතියට සේවය කරන ට්‍රිවිධ හමුධ නිලධාරීන්ට උසස් වීම් දීමේදී , ඔවුන්ගේ ජාති ආගම, කුල -මල , පක්ෂේ වැනි සාධක සලක බලන්න අවශ්‍ය නැහැ , අනිත් කරණය තානාපති සේවයේ කිසිම අත්දැකීමක් නැති පුද්ගලයන් තානාපති වරුන් වශයෙන් පත්කලහම ඔවුන් එම විෂය ගැන කිසිම දැනුමක් නැති නිසා ඔවුන්ට නිසි සේවයක් රටට කරන්න නොලැබීමෙන් රටට සිධුවන පාඩුව කියා නිම කල නොහැක , ඇමෙරිකාව , එංගලන්තය , ජර්මනිය වැනි රටවල් අඩුම තරමේ අවරුදු 20 වත් විදේශ සේවයේ පළපුරුද්දක් නැති කෙනෙක් තානාපති කෙනෙක් වශයෙන් පත්කරන්නේ නැහැ .එම රටවල තානාපති සේවයට ඇතුල්වෙන්න එම සේවය සම්බන්ධ ව විශ්වවිද්‍යාලයක උපාධියක් සම්පුර්ණ කර තිබිය යුතුය , එම රටවල් ආණ්ඩු මාරු වුන කියල තානාපතිවරු මාරු කරන්නේ නැහැ , ඔවුන් රජයේ සේවකයන් ,විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් , උසස පෙළවත් සමත් නැති පරණ දේශපාලකයන් සහ රටේ පාලකයන්ගේ හිතවතුන් වැනි පුද්ගලයන් තානාපති වරුන් වශයෙන් පත්කළ යවන්නේ අපි වගේ තුන්වෙනි ලෝකයේ දුප්පත් රටවල් , මම කල්පනා කල යහපාලන රජය අවට පස්සේ රනිල් වික්‍රම සිංහ මහතා වැනි රට රටවල් වල ඇවිද්ද ලෝකය ගැන යමක් දන්නා උගත් කෙනෙකු , මෙම තත්වය වෙනස් කරවී කියල නමුත් රටේ අවසනාවකට එහෙම වුනේ නැහැ , අපි තවම යන්නේ පරණ ක්‍රමයට ,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 42 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 106 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 149 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 299 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 679 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 873 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site