Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවෙන්, ගිනිගත්හේන නගරයට බලපෑ නායයාමේ අවදානම් තත්ත්ව හේතුවෙන් නගරයේ වෙළඳසැල් 7ක හිමියන් සහ සේවකයන් අද (13) ඉවත් කිරීමට පියවර ගත් බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසීය.
ගිනිගත්හේන නගරයේ කොළඹ මාර්ගයේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මුද්‍රණාලයක් තුළට අද පස් කන්දක් කඩා වැටීමෙන් මුද්‍රණාලය සහ ඊට පහළ මහලේ වූ ඖෂධ වෙළඳසැලක සේවකයින් ඉවත් කිරීමට පියවර ගත් බව සභාපතිවරයා කියා සිටියේය.
ගිනිගත්හේන නගරයේ මීට ප්‍රථම නාය ගිය සහ නායයමේ අවදානමට ලක්ව ඇති වෙළඳසල් 42කට අමතරව තවත් වෙළඳසැල් 7ක පිරිස ඒවායින් ඉවත් කළ බවද ඔහු කීය.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ නායයාමේ දැඩි අවධානමක් පවතින නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය නොකර විකල්ප මාර්ග ඔස්සේ රථ වාහන ධාවනය කරන ලෙස අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඉල්ලා සිටියේය.
රජින්ද Tuesday, 13 August 2019 11:36 AM
කදුකරයේ අසිරිය වනසන කඩ මාෆියාව සොබාදහමේ නියමයෙන්වත් මෙහෙම ඉවත්වෙන එක හොදයි. දේශපාලන බලපෑම් නිසා අනවසරයෙන් තනා ඇති මේ කඩවල් නිසා කදුකරයේ සුන්දරත්වය මෙන්ම ආරක්ෂාවද කෙලෙසයි. ඒ නිසා මේ කඩවල් තැන තැන ඉදිකිරීමට අවසර නොදී, එක් ප්‍රදේශයක් තුල මේවා විධිමත්ව ඉදි වෙත්වා...!!!
Reply : 0 234
maheshika Tuesday, 13 August 2019 04:14 PM
ඒ මදිවට තාප්ප පුරවල පුද්ගලික පන්ති ගුරුවරුන්ගේ පෝස්ටර්ස්. රටේ සුන්දරත්වයට වින කරන එක කොටසක් තමයි මේ ටියුෂන් ගුරාලා. අනිත් කට්ටියත් දැන් වැඩ පටන් අරන්... දේශපාලකයෝ ටික පෝස්ටර්ස් ගහන්න ගත්තම හැමතැනම ඉවරයි. ඒ මදිවට උන්ගේ තඩි මූණවල් විශාල ප්‍රමාණයේ කට් අවුට්වල...
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.