ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා , විමල් වීරවංශ  මහතා සහ ඔහුගේ  බිරිඳ ශෂි වීරවංශ මහත්මිය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන්  ඔවුන්ගෙන් මෙසේ ප්‍රකාශ සටහන්  කර ගැනීමට නියමිත බවද  ඔවුන් සඳහන් කළේය.
 

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී  මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ ඝාතන  කුමන්ත්‍රණ නඩුව  අද (16)  කැඳවු අවස්ථාවේදී කරුණු දැක්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොවුන් තිදෙනාද  කැඳවා ඇති බවද අධිකරණයට  දැනුම් දුන්නේය.

 

(36698)